COVID-19 නිසා අලුත් වෙන ඉතාලියේ නීති පද්ධතිය

එන්නත් නිසියාකාරව ලබා ගත අය හෝ Covid-19 වැලදුනු අයට ලැබෙන super green pass එක බොහෝ සේවා සදහා අනිවාර්ය කර ඇත.

  • වයස අවුරුදු 50 වැඩි සියලු පුද්ගලයින් සදහා එන්නත් අනිවාර්ය කර ඇත. ( මෙය 2022 ජුනි 1 දක්වා බල පැවැත්වේ)
  • 2022 පෙබරවාරි 15 සිට සියලු රැකියා සදහා super green pass අනිවාර්ය කර ඇත (super green pass ලබා ගත හැක්කේ COVID වැලදුනු හෝ එන්නත් ලබා ගත් පුද්ගලයින්ට පමණි.
  • 2022 ජනවාරි 20 සිට බැංකු, Posta, වෙලදසල් සහ වෙනත් පෞද්ගලික සේවා සපයන ආයතන සදහා Green Pass අනිවාර්ය කර ඇත.
  • 2022 ජනවාරි 10 සිට සියලු ප්‍රවාහන සේවා සදහා Super Green Pass අනිවාර්ය වේ.
  • Nidi සහ Materna (පෙර පාසල්) එක් දරුවෙකු Positive නම් සියලු දෙනා සදහා දවස් 10 නිවසේ සිට Quarentena විය යුතුවේ.
  • Primarie (ප්‍රාථමික පාසල් ) 1 දරුවෙකු positive නම් Test Rapido හෝ Molecolare අනිවාර්ය අතර 2 ක් Positive නම් නිවසේ සිට අධ්‍යාපන කටයුතු සිදු කලයුතු වේ.(Didattica a Distanza)
  • Scuola Media සහ superiore මෙම පාසල් වල ඉගෙනුම ලබන දරුවන් 2ක් Positive නම් Test Rapido හෝ Molecolare අනිවාර්ය වේ. 3 ක් Positive නම් Super Green Pass ඇති අයට පමනක් පාසල් පැමිනිය හැකි අතර 4 ක් positive නම් සියලු දෙනා සදහා දුරස්ථ අධ්‍යාපනය අනිවාර්ය වේ. (Didattica a Distanza)
  • රැකියා සදහා දින 5 ත් 10 තුල සාධාරණ හේතු ඉදිරිපත් නොකරන සේවකයන් වැඩ තහනමකට ලක් කිරීමට සේවායෝජකයින්ට අවස්ථාවක දී ඇත. මෙය 2022 මාර්තු 31 දක්වා වලංගු වන අතර රැකියාව අහිමි කිරීම කල නොහැකිය. නමුත් එම කාලසීමාවට වැටුප අහිමි කිරීමේ බලය සේවායෝජකයාට හිමිවේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *