Student Visa – 02

මේ Article එක ලියන්නේ ස්කොලෙන් out වෙලා italy එන්න බලන් ඉන්න අයට . එයාලට උදව්වක් වෙයි කියල.

ඕනෑම රටක තරුණ අයට රස්සාවක් හොයාගන්න අමාරුයි experience අඩු හින්ද .Experience තියෙන අයත් රස්සාවට Apply කලොත් Experience තියෙන අයටනේ ජොබ්ස් හම්බෙන්නේ.

Europe වල ඉතාලියට වඩා රස්සාවල් නැති අය ඉන්නේ Spain වලයි Greece වලයි විතරයි . මේ හින්ද තමයි දැන් ඉතාලියේ ජොබ්ස් අඩුයි කියල කියන්නේ. African අය බෝට්ටු වලින් එන එක නවත්තල හින්ද ඉස්සරහට Unemployment rate අඩු වෙයි කියල Forecast කරනවා .

Italy ආණ්ඩුව කියන්නේ ඇත්තටම් තියෙන ප්‍රස්නේ ජොබ්ස් තියෙනවා , qualification (සුදුසුකම්) තියෙන මිනිස්සු නැති එකයි ප්‍රස්නේ කියලයි. (skill mismatch).

Qualification වර්ග දෙකක් තියෙනවා

  • එකක් අධ්‍යාපන සුදුසුකම් Education Qualification (O/L ,A/L ,Degree )
  • වෘත්තීය අධ්‍යාපන සුදුසුකම් Vocational Education Qualification ( NDT ,HND , German Tech)

සරලව කිව්වොත් Italy ආණ්ඩුව කියන්නේ Technician , Mechanic Operator, Chef ……. වගේ Vocational Training එකක් ඕනේ ජොබ්ස් වලට කට්ටිය හොයාගන්නත් අමාරුයි ඒ වගේම හොද Salary එකක් ගන්න පුළුවන්.
විශේෂ සුදුසුකම් ඕනේ නැති Helper, cleaner වගේ ජොබ්ස් වලට කට්ටිය ඕනේ තරම් ඉන්නවා . ඒ ජොබ්ස් වල Salary එක අඩු වෙනවා කියල කියන්නේ Supply and Demand එක අනුව.

යාලුවන්ගේ නෑදෑයන් ගේ උදව් තියෙන හින්ද ඔයාලට ජොබ් එකක් හොයාගන්න පුළුවන් වෙයි .
එත් O/L ,A/L කරලා කෙලිනම් ජොබ් එකකට බහින්නේ නැතිව හොද Vocational course එකක් කලොත් හොද salary එකක් වගේම ලේසියෙන් ජොබ් එකකුත් හොයාගන්න පුළුවන් වෙයි . Vocational course කරන කොට ලංකාවේදී ගානක් අතට දෙනවත් එක්ක .
A/L pass නම් Degree එකක් කරන්න බලන්න. ඉතාලියේ Degree කරන කොට අතට ගානක් දෙනවා .

2013-2025 කාලය තුල ඉතාලියේ විශේෂ සුදුසුකම් ඕනේ නැති ජොබ්ස් ලක්ෂ 7ත්, Medium Education Qualification ඕනේ ජොබ්ස් ලක්ෂ 60 කුත් , High Education Qualification ඕනේ ජොබ්ස් ලක්ෂ 55 කුත් ඇති වෙනවා කියල Forecast කරනවා.

ඉතාලියේ High Education Qualification ඕනේ ජොබ්ස් ගොඩක් කරන්නේ Indian ජාතිකයන්.

* මේක ලියල තියෙන්නේ Statical data use කරලා . Real World අත්දැකීම් ඊට වඩා වටිනවා. අත්දැකීම් තියෙන යාලුවන්ගේන් නෑදෑයන්ගේන් උපදෙස් අරගන්න.

Similar Posts