BLUE CARD වෘත්තීය සුදුසුකම් මත වීසා

වෘත්තීය සුදුසුකම් මත ඉතාලියට එන්න ඉන්න අයටයි මේ පනිවිඩය.

මේ වැඩසටහනට ඉතාලියේදී කියන නම BLUE CARD.ඉතාලියේ ජීවත්වන ඔබට ඉතාලියේ යම් සමාගමක් තිබේ නම් හෝ ඉතාලියේ යම්කිසි සමගමක් ගැන දන්නේ නම් ලංකාවෙන් ඔවුන් ඉල්ලන සුදුසුකම් ඇති පුද්ගලයෙක් ඉතාලියට ගෙන්වා ගැනීමේ හැකියාවක් තිබෙනවා.

ඔබ කළ යුත්තේ කුමක්ද? Cosa devo fare?

මේ සදහා ඉල්ලීම කලයුත්තේ Prefettura ආයතනය මගිනුයි.

කොයි වගේ අයටද මේ සදහා ඇතුලත් වෙන්න පුලුවන්?

ඉහළ සුදුසුකම් සහිත රැකියා ලැයිස්තුව (ISTAT අඩවියේ 1,2,3 මට්ටමේ සිටින) http://professioni.istat.it මෙම අඩවියේ තිබෙන විස්තර ඉතාලි භාශවෙන් තිබෙන්නේ. ඔබට එය ගූgoogle translate මගින් පරිවර්තනය කර ගත හැක.

ඊට අමතරව linkedin වෙබ් අඩවියෙන් ඉහල සුදුසුකම් සහිත රැකියාවන් පිලිබද විස්තර දැනගැනීමේ හැකීයාව තිබෙනවා.

අයදුම් කිරීම කරන්නේ කෙසේද​? Come devo fare la domanda?

1. මේ සදාහා ඔබ මුලින්ම ලියාපදිංචි විය යුතුයි.
ඒ සදහා අභ්යන්තර කටයුතු අමාත්යාංශයේ වෙබ් අඩවියට යොමු විය යුතුයි. https://nullaostalavoro.dlci.interno.it දැන් මේ සදහා spid එකවුන්ට් එකකුත් ඕනාවෙනවා.

2. ඉන් පසු අඩවියේ “Richiesta moduli” තෝරන්න

3. ඉන්පසු modulo BC “Richiesta di nullaosta al lavoro per rilascio della Carta blu UE”

හෝ සමාගම confindustria හට ඒකතූවී ඇතිනම් හෝ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය හා කම්කරු අමාත්‍යාංශය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කර තිබේනම්, modulo CBC තෝරන්න.

4. ඉන්පසු අන්තර්ජාලයහි ඉල්ලුම් පත්‍රය පුරවන්න​

5. “Invia”ඔබා යවන්න.​

ඔබ ඉල්ලීමක් කල පසු සිදුවන්නේ කුමක්ද? Che succede dopo che ho inviato la domanda?

Prefettura ආයතනය ඔබව සම්බන්ධ කර ගනී.

prefettura ඉදිරිපත් වන​ දිනයේදී මෙම ලියකියවිලි රැගෙනයන්න​:

යුරෝ 16 ක මුද්දරයක්

ඔබගේ හැඳුනුම්පතේ සහ එහි ඡායා පිටපතක්

  • ඔබට බදාවාගැනීමට අවශ්‍ය යුරෝපීය නොවන සේවකයාගේ ගමන් බලපත්‍රයෙහි ඡායා පිටපතක්
  • යුරෝපීය නොවන සේවකයාගේ උපාධි සහතිකය
  • අවම වශයෙන් එක් වසරකවත් කොන්ත්‍රාත්තුවක යෝජනාව සහ අවම වශයෙන් යුරෝ 24,790 ක වැටුපක්.
  • ඉතාලිය විසින් නියාමනය කළ වෘත්තීන් සඳහා පමනක් ඉතාලියේ වෘත්තීය සුදුසුකම් පිළිගැනීම අවශ්‍යවේ.
  • වෘත්තීය වාර්තාවක් තිබේ නම් වෘත්තීය ලියාපදිංචිය අවශ්‍ය වේ.

අදාල ඩොකුයුමන්ට් ටික බාරදීමෙන් පසු කුමක් සිදුවේද?

Prefettura ලියකියවිලි පරීක්‍ෂා කිරීමෙන් පසු ඔබට contratto di soggiorno ව අත්සන්කිරීමට දෙනවා.

  • ඉන්පසු Prefettura විසින් nullaosta ලබාදී ඇතිබව ​ ඔබ ලංකාවේ සිට පැමීනීමට බලාපොරොත්තු වන පුද්ගලයාට දැනුම්දිය යුතුය.
  • Nullosta එකත් ලංකාවට යැවිය යුතුයි.
  • ඉන් පසු ඉතාලියට ඇතුල් වීමට වීසා ඉල්ලුම් කල පුද්ගලයා ලංකාවේ VFS ආයතනයට nullosta එක සහා අදාල ඩොකුයුමන්ට් බාරදිය යුතුයි.


VFS ආයතනය නුල්ලොස්තා එක බාරදී කොපමණ කාලයක් බලා සිටිය යුතුද?

ඉල්ලුම කළ දින සිට දින 90 ක උපරිමයක්. ( ඉතාලියෙන් එහෙම කිව්වට වෙයිද කියලද දන්නේ නම් නෑ)

පසු සටහන්.

ඒ වගේම යුරෝපා සංගමයේ වෙන රටක carta Blu හිමියෙකු ට ඉතාලියට පැමිණීමට වීසා අවශ්‍ය නොවන අතර, එසේම මාස 18කට වඩා ඉතාලියේ නීතයානුකූල ව රැදී සිටි අයෙකුට (උදාහරණයක් විදියට student visa) තම සුදුසුකම් අනුව රැකියා යෝජනා වක් තිබෙනවා නම්, අදාල සේවා දායකයා හරහා carta blu සදහා ඉල්ලුම් කල හැකියි. යුරෝපා සංගමයෙන් නිකුත් කල carta blu හිමියෙකු නම් ඉතාලි යේ සිටින සේවා දායකයා හරහා මසක් ඇතුලත ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කල යුතුයි.

Similar Posts