|

2023 ස්පොන්සර් වීසා තවත් 62000 ක්?

2023 Decreto Flussi නීතිය යටතේ රැකියා අවස්තා 82,705 ක ප්‍රමානයක අයදුම් කිරීම සදහා මාර්තු මස 27 වන දින ආරම්භ කල බව ඔබ මේවන විටත් දැනුවත්ව ඇති. බොහෝ දෙනෙක් ඒ සදහා ඉල්ලුම් කලා.

මාර්තු 27 වනදා පලමු තප්පර කිහිපය ඇතුලත අයදුම් කල ලාංකීකයින් බොහෝ දෙනෙක්ට නුල්ලා ඔස්තා ලැබී මේ වන විට VFS ආයතනයට තම වීසා අයදුම් පත්‍ර බාරදීමට බලාසිටින අවස්තාවක, කෝටා එකෙහි ප්‍රමානය තව 62000 කින් පම​න වැඩි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බව ඉතාලියේ ප්‍රධාන මාදය ආයතනයක පුවත​ක සදහන් වන​වා.

ඔවුන් පවසන පරිදි ඉතාලි රජයෙන් නිකුත් කරන ලද කෝටාව (82,705) මෙන් හතර ගුණය​ක පිරිසක් මෙවර අයදුම් කර තිබෙනවා. 2023 සිට 2025 දක්වා ගිම්හාන සෘතුව සැලකිල්ලට ගනිමින් කෘශි කාර්මීක හා සංචාරක කර්මාන්තයේ රැකියා අවස්තා වැඩි කිරීමේ අරමුනෙන් මෙම කෝටාව තවත් 60000 කින් පමන වැඩි කලහැකි බව ආරන්චි මාර්ග වලින් පවසනවා.

මෙය නැවත මුල සිට අයදුම්කිරීමක් වෙන එකක් නෑ.බොහෝ විට දැනට තෝරාගෙන සිටින පුද්ගයින්ගේ වෙලාවට තවත් විනාඩි කිහිපයක් පසුවී අයදුම් කරන අයට වැඩි අවස්තාවක් ලැබෙන්න පුලුවන් කියලා හිතන්න පුලුවන්. ඒ නිසා කලබල වෙලා අලුතෙන් අයදුම් කරන්න ලෑස්තිවෙන්න එපා.තෝරා ගන්නා අයගේ වේලාවන් තව මිනිත්තු කිහිපයක් පස්සට යාමට හැකියාව තමා තිබෙන්නේ.

ළඟදීම ඒ සුභවාදි ආරංචිය ස්ථිර වේවි යයි අපි බලාපොරොත්තු වෙමු.

මෙය සම්බන්දව තවම රජයේ නිළ නිවේදනයක් නෑ.මෙය TGCOM24 නිව්ස් වෙබ් අඩවියේ 19 GIUGNO 2023 18:44 උපුටාගැනීමක් පමනයි.

Similar Posts