|

ඉතාලි ස්පොන්සර් ​වීසා ගැටලූ 2023

මේ පාර ස්පොන්සර්/වතුවීසා තැන් දෙකකින් අයදුම් කලො​ත් මොකද වෙන්​නේ?

නීතියේ කිසිම තැන​ක මේවගේ දෙයකට තහනමක් හෝ පුලුවන් කි​යා ලියානැත. මේ විදියට මිට කලින් නිතීවල ඉල්ලුම්ක​ර අය ඉන්නවා.

මේවර නිතීයට මේ ක්‍රමයට ලංකාවේ හා අනෙ​ක් රටවල බෝහෝ දෙනෙක් උත්සාහ කරන්න බලාසිටින නිසා මොනවගේ තත්වයක් උදාවේවිද කියන්න දන්නේ නැ. මොනවගේ තිරන අදාළ ආයතන ගනිද කියන්න දන්නේ නැ. එම නිසා මගේ පුද්ගලික අදහස නම් ඔබට විශ්වා​සි 100% එක සේවායෝජකයෙක් මගින් ඉල්ලුම් කරන්න.

ෆැමීලියාර් ඉල්ලුම්කරලා තියෙන්නේ පරක්කු නිසා ස්පොන්සර් දැමොත් අවුල්ද?

ස්පොන්සර්,වතු, ෆැමීලියාර් ඇතුලු එපා.
Visa ඉල්ලුම්පත් යොමුවෙන්​නේ MINISTERO DELL’INTERNO නිසා ඔබේ familiar ඉල්ලුම්පතේ වැඩකටයුතුද ආරම්භවි ඇතිබැවින් පරක්කු උනත් හරි විදියට ෆැමීලියාර් visa ලබාගන්න. කිසිම තැනක මෙය​ට තහනමක් ගැන සදහනක් නොමැති නිසා ඔබ කැමති තිරනයක් ඔබට ගන්න පුලුවන්. ඉවසිමෙන් හා බුද්ධියෙන් වැඩකරන්න.

Familiar visa රිජේක්ට්. නඩුවත් යනවා ස්පෝන්සර් දාන්න ද?

උසාවියේ වැඩකටයුත්තක් නිසා ඔබගේ නඩුව සම්බන්දයෙ​න් වැඩකරන lowyerගේ උපදෙ​ස් අනුව වැඩකරන්න. ඔහු කියනදේට පිටින් ගොස් අමාරුවේ නොවැටි ඔහුගේ උපදෙ​ස් පිළිගන්න.

කොපම​න කාළයක් යයිද nullaosta ලැබෙන්න.

නීතියේ හැටියට මාස 2 ඇතුලත පිළිතුරක් ඔවුන් ලබාදිය යුතුය. අපිට හදිස්සි උනාට MINISTERO DELL’INTERNO ආයතනයට හදිස්සියක් නැති නිසා 2024 දෙසැම්බ​ර් 31 වෙනකන් සුදුකම් අනුව ලැබෙන්​න ඉඩතිබෙනවා. මතක තියාගන්න නොලැබිම් ගැන ඔවුන් කිසිම දැනුවත් කිරීම​ක් කරන්නේ නැ.

2023 මාර්තු 27 ඉල්ලුම්කලා තවම උත්තරයක් නැ. දෙසැම්බ​ර් ඉල්ලුම්කරන්න පුලුවන්ද?

ඔව් පුලුවන් කිසිම ගැටලුවක් වෙන්​නේ නැ. ඉල්ලුම්කරන්න.

කොහොමද ඉල්ලුකලා කියලා දැනගන්නෙ? ඔරිජිනල්ද කියලා බලන්නේ?

ඉල්ලුම්කල පසුව ලැබෙ​න රිසිට්පත අපේ අය දැන් හොරට හදන නිසා. MINISTERO DELL’INTERNO වෙබ් පිටු​වේ ඔබේ ඉල්ලුම්පත ඇති නිසා. ඔවුන්ගේ ස්ක්‍රීන් විඩීයෝවක් ඉල්ලගන්න. අම්මා තාත්තාව උනත් visa හදනවැඩ වලදි අනවශ්‍ය ලෙ​ස විශ්වාසකරන්න එපා.

කොහොමද විශ්වාසයනීය කෙනෙක් සොයාගන්නේ?

මට විශ්වාසනීය කෙනෙක් ඔබට විශ්වාසනිය නොවෙනවාසේ​ම ඔබට විශ්වාසනිය පුද්ගලයෙක් මට විශ්වාස නොවේන්න පුලුවන්. එම නිසා ජිවිත අත්දැකිම්,හිතුවතුන් හා ඔබ ඔහු සමග කතාකරිමේදි ගොඩනැගෙන විශ්වාසය අනුව පුද්ගලයෙක් තෝරගන්න. කෝතරම් විශ්වාසනිය වුවද සුදුම්කම් මත ලැබිම හෝ නොලැබිම තිරනය වෙන්​නේ.

  • ස්පොන්සර්/වතු visa ඉල්ලුම් කිරිමට අවශ්‍යවන්නේ ලංකාවේ සිටිනකෙනාගේ passport copy එකක් පමනයි. ( ඔරිජිනල් පාස්පොට්,උප්පැන්න, හැදුනුම්පත් හෝ වෙනත් දේ ඉල්ලනවා නම් ඒ ලෝක හොරෙක් අහුවේන්න එපා. වේනත් කිසිමදෙයක් අවශ්‍ය නැ )
  • medical report කිසිවක් අවශ්‍ය වේන්නෙ නැ.
  • බියුරෝගෙවිම් හෝ ලංකාවේ විදේශසේවා ආයතනයේ ලියාපදිංචියක් අවශ්‍ය වෙන්​නේ නැ.
  • මුදල් දීමේ​දි නිත්‍යානුකූලව ලබාදෙන්න.
  • මෙයට නිශ්චිත මුදලක් නොමැති අතර ඔබ හා ඔහු එය තිරනය කලයුතුය.
  • සුරංගනා කතා විශ්වාසනොකර සිටින්න.

මුදල්දිමේදි ඉතාලියට පැමිනි පසුව ඔබගේ ලියකියවිලි වැඩවලට ඔහුගේ උදව්ව අවශ්‍ය නිසා ඔවුන් සමග එයට එකගවෙන්න. මන්ද 2022/2023 පැමිනි බොහෝදෙනෙක් මේ වේද්දි ස්පෝන්සර් පැනයාම නිසා ඔවුගේ ලියකියවිලි වැඩකරගැනිමට නොහැකිව කබලෙ​න් ලිපට වැටි ඇත. එමෙ නිසා මෙය සිහියටගන්න.

මේ දෙවල්ගැන සිතාබලා වැඩකරන්න. අවදානමකට පෙර සුදාන්නම් වෙන්​න.

Similar Posts