Student visa

Student visa එකකට ආපු කෙනෙක් ඒයා ආපු විදිය ගැන කිවුවා. එහෙම එන්න හිතන් ඉන්න කෙනෙක්ට මෙක වැදගත් වෙයි කියලා හිතනවා.

  • ඉතාලි රජයෙන් අනුමැතිය ලැබුන පාසලක් හෝ වීශ්ව විද්‍යලයක් තොරාගන්න ඕනේ.
  • ලංකාවේ තමන් ඉගෙන ගත්තුදේට ගැලපෙන අංශයක් තෝරගන්න. (එම්බසිය එක බලනවා)
  • තමන් තොරාගන්නා දේ ලංකාවේ කරන්න බැරි දෙයක් හෝ ඒ දෙය ඉගනගැනිමෙන් තේරැමක් නැති දේයක් වියයුතුය. (aviation,underwater welding etc…)
  • Online හෝ ඉතාලියේ ඉන්න කෙනෙක් මාර්ගෙන් තමන් එන්න හිතන කැම්පස් එකට ඉල්ලුම් කරන්න ඕනා.
  • තමන් යන්න බලාපොරොත්තුවන විශ්විද්‍යාලයෙන් හෝ පාසලෙන් ලැබෙන අනුග්‍රහය දක්වන ලිපිය අනිවාර්‍යයි.
  • තමන් ඉගෙනගන්න තැනට ආසන්නයෙන් පදිංචියට තැනක් (රේසිඩනස් හෝ ඔස්පිට්ලිති) සොයාගතයුතුය.
  • තමන්ට ඉගෙන ගැනිමට මුදල් ඇතිබවට පෙන්විය හැකි මුදල් තැන්පතුවක් එම්බසියට පෙන්විය යුතුය (මෙම මුදල් පසුව ඔබට ලබාගන්න පුලුවන්)
  • මේ සියලුම දේ හා ඔබට රේසිඩන්ස් දෙන කෙනාගේ සියලුම ඩොකියුමන්ට් සමග එම්බසියට භාර දෙන්න තියෙන්නෙ. වෙන කිසිම අමතර මුදලක් වැය වෙන්නෙ නැත.

2026 සිත ඍතු ඔලිම්පික් තරගාවලියේ සාත්කාරය ලැබුනේ ඉතාලියට. අලුත් රැකියා ඇතිවෙවී. පරණ විදියට නැතිව අලුත් විදියට මෙහාට එන්න තරැණ අය උත්සාහයක් කරන්න. ඉගනගත්ත දෙයක් අපතෙ යන්නෙත් නෑනේ.

Similar Posts