|

Permessi di soggiorno di lungo periodo UE දීර්ඝ කිරීම අගෝස්තුවල අනිවාර්යද?

කලබල වී ඇති Permessi di soggiorno di lungo periodo UE දීර්ඝ කිරීම.

අවසන් දින නියමයක් නොමැතිව නිකුත් කරන ලද Permessi di soggiorno di lungo periodo UE ලාභින්ගේ විසිමේ බලපත්‍රය වසර 10 ඉක්ම වී ඇත්නම් එය අනිවාර්යයෙන් යාවත්කාලීන කල යුතුවේ. එවිට වසර 10 කාල සීමාවකට යටත්ව අලුත් Soggiorno වක් නිකුත් කරනු ඇත. ඒ වගේම වයස අවුරුදු 18 අඩු ළමුන්ට වසර 5 ක කාලයකට වලංගුව නිකුත් කරනු ලබන බව සදහන් වේ.

දීර්ඝ කාලීන විසිමේ බලපත්‍රය ලබා ගෙන වසර 10 ක කාලයක් නොමැති අය කලබලයට පත් වීමට කිසිදු අවශ්‍යයක් නැත.

ඒ වගේම EU Citizen පවුලේ සාමාජිකයකු යටතේ ලබා ගත් soggiorno ද යාවත්කාලීන කරගැනීම අනිවාර්යය කර තිබේ. ඒ අයට මෙතෙක් ලබා දී තිබු සාමාන්‍ය බලපත්‍රය ඉලෙක්ට්‍රෝනික් කාඩ් පතකට මාරු කිරීම ඒ අනුව සිදු වෙනවා.

මේ ක්‍රියාදාමයන් දෙකම 2023 අගෝස්තු මස 03 වෙනි දිනට පෙර කල යුතු බව රජය පවසයි. එසේ යාවත්කාලීන නොකර යූරෝපය හරහා ගමන් කිරීමේදි හෝ යූරෝපා රටකට ඇතුළු වීමේදී සමහර ගැටලු වලට මුහුණ පෑමට සිදුවන බව පවසයි. කෙසේ නමුත් තමන්ගේ මව් රටට යාමට සහ ඒමට එය ගැටලුවක් නොවන බවද වැඩිදුරටත් සදහන් වේ.

වසර 10 ඉකුමවූ දීර්ඝ කාලීන විසිමේ බලපත්‍රලාභින් යාවත්කාලීන කිරීම සදහා බාර දී ඇතිනම් කිසිදු අපහසුවකින් තොරව ලංකාවට යාමට හැකිවේ. මේ නීතිය නොදත් ලංකාවේ ගුවන් තොටුපල නිලධාරීන්ගේ යම් ප්‍රශ්ණ හමුවේ පමනක් යාවත්කාලීන කිරීමට බාර දුන් රිසිට් පට පෙන්වීම සෑහේ. නමුත් වසර ගනන් ලංකාවේ සිට ඉතාලියට පැමිණ යාවත්කාලීන කිරීමට බාර දී නැවත ලංකාවට ගොස් පැමිණිමේදි ඉතාලි ගුවන්තොටුපලේදි යම් ගැටලුකාරි තත්ත්වයකට පත්වීමටද ඉඩ ඇත. වසර ගනනාවක් රැකියා නොකරීම, රෙසිඩන්ට් අවලංගු වී තිබීම එයට මූලිකව බලපාන කරුනක් වේ.

වසර ගනන් ලංකාවේ සිට පැමිණ තමන්ගේ විසිමේ බලපත්‍ර යාවත්කාලීන කිරීමට දුන් බොහෝ පිරිස් වලට ලංකාවේ වැඩි කාලයක් රැදි සිටි හේතුව අදාල පොලිස් මූලස්ථානයෙන් විමසීමක් කරනු ලබයි. නීතියට අනුව විසිමේ බලපත්‍රය අවලංගු කිරීමටද ඔවුනට හැකියාව ඇත. නමුත් එසේ නොකර දීර්ඝ කාලීන විසිමේ බලපත්‍රය වසරකට ලබා දීමට කටයුතු කරන අතර දෙවනි වර නැවත වසර දෙකකට ලබා දීමට කටයුතු කෙරේ.

වසර 3 කට පසුව නැවත දීර්ඝ කාලීන විසිමේ බලපත්‍රය ඉල්ලුම් කිරීමට හැකියාව ඇත. ඒ නිත්‍යානුකූල රැකියාවක් කර ආදායම් වාර්තා ඉදිරිපත් කිරීමෙන් අනතුරවය. මේ අත්දැකීමට ලක්වුන ලාංකිකයන් එමටය. රෙසිඩන්ට් නොඩකවා තිබීම යම් සහනයක් ලැබීමට හේතුවක් වන්නා සේම වාර්ෂික ආදායම් නොලබා තිබීම ගැටලුවක් වීමට මුලිකව බලපෑමක් ඇති කරයි. තවද Permessi di soggiorno di lungo periodo CE හිමි වසර ගනනක් ඉතාලියේ රැදි නොසිටි අයටද යාවත්කාලීන කිරීමේදි යම් ගැටලු පැන නගී.

Ajith Hettiarachchi

Similar Posts