|

2023-2025 ඉතාලි වීසා නීතියට අමත්‍යාංශ මණ්ඩල අනුමැතිය.

සෙනසුරාදා දිනයේ ඉතාලියට නැවතත් වීසා නීතියක් පැමිනෙන්න යන පුවත වාර්තා කලා. මේ වන විට ඒම නීතිය පාර්ලිමේන්තු අනුමැතියට ඉදිරිපත් කිරීමට අමත්‍යාංශ අනුමැතිය හිමිව තිබෙනවා.

මෙය 2023-2025 කාලය දක්වා විදේශයන් වලින් ශ්‍රමිකයින් ඉතාලියට ඇතුල් කර ගැනීම සදහා නියෝගයක් ලෙසින් ඉදිරිපත් වන්නේ.මෙහි සමස්ත කෝටාව හාර ලක්ශ පනස් දෙදහස​ක් පමන වන්වා.

  • 2023 වර්ශයට 136,000
  • 2024 වර්ශයට 151,000
  • 2025 වර්ශයට 165,000 ක් වශයෙනි.

මෙවර විශේෂත්වය නම් අනෙක් වසර වලට ඇතුලත් නොවූ ගෘඅ සේවකයින් සම්බන්දයෙනුත් කෝටාවක් වෙන් කර තිබීමයි.මීට අමතරව

  • විදුලි කාර්මිකයන්
  • ජලනල කාර්මිකයන්
  • සෞඛ්‍ය සේවා සේවකයින්
  • වැඩිහිටියන් බලාගන්න පුද්ගලයි​න්
  • හෙදියන්
  • ප්‍රවාහන ක්ශේත්‍රයේ රැකියාවන්
  • කම්කරුවන්
  • ඉදිකිරීම් ක්ශේත්‍රයේ රැකියාවන්
  • සංචාරක හෝටල් ආශ්‍රිත​ව
  • යාන්ත්‍රික
  • විදුලි සංදේශ
  • නැව් තැනීම
  • කෘශි කාර්මීක රැකියා
  • තාවකාලික සෘතු රැකියාවන් ඇතුලත් වනවා.

මෙම නීතිය ගෙන ඒමෙන් ඉතාලියට අනවසරයෙන් ඇතුල්වන පුද්ගලයින් අවම කරගන්න පුලුවන් වේවි කියලා තමයි ඔවුන් අනුමානය කරන්නේ.කෙසේ වෙතත් ගිය වර මෙන් මෙවරත් මෙම නීතියට අයදුම් කිරීමට ප්‍රථම අදාල රැකියාවට ඉතාලිය තුල පුද්ගලයින් නොමැති බව තහවුරු කර යුතුයි.

ANPAL: Agenzia Nazionale Politiche Attive Lavoro වෙත පෙර ඉල්ලීම

මේ වසරේ මාර්තු 27 ආරම්බ වූ නීතිය ඔබට මතක ඇති.එම නීතියේදී පලමු පියවර විදියට සේවායෝජකයා centro per l’impiego ආයතනයේ ලියාපදිංචී වී එම ප්‍රදේශයෙන් අදාල රැකියාවට පුද්ගලයින් නොමැති බවට සහතිකයක් ඉදිරිපත් කල යුතුව තිබුනා.

ඒ දෙයම මෙවර අනුගමනය කරමින් අදාල ප්‍රදේශයේ ANPAL ආයතනයෙන් අදාල රැකියාවට පුද්ගලයින් නොමැති බවට,සොයාගැනීමට නොමැති බව​ට සහතිකයක් ඉදිරිපත් කල යුතුවනවා. සේවායෝජකයා මේ සදහා අයදුම් කිරීමට දින 15 කට ප්‍රථ​ම එය ලබාගත යුතුයි. යම් විදියකින් ඉතාලියේ අදාල ප්‍රදේශයෙන් සේවකයෙක් හොයාගැනීමට නොහැකි නම් හා සොයාගත් පුද්ගලයා රැකියාවට නොගැලපේනම් ඊලග පියවර වශයෙන් වෙනත් රටක කෙනෙක් ගෙන්වා ගැනීමට අයදුම් කල හැකියි.

2023 අයදුම් කර නොතේරුන අයට කුමක් වේවිද?
දැන්ටමත් 2023 නීතියට අයදුම් කල අයගේ කෝටාව වැඩි කිරීමක් සිදුවනවා. එම නිසා තෝරාගත් වෙලාවට තවත් විනාඩි කිහිපයක් ඇතුලත අයදුම් කල අය සුදුසුකම් ලබන්න පුලුවන්.

තවමත් මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නෑ.ලගදීම මෙය ඉදිරිපත් කර අනුමැතිය ලාබාගනියි.ගැසට් එක නිකුත්වූ විගස අයදුම් කරන ආකාරය හා සියලු විස්තර ඔබ වෙත ගෙන එන්නම්.එතෙක් අපගේ mobile App එක ඩවුන්ලෝඩ් කරලා තියාගන්න.

සෙනසුරාදා දිනයේ පල කල ලිපිය කියවපු නැති අයට ඇප් එකෙන් ඒකත් කියවන්න පුලුවන්…

Similar Posts