වතු වීසා හා ස්පෝන්සර් වීසා 2022 සේවායෝජකයෙක් තෝරගන්නේ කෙසේද?
“පුතේ අවා..පුතේ අවා… වීසා නීතියේ click day එක පුතේ, පරිස්සමින් පුතේ. හොරු වංචාකරයෝ නැගිටලා. කල්පනාවෙන් පුතේ අහුවෙන්න එපා. කතන්දරය ටිකක් දිගයි කියවලා බලන්න මගේ පුතේ”
මේ වෙද්දී හැමෝම කතාවෙන ප්‍රධාන මාතෘකාවක් වෙලා තියෙන 2022 ඉතාලි විසා නිතීය. මේ ගැන නොදන්නා කෙනෙක් නැති තරම්. (සමාජ මාධ්‍යයේ මේ ගැන සත්‍ය හා අසත්‍ය ප්‍රචාර දෙකම උනු කැවුම් මෙන් share වෙනවා) ජනවාරි 27 හා පෙබරවාරි 01 දින ඇරබෙන මේ සීතල යූද්ධය මාර්තු මස 22 වෙනකම් පවතිනවා. මෙයට ඉල්ලුම් කරන කාළය මෙහි සාර්ථකත්වයේ මුල් පියවරයි.
මෙය කොටස් දෙකට අයිති වෙන කෝටාව උපරිමය 69,700 වෙනවා. ඉතින් මේ වීසා සේරම ලැබෙයි ද? ලංකාවට කියක් ලැබෙයි ද? යන්න දන්නේ දැනට දෙවියන් පමණයි.(ආසියාතික රටවලට වඩා මෙහි වැඩි වාසිය යුරෝපා හා දකුණු ඇමරිකානු රටවලට ලැබේ) නමුත් උත්සාහවන්තයා සහ වාසනාවන්තයාද ජය ගනී.
පසුගිය වර්ශයේ ඉල්ලුම්කල සියලු දෙනාටම ලැබුනාද?
ස්පොන්සර් වීසා නීතිය යටතේ ලැබුන ආරංචි අනුව දැනුවත්ව පැමිනි පිරිස අතේ ඇගිලි ගානටත් අඩුය. වතුවීසා යටතේ නම් කිහිප දෙනෙක් පැමිනියා (එන සියලුම දෙනාගේ විස්තරද අපට ලැබෙන්නේ නැත)
පසුගිය වර්ෂයේ බහුතර ප්‍රමාණයක් nullaosta ව‍්‍යාජ ලෙස සැකසු හොර nullaosta ය. මිනිස්සු මුදලට ඇති ගිජුකමට අහිංසකයෙකු කරදරයක පටලවති. මෙවෙනි පුද්ගලයන් මේ දිනවල ඔවුන්ගේ ජාවරම ජයටම කරන නිසා ඔබ පරිස්සම් වන්න.
පසුගිය වර්ශයේ වතුවීසා ලැබුන අයව එම්බසියෙන් සම්මුඛ පරික්ෂණයකට කැදවනු ලැබීය. එම පරික්ශනයේදි පරස්පර පිලිතුරු ලබාදුන් අයගේ වීසා ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප කලහ.
ඉල්ලුම් කරන්නෙ කෙසේද?
වතුවීසා ඉල්ලුම් කිරීමට හැකියාව ඇත්තේ ඉතාලි ජාතිකයන්ට පමනයි. ඒ සදහා ඔබ ඉතාලි ජාතිකයකු සොයාගත යුතුය. නැතිනම් ලාංකීකයෙක් හරහා ඉතාලි ජාතිකයෙක් සොයා ගතයුතුය.
ස්පොන්සර් නීතියට නම් අදාල වීසා වර්ගයට සුදුකම් ඇති ඉතාලි හෝ වෙනත් ජාතිකයකු ඉල්ලුම්කල හැකිය. මෙයට ලංකාවේ කිසිම ඒජන්සියකට ඉල්ලුම් කිරිමේ හැකියාවක් නැත. සමහර ඒජන්සි මුදල් ගෙන ලියාපදිංචි කිරීමද මේ වන විට අරම්භකර ඇත. ඔවුන් පලකරන අලංකාර දැන්විමට ඔබ අසුනොවන්න.
යන වියදම
වැය වෙන්නෙ යූරෝ 16ක මුද්දර ගාස්තුවක් පමනයි. මී වදයක් කඩන්නෙ අත ලෙවකන්න නෙමේ කියනවානේ. අද වනවිට ලක්ෂ 18 සිට 24 දක්වා මුදලක් මේ සදහා අයකරයි. (අදාල කරනාවට සම්බන්ධ කිහිප දෙනෙක් මේ මුදල් බෙදාගන්න නිසා)
“මල්ලී මෙහෙමයි මුලින් ලක්ශ 3-5 ඔනා. Nullaosta ලැබුනාම 10ක් දෙන්න. ඉතුරු ටික වීසා වැදුනාම”. සමහර අයියලා නම් nullaosta සමග මුලු මුදලම අයකරයි.මේ අතර ලෝක සිතියමෙන් හෝ ඉතාලිය නොදුටු අයද වීසා වැඩකරනු ඇත. කිහිප දෙනෙක්ගෙන් ලබාගන්නා අත්තිකාරම් මුදල බැංකුවක ෆික්ස් ඩිපොසිට් තැන්පත් කර ඔවුන් පොලිය ලබාගන්නා අතර ඔබ
ණයට ලබාගත් මුදලට පොලී ගෙවිමට සිදුවේ. මෙය අද කාළයේ සිදුවෙන සුලබ සිදුවිමකි.
ඉතින් අවසරයි.
- ඔබ යම් කෙනෙකුට මුදල් ලබා දෙන්නේ නම් නීත්‍යානුකූල ලබාදෙන්න. මුදලට හිතවත්කම් නැත.
- ඔබ මුදල් ලබාදෙන පුද්ගලයාගේ යම් ලියවිල්ලක copy තබාගන්න.
- ඔහුගේ ගම නිවස ඇති ස්ථානය ගැන දැනුවත් වෙන්න.
- ඔහු කියනා සියල්ල පිලිනොගෙන ඒ ගැන සොයා බලන්න. නැතිනම් ඔබගේ මුදල හා ඉතාලි සිහිනයද සදහටම ඔබට නැතිවේවි.
- යම් අකාරයකින් වීසා නිකුත් නොවුනොත් ඔබ ලබාදුන් මුදල නැවත ලබා ගැනිමට හැකි අයුරින් මුදල් ලබාදෙන්න.
- ඔවුන් මවාපන ලෝකයේ ඔබ අතරමං නොවන්න.
මෙම වර්ශයේ ඉල්ලුම්කල වීසා 2022 දෙසැම්බර් මස 31 දිනෙන් අවසන්වේ. ඉදිරි දිනවල,
- බීම කොම්ෆැනි
- අපේ මාමා වැඩකරන බෝසාගේ හෝටෙල් එකට
- ඩ්‍රයිවින් ජොබ්
- ෆාම් වලට වැඩට
- යාලුවෙක් ඌ වැඩකරන ඔලිව් වත්තට
- රස්නේ කාලෙට පලතුරු කඩන්න
වෙනස්වන ලෝකයේ වංචාවද කාළයේ තාලයට වෙනස් වෙන නිසා. ක්ශනිකව ලබාදෙන වීසා වලට අසුනොවන්න. මේ අකාරයේ වංචාවල් වලින් ඔබ රැවටිමට ඉඩ ඇත. මේ දේවල් වලින් ආරක්ෂා වී ඔබේ සිහිනය සැබෑ කරගැනීම ඔබ සතුය. සියලු දෙනාටම සුබ පතනවා වංචාවලට අසුනොවි සියල්ල යහපත් පිණිස කරගැනිමට ලැබේවාකියා. ඔබ සැමට ජය !
ඉතාලියට පැමිනීම සම්බන්දව අපිඅ විසින් මින් පෙර පල කල ලිපිය බැලීමට මෙය ක්ලික් කරන්න.