ඉතාලියේ අනුමත කරන ලද එන්නත් වර්ග 4 කි.

ෆයිසර් – pfaizer – BionTech

මෙම එන්නතේ පලදායීතාව 94.6% පමන වේ. මෙම එන්නත 22/12/20 සිට ඉතාලියේ ලබා දීමට අනුමත කර ඇත. පලමු මාත්‍රාව ලබාගෙන දින 21 ත් 42 අතර දෙවෙනි මාත්‍රාව ලබා ගත යුතුය. මෙම එන්නත අවුරුදු 12 ත් 15 ත් අතර ලමුන් සදහාද අනුමත කර ඇත.

මෙමගින් ඇති වන අතුරු ආබාධ වනුයේ උණ බෙහෙත් විදින ලද අතේ අමාරුව යම් හෙයකින් වෙනත් අතුරු ආබාධ ඇති වුනහොත් පවුලේ වෛද්‍යවරයකු ඇමතිය යුතුයි.

මොදෙර්නා (moderna)

මෙම එන්නත 06/01/21 අනුමත කරන ලදි. පලදායීතාව 94.1%. පලමු මාත්‍රාවෙන් දින 28 ත් 42ත් අතර දෙවෙනි මාත්‍රාව ලබා ගත යුතුය. එකම මද්‍යසථානයෙන් මාත්‍රා 2 ම ලබා ගැනීම වඩා සුදුසුය.

මෙහි අතුරු ආබාධ වනුයේ හිසරදය මහන්සිය, උණ දෙවෙනි මාත්‍රාවෙන් පසුවද අතුරු සංකූලතා පෙන්නුම් කරයි.

Astrazeneca (vaxzevria)

මෙම එන්නත අවුරුදු 18 හෝ ඊට වැඩි අය සදහා 29/01/21 දින සිට අනුමත කර ඇත.පලදායීතාව 63%කි.පලමු මාත්‍රාව ලබාගෙන සති 4 ත් 12 ත් අතර දෙවෙනි මාත්‍රාව ලබාගත යුතුය.

මෙය වයස අවුරුදු 60 වැඩි අය සදහා වඩා සුදුසුය .මෙමගින්ද උණ,හිසරදය හන්දිපත් වේදනා අතුරු ආබාධ ලෙස ඇතිවිය හැක.

ජොන්සන් ඇන්ඩ් ජොන්සන් (Johnson & Johnson)

මෙය 11/03/21 දින සිට අනුමත කර ඇත. පලදායීතාව 66.9%කි. වයස 18 හෝ ඊට වැඩි අය සදහා අනුමත කරන ලද මෙම එන්නත ලබා දෙන්නේ එක් මාත්‍රාවකින් පමනකි. මෙම සියලු එන්නත් ක්‍රියාකරන්නේ ඉන්ෆ්ලුවෙනසා එන්නත් ආකාරයට බැවින් අනුමත කාලයට නැවත එන්නත් ලබා ගතයුතුයි .

Thushanthi Srimali ඉතාලියේ අපි CLUB සමුහය වෙනුවෙන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here