2020 වතු වීසා (ස්පෝන්සර් කැල්ල ඉස්සරහට දාගෙන තමා මිනිස්සුන්ව අන්දන්නේ)
ඉල්ලුම් කරපු ප්රමානයෙන් අතේ ඇගිලි ගානටත් අඩු සංඛයාවකට තමයි වීසා ලැබුන ශ්රී ලාංකීකයින් ඉන්නේ. වතු වීසා කියන්නෙ ඉල්ලුම් කරන ප්රාමානයෙන් බහුතරයකට නොලැබෙන වීසා වර්ගයක්. මේ කෝටාවට රටවල් විශාල ප්රමානයක් ඉල්ලුම් කරන්වා. (වතුවීසා කියන්නෙ මොකක්ද කියලා මිටපෙර ලියා තියෙනවා ) 2020 වීසා ඉල්ලුම්කරපු ඔබට එය ලැබෙයි ද නොලැබෙයිද කියලා අපට කියන්න අමාරුයි. බලාසිටිමට සිදුවේ.ලබාදෙන වීසා ගැන සදහනක් ඇතිතැනක් සොයාගැනිම ඉතා අපහසුවේ.
මතක තියාගන්න වීසා ඉල්ලුම් කරද්දි ලැබෙන රිසිට්පත (මෙක අපේ අය Edit කරලා හොරට හදලා දෙනවා) ලබාදුන් සැනින් ඔබට විසා ලැබෙයි කියා විශ්වාස නොකරන්න. මේ දිනවල ඒවගේ හොරට හදපු රිසිට් පත් කිහිපයක්ම දකින්න ලැබුනා. ඉන් කිහිපයක් මේ සමග පලකර ඇත.
මීලානෝ ඉන්න පිරිමි කෙනෙක් 24 දෙනෙක්ගෙන් ලක්ශ දෙකහාමාර ගානේ අරන් තියෙනවා. ඒ පුද්ගලයාගේ ලංකාවේ ඉන්න වයිෆ් තමා වැඩේ කරන්නේ,වේරෝනා ඉන්න ගැහැනු කෙනෙක් ලක්ශ 4 ගානේ 8 දෙනෙක්ගෙන් අරන්. මේ සතියේ අහන්න ලැබුන සිදුවීම් කිහිපයක් මේ. (මිට වර්ශ 2 කට පෙර මේ මුදල් ලබාගෙන ඇත්තේ) මේ ඉන්න හොරැන්ගේ 2ක් පමනයි. මිට වඩා හොරු ඉන්නවා. සමහර චරිත ගැන අහද්දි විශ්වාසකරන්නත් බැ. ඒ තරමට සමාජයේ සුදු ඇදන් ඉන්න චරිත. මේ දිනවල සිදුවන අලුත්ම වංචාව තමයි කිහිපදෙනෙක් එකතු කරගෙන ඒ අයගේ සල්ලි අරගෙන මාස 6 , අවුරැද්දට ෆික්ස් ඩිපෝසිට් දාන එක.
ඔබ සිතනවානම් ඔබ ඉතාලියට පැමිනිම ගැන අපට ඉරිසියාවක් ඇතෙයි කියා, නැත. හැකි හැම කෙනෙක්ම එන්න. හැබැයි දැන් එන්න ඉස්සරතරම් ලේසී නැ. වීසා හදන්න ක්රමයක් නැ ෆැමීලියාර් ඇරෙන්න. දැන් තිබෙන නීති සමග එය කොතරම් අපහසුද කියා ෆැමිලීයාර් ඉල්ලුම්කරපු කෙනෙක් දන්නවා. සමහර අයට විසා නොලැබෙන නිසා උසාවියේ පිහිට පැතීමටද සිදුවෙලා තියෙනවා.
2020 වතුවීසා ඉල්ලුම්කරපු අයගේ සුදුකම්මත එය ලැබෙන නොලැබෙන එක තිරනය වෙනවා. කෝරෝනා නිසා එය නතරවෙලා කියලා කියන එක හොරුන්ගේ බොරුවක් (යම් ප්රමාදයක් තිබුනත් නතරවී නැත). එය ඉල්ලුම්කරපු පුද්ගලයාට හැරෙන්න වෙනත් අයෙක්ට එය පරික්ශාකල නොහැක.
අනෙකුත් කරුනනම් මේ දිනවල බීම,වතුර,පළතුරු,කර්මාන්තශාලා වලට වීසා ලබාදෙනවා කියන්නෙ පට්ට පල් අමුලික බොරුය. එවැනි නීතියක් ඉතාලි රජයෙන් නිකුත්කර නැත. ටූවරිස් වීසා එම්බසියෙන් ලබාදෙන්නේ නැත,student වීසා ද අතිමහත් බහුතරයක් එම්බසිය මගින් ප්රතික්ශේපවේ. 2021 අලුත්ම සෙල්ලම රැමේනියාව ශෙනගන් රටක් වෙනවා රැමේනියා එන්න ඉතාලියට එන්න පුලුවන්කියා.මේ දේවල් සුරංගනා කතා නිසා ඔබ ඊට හසුවිමට පෙර කිපවරක් සිතා බලන්න.
පිටු ගනන් ලියන්න පුලුවන් විස්තරයක් කෙටියෙන් ලියා ඇත. ඔබ පරිස්සන්වෙන්න. ඔබ දුක් මහන්සියෙන් උපයාගත් මුදල් හොරුන්ට පුජා නොකරන්න. ලබාදෙන මුදල් නීත්යානුකුලව ලබාදෙන්න. ඔබ ගැන මාහට ඉරිසියාවක් නැත හැකි හැමකෙනෙක්ම එන්න හොරුන්ට හසුනොවී. විශ්වාසය තැබිය හැකි කෙනෙක් සමග ගණුදෙනුව කරන්න. මතක තියාගන මේ වේලාවේ වීසා නීතියක් නොමැතිබව.