ISEE කියන්නේ මොකක් ද?

l’indicatore della situazione economica equivalente යම් පුද්ගලයෙකුගේ හෝ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ ආදායම හා වත්කම් සැලකිල්ලට ගනිමින් එම පවුලේ ආර්ථික තත්වය විදහා දක්වන ලේඛනයකි. වෙනත් විදියකින් කියන නම්, ජනතාවගේ ආදායම් විෂමතාවය සැලකිල්ලට ගනිමින් වැඩියෙන් උපයන පුද්ගලයා වැඩියෙන් ගෙවීමටත්, අඩුවෙන් උපයන පුද්ගලයා අඩුවෙන් ගෙවීමටත් ඉතාලිය විසින් තම ජනතාවට ලබා දෙන මහගු සහනයකි. ISEE හැදුවාම යම් වාසියක් තිබෙනවා ද? කාට ද හදන්න පුලුවන්? ඔව්, මේ රට තුලදි ඔබට සහන, පහසුකම් රැසක් ලබා ගැනිමට පුලුවන්.

ආර්ථික වාසී

  • පාසල් (මේකෙන් ලැබෙන ප්‍රධානම වාසි වලින් එකක් තමා පාසල් යන ලමයින්ට ලමයි ඉන්න අයට ගෙවිමට සිදුවන පාසල් කෑම බිල (milano ristorazione)ගණනය කරන්නේ isee අගය මත. ISEE අඩු අයට ඉතා කුඩා මුදලක් ගෙවීමට හැකිවීම.
  • විශ්ව විද්‍යාලයට ඇතුලත් වන ශිෂ්‍යයන්ටත් ISEE අගය යූරෝ 13000 දක්වා ගෙවිය යූත්තේ වාර්ෂික ලියාපදිංචි ගාස්තුව වන යූරෝ 150කි. එසේම අඩු ආදායම් ලාභී සිසුන්ට ලබා දෙන ශිෂ්‍යත්ව සදහා අයදුම් කිරීමටද ISEE අවශ්‍ය වෙනවා.
  • රජයෙන් ගැසට් කරන සහන ලබා ගැනීමට(Dote scuola, Dote sport, Nido Gratis, Carta acquisti, Bonus Bebè, Riduzione per l’iscrizione scuola superiore e per la gita scolastica)
  • රෝහල් (යම් ගෙවීම් වලදි)
  • පොදු ප්‍රවාහන (abbonamento ව සැදිමේදි)
  • යම් බදු ගෙවීම් වලදි ඔබට එයින් කොටසක් හෝ යම් ප්‍රමානයක් ගෙවීම.
  • ISEE අගය අඩු අයට bonus luce e gas ගෑස් වලටද ඉල්ලුම් කල හැක.
  මෙය ඉතාලිය තුල නීත්‍යානුකුලව සිටින රැකියාවක් කරන නොකරන (disoccupazione දාපු අයටත්) මෙක හදාගන්න පුලුවන් … මෙය සදාගැනිම තුලින් ඔබව යම් ආදයම් බද්දකට හෝ යම් ගේවිමකට අසුනොවේ. මෙයින් ඔබට ලැබෙන සහනයන් වැඩි වේ ඔබට ලැබෙන අගය මත.

ISEE එක හදන්න මොනාද උවමනා වෙන්නෙ? කොහෙන්ද හදන්නේ? එහි වලංගු කාළය?

  1. ISEE එක හදන්න ඔබගේ සියලුම ලියකියවිලි අවශය්‍ය වේ. (රැදිසිටිමේ බලපත,ඉතාලි හැදුනුම්පත, codice fiscale)
  2. Stato di famiglia (autocertficazione)
  3. cud,730, unico (පසුගිය වර්ශයේ)
  4. ඔබ කුලියට හෝ නිවසක් මුලදිගෙන තිබේ නම් එහි විස්තර (contrato di afitto or Atto di compravendita)
  5. ඔබට යම් වාහනයක් ඇති නම් (atti di proprieta autoveicoli. Targa or estermo di regitazione)
  6. Saldo di conto corente e giaccenzia media (බැංකුවෙන ලබාගන්න ඔබසියලුම වත්කම් ගැන වාර්තාවක්)
  7. Certificato di invalidita o handicap or percentuale (පවුලේ යම් ආබදිතකෙනෙක් සිටි නම්)
ඔබේ පවුලෙන් ඔබෙන් යැපෙන්නන් ප්‍රමානය වැඩි නම් ISEE අගය අඩුවේ එය ඔබට වාසිදායකය. මෙය සදාගැනිමට ඔබ centro assitenza fiscale( CAF ) or Patronato කෙනෙක් ලගට යාමට සිදුවේ. වර්ශය මුල සාදන ලියවිල්ලක් නිසා (වර්ශය මැද ද සදාගැනිමට පුලුවන් ඒ වගේම ගිය වර්ශයේ සමහර අයට මෙය මාස 6 ලැබි ඇත. (ඔවුන්ට අජොර්න්මෙන්තුවක් කරගැනීමට හැකිය). අවුරැද්දක් පුරාවට වලංගුභාවය ඇත.මෙය සදාගැනිමෙන් ඔබට ලැබෙන වාසි වැඩි ඒ නිසා හැකි හැමකෙනෙක්ම මෙය සදාගන්න.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *