Tourist visa

සංචාරක විසා අවස්තාවක් ලබාගැනිම සදහා ඔබට අවශය වෙන ලිපි ලේඛන හා කරන ආකරය.

 මේ විදියට ඉතාලිය ඇතුල් වෙන කෙනෙක්ට නිතියානුකුලව රැදි සිටිමේ බලපතක් ලබා ගැනිමට බැරිය. අපි කියන විදිය වීසා / කොල නැතිව තමා ඉන්නවා නම් ඉන්න වෙන්නේ. මොකද මෙහෙම එන අය බොහෝ දුරට නැවත ලංකාවට යන්නෙත් නැහැනේ.

සංචාරක වීසා සදහා අවශ්‍ය ලියකියවිලි Documenti per Visto di Turismo / Documents for Tourist Visa

ඉතාලියේ සිට අයදුම් කරන (ආරාධනා කරන) තැනැත්තා විසින් සකසා ගත යුතු ලියකියවිලි – Sponsored Tourist Visa

  1. Fideiussione Bancaria – බැංකුවෙන් හෝ පෞද්ගලික මූල්‍ය ආයතනයකින් ලබා දෙන සහතිකය. මෙහි ඉතාලියට පැමිණීමට බලාපොරොත්තු වන පුද්ගලයාට ඉතාලියේ රැදී සිටිනා කාලයට වියදමට අවශ්‍ය මුදල් තමන් දරන බව පෙන්වයි. එය ඉතාලියේ ජීවත් වන පුද්ගලයා විසින් පැමිණෙන පුද්ගලයා වෙනුවෙන් ලබා ගනියි. https://gregoassicurazioni.it/
  2. Assicurazione Sanitaria -යූරෝ 30,000 ක වටිනාකමින් යුතු සෞඛ්‍ය රක්ෂණ ආවරණයක්
  3. ඉතාලියේ ජීවත්වන පුද්ගලයාගේ සොජෝර්නෝ, හැදුනුම්පත, කෝඩිචි ෆිස්කාලය, ගමන් බලපත්‍රයේ 1-5 දක්වා වර්ණ ජායා පිටපත්
  4. ඉතාලියේ ජීවත්වන පුද්ගලයාගේ Stato Familiare සහතිකය.
  5. නවතම ආකෘතියට අනුව ආරාධනා කිරීමෙ ලිපිය- Lettera di invito
  6. නවාතැන් සපයන නිවසෙහි ඔප්පුව හෝ ගෙවල් කුලී ගිවිසුම
  7. මාස 3ක බැංකු ගණුදෙනු වාර්තාවන්

ආරාධනා නොකරන සංචාරක වීසා – Non sponsored Tourist Visa

මෙහිදී ලංකාවෙන් පැමිණෙන පුද්ගලයා විසින් තමාට සංචාරයක නිරත වීම සදහා ආර්ථික තත්වය යහපත් බව පෙන්වීමට අවශ්‍ය බැංකු ගිණුම් වාර්තා, තම නිශ්චල දේපල වල ඔප්පු, තම රැකියා තත්වය, අර්ථසාධක /සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල් ගෙවීම්, ආදායම් බදු වාර්තා, රැකියා ස්ථානයෙන් අනුමත කල නිවාඩු ලිපිය, පඩි වාර්තා හා යූරෝ 30,000 ක වටිනාකමින් යුතු සෞඛ්‍ය රක්ෂණ ආවරණය තමන් විසින් පිළියෙල කරගත යුතුය. එසේම ඉතාලි සංචාරයේදී නැවතීමට බලාපොරොත්තු වන හෝටල් සහ නවාතැන් මධ්‍යස්ථාන වෙන් කල බවට ලිපි ඉදිරිපත් කල යුතුය.

ලංකාවේ සිට ඉතාලියට පැමිණීමට බලාපොරොත්තු වන පුද්ගලයා විසින් පිළියෙළ කරගත යුතු ලියවිලි

  1. ඉංග්‍රීසියට පරිවර්තනය කර විදේශී අමාත්‍යාංශයෙන් සහතික කල උප්පැන්න/කසාද/ මරණ සහතික
  2. ඉතාලියේ සිටින දරැවාගේ උප්පැන්න/ විවාහ සහතික ඉංග්‍රීසියට පරිවර්තනය කර විදේශ අමාත්‍යාංශයෙන් සහතික කල යුතුය.මාස 3ක බැංකු ගිණුම් වාර්තා, ණයකාඩි පත් වාර්තා (තිබෙනවා නම්)
  3. බැංකුවෙහි ගිණුමෙහි ශේෂය සහතික කරමින් වීසා ලැබුනු විට විදේශ මුදල් බවට පරිවර්තනය කල හැකි බවට ලිපියක්,ස්ථාවර තැන්පතු සහතික (මෙවගේ වටිනාකම් වැඩි නම් ඔබේ වීසා එක ලැබීමේ ප්‍රතිශතය ඉතා ඉහලය.ඔබ ඉතාලියේ නවතින කෙනෙක් නොවන බව පෙනන නිසා)
  4. ගමන් බලපත්‍රය අඩුම මාස 6ක් ඉදිරියට වලංගු විය යුතුය.
  5. ඉඩම් වල ඔප්පු (හැකිනම් තක්සේරු සහතිකයක් මගින්)
  6. සංචාරයේ අරමුණ හා සංචාරය කීරීමට බලාපොරොත්තු වන ප්‍රදේශ සදහන් කල ලිපියක්
  7. ගුවන් ටිකට් පත වෙන්කර ගැනීමෙ ලිපිය
  8. සංචාරය සදහා කුඩා දරුවන් සහභාගි වන්නේ නම් පාසැල් වලින් ලබාගත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සහතික අධ්‍යාපන නිවාඩු අනුමත කල ලිපිය.
  9. පසුගිය අවුරැදු 2ක දී ලබාගත් වීසා වල ජායා පිටපත් – ෂෙනගන් වීසා, අයර්ලන්තය, කැනඩාව, ඇමරිකාව, එංගලන්තය , නවසීලන්තය හා ඕස්ට්‍රේලියාව යන රටවල් සදහා.
  10. බාලවයස්කරැවන්ගේ සංචාර සදහා දෙමව්පියන් දෙදෙනාගේම අනුමැතිය තිබිය යුතුය.

VFS LINK…
http://www.italy-vfs.com

Similar Posts