වතු වීසා

කොහොමද අයදුම් කරන්නේ?
ඒජන්සි තියෙනවාද?
ලංකාවේ අයට පුලුවන්ද?
තමන්ටම කරගන්න පුලුවන්ද?

මේක ලංකාවේ සිට හෝ ඉතාලියේ සිටින කිසිම ලාංකීකයෙක්ට ඇප්ලයි කරන්න බෑ. ලංකාවේ හෝ ඉතාලියේ ඒජන්සි වලින් මෙක කරන්න බෑ. දැනට ඉතාලියේ සිටින කිසිම අනවසර සංක්‍රමනිකයෙක්ට මේ නිතියෙන් නිතිගත වෙන්න බෑ . සරලව කියනවා නම් කොල නැති කෙනෙක්ට වීසා එකක් මේ නීතියෙන් හදාගන බෑ.

එතොකට මෙක කරන්න පුලුවන් කාටද? කොහොමද?

මේකට අයදුම් කරන්න පුලුවන් සුදුකම් තියෙන ඉතාලි ජාතිකයෙකුට පමනයි. ඒ වගේම ආදායම් බදු ගෙවන සෑම ඉතාලි ජාතිකයෙකුටම මෙයට අයදුම් කරන්න බැහැ. එම ඉතාලි ජාතිකයාට ඝෘතුමය කාලවලට සරිලන ව්‍යාපාරයක නියුතු අයෙක් විය යුතු අතර කෘෂිකර්මයට,හෝටල් ව්‍යාපාර වැනි අයතන හිමිකරැවෙකු හෝ ඒහා සමාන සමාගමක හිම්කරැවකු විය යුතුවේ. තවද වාර්ෂික ආදායම යූරෝ 26,000.00 ක ආදායමක් ලබන ඒ හා සමානව රජයට බදු මුදල් ගෙවන ආයතනයක් හෝ පුද්ගලයකු විය යුතුවේ. ඒ හා සමානව මෙයට පෙර සේවකයන් ගෙන්වා නිත්‍යානුකූලව රැකියා ලබාදී තිබෙන අයකුද විය යුතුවේ. මෙයට පෙර සේවකයන් ගෙන්වා පුශ්ණ ඇති කරගත් සේවායෝජකුට මේ සදහා අයදුම් කිරීමට නොහැකිය.

මේක ඉතාලි රජයේ අමාත්‍යංශයක් වල අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය මඟින් වසරකට වරක් කෝටා එකක් ඉදිරිපත් කිරීම මඟින් පුද්ගලයන් තෝරාගනු ලබයි. එය හුදෙක් අපේ රටට පමණක් නොව රටවල් ගණනාවකට ලැබෙන අවස්ථාවකි. ඒ සඳහා අයැදුම් කිරීමට ලංකාවේ සිටින කෙනෙකුට සෘජුවම බැරිය. ලංකාවෙන් මෙරටට පැමිණීමට නියමිත කෙනා වෙනුවෙන් මෙරට ඉතාලි ජාතිකයෙක් පෙනීසිටිය යුතුය. මෙය හුදෙක් දැන හැඳුනුම්කම මත සිදු වන දෙයකි. (ඉතාලි කෙනෙක් දන්න අපේ රටේ කෙනෙක්) එම ඉතාලි ජාතිකයා නොකඩවා ඉතාලි රජයට බදු ගෙවන්නෙකු විය යුතුයි. වාර්ෂික ආදායම යම් සීමාවකට යටත්ව රක්ෂණ පහසුකම් ඇති පුද්ගලයෙක් විය යුතුයි.

එම ඉල්ලුම්පත්‍රය පිටු 14 කට වඩා වැඩි වන අතර, අන්තර්ජාලය ඔස්සේ පුරවා යැවිය යුතුයි. මේ සඳහා ආපසු නොගෙනව මුද්දර ගාස්තුවක්ද අයකරනු ලැබේ.

මෙම වීසා බලපත්‍රය ලැබෙන්නේ මාස 9 කට පමණි. මාස 9 කින් පසු රටින් පිටව යාම සාම්ප්‍රදායික ක්‍රමය වන අතර, ඒ අතරතුර ස්ථීර රැකියාවක් ලැබුනහොත් දිගටම රැඳී සිටීමට ද අවස්ථාව හිමිවේ.

ඔන්න ඉතිං ඔය අවස්ථාවට ඇප්ලිකේෂන් ලක්ෂ ගණනින් ලැබෙනවා. ඉතිං එයාල යම්කිසි යාන්ත්‍රණයකට අනුව අයදුම්පත්‍ර ලැබුන පිලිවෙල අනුව පිරිස තෝරා ගන්නවා. මෙන්න මේ වෙබ් සයිට් එකෙන් තමා ඔක ඇප්ලයි කරන්න පුලුවන්.

http://www.interno.gov.it/it

Similar Posts