ෆැමීලියාර් එකට Affitto contract එකක් අනිවාර්‍ය ද? මොකක්ද Contratto Di Comodato කියන්නෙ?

Affitto Contract එකක් ඔබේ නමින්ම තිබිම අනිවාර්ය නැහැ. ඔබට Certificato Idoneita Alloggiativo එකෙන්ද ෆැමීලියාර් ඉල්ලුම්කල හැකිය. ෆැමීලියාර් ඉල්ලුම්කිරිමේදි එක පුද්ගලයකුට අවශ්‍යවේන වර්ග මීටර් ප්‍රමාණය.

  1. Abitante – 14 mq
  2. Abitanti – 28 mq
  3. Abitanti – 42 mq
  4. Abitanti – 56 mq

ඔබ certificato Idoneità Alloggiativo එක ලබා ගන්නේ, වෙනත් කෙනෙකු කුලී පදනම මත ලබාගත් ගෙයක  නම් S2 ෆෝර්මය ඉදිරිපත් කරන්න. ඒ වගේම නිවසේ හිමිකරුද ඔබ මෙම නිවස ෆැමිලියාරේ සදහා භාවිතා කරන බව දැනුවත් විය යුතුයි. කුලී ගිවිසුම හිමිකරුගෙත් ස්ථිර පදිංචිය එම නිවසේම තිබිය යුතුයි.

Contratto di Comodato කියන්නේ?

අද වන විට බෝහො නගරවල ෆැමීලියාර් ඉල්ලුම් කිරිමේදි මේය අවශ්‍යවේ. එහි අදහස ඔබට අවුරුද්දකට නොඅඩු කාලයකට එම නිවසේ නොමිලේ නවාතැන් දෙන බවයි. මෙම ගිවිසුම Agenzia delle Entrate හි රෙජිස්ටර්කල යුතුයි . යූරෝ 300 ක් පමණ වැයවෙනවා බදු , මුද්දර ගාස්තු හා එය පිලියෙල කිරීමට. ඔබ ෆැමීලියාර් ඉල්ලුම්කිරිමේදි ඔබට නිවසක් නැතිනම් ඔබ වෙන ස්තානයකින් certificato idoneità alloggiativo ලබාගන්නේ, එම නිවස හිමිකරුගෙන් ඒ අවස්ථාවේ දී ඔබට un Contratto di Comodato d’uso Gratuito එකක් අවශ්‍ය වෙනව. (බොහො CAF හා Commercialista කෙනෙක් මාර්ගයෙන් මෙය සකසාගත හැක)

එසේත් නැත්නම් ඔබගේ නමින්ම ගෙයක් කුලියට ගත යුතුයි. එවිට ඔබටම un Contatto di locazione එකක් හිමි වෙනවා. ඔබගේ නමින්ම Certificato Idoneità Alloggiativo එකත් ලබා ගත හැකියි.

මේ සියළුම අවස්ථා වලදී ඔබගේ ස්ථිර පදිංචියත් අදාල නිවසේම තිබිය යුතුයි. මීට කාලයකට කලින්නම් එහෙම අවශ්‍ය වුයේ නැහැ. එකම කොමුනියේ ස්ථිර පදිංචිය තිබ්ම පමණක් ප්‍රමාණවත් වුනා. මෙම Contratto di Comodato සහතිකය අවශ්‍ය වන්නේ ඉතාලියට පමනයි. ලංකාවේ ඉතාලි එම්බසියට Nullaosta භාරදිමේදි මෙය අවශ්‍ය නොවේ.

 

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *