මේ වර්ෂයේ ගෑස් ​හා විදුලි බිල්පත් දෙගුනයකි​න් වැඩිවීම​ක්?

COVID-19 අමතරව අපි තවත් අර්බුදයකට යමින් සිටිමු. එය විදුලි සහ ගෑස් බිල්පත් වල දරාගත නොහැකි වැඩිවීමයි. මෙය ගිය වසරට වඩා 50% පමණ යැයි දල වශයෙන් ගණනය කර ඇත. විදුලිය සදහා සාමා​න්‍ය පවුලකට 2022 මුල් මාස 3 පමනක් යූරෝ 300 වඩා වැඩි මුදලක් හිග මුදල් ලෙස ගෙවන්නට සිදුවේ. මෙම ගණනය කිරීම් කර ඇත්තේ 2021 අප්රේල් 1 සිට 2022 මාර්තු 31 දක්වාය.

  • ගෑස් බිල් සදහා වාර්ෂිකව 64% වැඩිවී ඇත. යූරෝ 600 පමණ වාර්ෂිකව ගෑස් බිල්පත් සදහා ඔබේ ආදායමෙන් වැඩියෙන් වැය කල යුතුවේ.
  • මෙයට හේතු වී ඇත්තේ නිෂ්පාදනය සදහා දැරීමට සිදුවෙන අධ්ක පිරිවැය සහ co2 අවම කිරීමට දරන වියදම් ය. විදුලි සහ ගෑස් නිෂ්පාදනය ඉතාලියේ දෛනික අවශ්යතාවය පිරිමැසීමට ප්රමානවත් නොමැති වීමත් මෙයට බලපා තිබේ. වෙනත් රටවලින් ආනයනය කිරීමට සිදුවීමද බිල්පත් වැඩිවීම සදහා තවත් හේතුවකි.
  • අඩු ආදායම් පවුල් සදහා Bonus Gas/Luce වල නිර්ණායකයන් වෙනස් කිරීමෙන් වැඩි සහන සැලසීමට ඉතාලි රජය බලාපොරොත්තු වෙයි. ගෑස් සහ විදුලි බිල්පත් සදහා බදු සහන ලබා දී ඇත.(5%iva අඩුකිරීම). මුල් මාස 3 දී විදුලිය සදහා යූරෝ 200 සහ ගෑස් බිල්පත් සදහා යූරෝ 400 අඩු ආදායම්ලාභීන්ගේ බිල්පත් වලට එකතු කිරීමට රජය මුදල් වැය කර ඇත.
  • ISSE ගණනය මත මෙම සහන ලබා දෙන බැවින් ඔබේ ISEE එක අනිවාර්යයෙන් යාවත්කාලීන කල යුතුයි.
  • පැලැස්තර මත රදා නොසිට විදුලිය සහ ගෑස් ඉතාලියේ පරිභෝජනයට අවශ්ය පරිදි නිෂ්පාදනය කිරීමට කාලය පැමින ඇතිබව වගකිවයුතු අංශ විසින් රජයට පෙන්වා තිබේ. ලංකාව මෙන් විදුලි කප්පාදුවකට ඉතාලිය පත් නොවේ යැයි ප්‍රාර්ත​නා කරමු.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *