ෆැමීලියාර් වීසා මත ඉතාලියට එන වයස 65 වැඩි දෙමව්පියන්ට ඔවුන්ගේ බෙහෙත්කාඩ් පත  (Carta Sanitaria) සැදිමේදි හෝ දිර්ඝ කරගැනිමේදි මේ ගැටලුව මුහුණදිමට සිදුවේ. 2009 වර්ශයේ සිට ඉතාලි රජයෙන් වයස 65 වැඩි අය සදහා Tessera Sanitari එක ලබාදෙන්නේ නැත.

එයට හේතුව ලෙස ඔවුන් පවසන්නේ  තරුනකාලයේ  ශ්‍රම දායකත්වය වෙනත් රටකට ලබා දි මහලු කාලයේ දි ඉතාලියට බරක්විම වැලකිමටයමෙයට විකල්පයක් ලෙස වර්ශයක් පසා ඒ සදහා රක්ශණාවරනයක් ලබාගැනිම හෝ ASL ආයතනයෙන් නියම කරනලද මුදල ගෙවීමට සිදුවේ. බොහො දෙනෙක් වාර්ශීකව රක්ශාවරණය ලබාගනිති.

 ඔබ ගෙවියයුතු මුදල තීරනයවන්නේ ඔබගේ වාර්ශික ආදයම මතය. මෙහි අවම ගාස්තුව යුරෝ 375කි, මෙය ගෙවිමේදි ඔබගේ වර්ශය ආරම්භ වන්නේ ඔබ මුදල් ගෙවන දිනයේ සිට නොව ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වාය. (උදාහරණයක්  ලෙස ඔබ 2021-05-10 මේ මුදල ගෙවුවත් දෙසැම්බර් 31 මේහි කාලය අවලංගුවේ)

 ඔබ හෝ පවුලේ කෙනෙක් ඉතාලි පුරවැසිභාවය ලබා ඇතිනම් මේය ගෙවිය යුතුනොවේ. ඔබ ඉතාලියේ රැකියා ගිවිසුමක් මත රැකියාවක් කරපු අයෙක් නම් මෙය ඔබට අදාල නොවේ. අවුරැදු 65න් පසුව ඉතාලියට එන අයට මෙම රක්ශාවරනය සදහා මුදල් ගෙවීමට සිදුවේ.යම් නගරවල (කුස්තුරා එකේ සිටින නිළදාරියා අනුව මේදේ වෙනස් විය හැක) රැදිසිටිමේ බලපත අලුත් කිරිමේදි මේ ගෙවිම පරික්ශාකල බව කිපදෙනෙක්ගෙන්ම අසන්න ලැබුනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here