|

ෆැමීලියාර් වීසා – RICONGIUNGIMENTO FAMILIARE

නිත්‍යානුකුල ඉතාලියේ රැදීසිටින, වෙනත් රටක කෙනෙක්ට තමන්ගේ ස්වාමීපුරැසයා ,භාර්‍යාව, ළමයි හා තම දෙමාපියන් මේ රටට ගෙන්වා ගැනිමට ඉතාලි රජයෙන් ලබා දි ඇති අවස්තාව තමා FAMILIARE වීසා කියන්නේ.

මේ කියන්නේ යන්නේ FAMILIARE එකක් කරන හැටි ගැන සරල විදියට (2019 නිතිය අනුව Milano වලින්) මේ දේවල් වෙනත් නගර වලදි සුලු වෙනස්කම් වෙන්න පුලුවන්, ඒ වගේම ඉදිරියේදි මේ නීති වෙනස් වෙන්නත් පුලුවන්.දැන් අපි කතාකරන්නේ 2019 අවුරුද්දැදේ තිබෙන නීතිය අනුවයි.

අවශයවන ලිපි ලේඛන.

  •  ලංකාවේන් ගෙන්වන කෙනාගේ ගුවන්ගමන් බලපතේ කොපියක්
  • ඉතාලියේ රැදිසිටින කෙනාගේ සියලුම වලංගු ලියකියවිලි.
  • ඔහුගේ රැකියා ගිවිසුම හා ආදයම් බදු ගෙවිම් හා පඩි වාර්තා
  • INPS ගෙවන කෙනෙක් නම් අන්තිම INPS බිල් 4 බලනවා.
  • බුස්තපගා නම් අන්තිම මාස 3ක් (අඩුම තමන්ගේ රැකියාවේ අවුරැද්දක් පරනයි නම් ගොඩාක් හොදයි)
  • 730 හෝ modello unico එක.
  • CUD
  • තමන් රැකියාව කරන ස්තානයෙන් තමන් රැකියාවක් කරනවා කියලා දෙන ලියුම. (Modulo S3)
  • එක පුද්ගලයෙක් ගෙන්වා ගැනිමට 2019 Reddito නීතිය අනුව යුරෝ 8931.00 වාර්ශික ආදායමක් ඔබ සතුවිය යුතුය. වැඩිවෙන සෑම පුද්ගලයෙකුට යුරෝ 2000 වඩා වැඩි විමකට ඔවුන් ගණය කරයි.
  • ලංකාවේ සිට එන අයට නිවසක රැදිසිටිම. ඒම නිවසේ ඉඩ ප්‍රමනාවත්බව කොමුනේන් ලබා දෙන සහතිකය (Alloggiativa)
  • Milano වලින් නම් මෙක ගන්න යුරෝ 400 කට වඩා වියදමක් යනවා. දවස් 29 යනවා ඉල්ලුම්කල දවසේ සිට. මිලානෝ වල ඉතාලියේ රැදිසිටින කෙනත් එම ස්තානයේම ලියපදිංචීවී සිටිය යුතුබව බලනවා. වෙනත් කොමූන වල මෙ දේ අදාල නෑ කියලා තමා කියන්නෙ. වැඩි විස්තර ඕනානම් තමන්ට අදාල comune ට හෝ Prefettura එකට යන්න.
  • එම නිවස ඔබේ නමට, කුලියට හෝ මිලට ගෙන නොමැති නම් අයිතිකරු විසින් ලබා දෙන ලියුම අවශය වේ. (modulo S2) ඔහුගේ ඉතාලි carta identità එකේ පොටෝ කොපියක් එහි ඔවුහු අත්සන් කිරිම අනිවාර්‍ය.

නිවසේ ඉඩ ප්‍රමාණය වැදගත්. මේ තියෙන්නෙ අවශය ඉඩ ප්‍රමාණය.

  • ඔබ මිට කලින් කාසද බැදපු (FAMILIARE එකට ඇවිත් ඩිවොස් වෙලා වෙන කෙනෙක්ට ෆැමීලියාර් දානවා නම්) කෙනෙක් නම් ඔබේ කලින් විවාහයේ දික්කාසද සහතිකය නඩු වාර්තාව හා නියත සහතිකය.
  • වලංගු කාලය අනුව පරිවර්තනය කර එම්බසියෙන් සිල් කරතබාගන්න මේ දේ උවමනා වෙ. (එම සහතික Rome Embassy යෙන් හෝ Milano consolato ගෙන් පරිවර්තනය කර , සීල්කර prefettura එකෙන් සිල් කලාම ඉතාලියට වලංගුවේ. prefettura එක භාරගන්නවා. (තමන් මීට කලින් FAMILIARE එක මගින් ඉතාලියට ගෙන්වා ගත් භාර්යාවගෙන් හෝ ස්වාමි පුරුෂයාගෙන් වෙන්වු බව aggiornamento (cambio stato civile) මගින් කුස්තුරා ආයතනය දැනුවත් කලේ නැත්නම්, දෙවනවර Nullaosta එක ගැනීමට prefettura යාමෙදී , සහතික කල දික්කසාද සහතිකය අනිවාර්යෙන්ම ඉදිරිපත් කල යුතුයි)
  • නමුත් වැදගත් ලංකාවේදි Nullosta එක භාරදිමට යාමේදි ලංකාවෙන් එම්බසියෙන් එම සහතික සිල් කරගන්න ඕනා.
  • යුරෝ 16 Marca di bollo 2ක්.
  • මේ සියලුම දේවල් සපයාගත් පසු ඔබට හෝ ඔබ ඒ ගැන නොදනිනම් CAF එකට ගිහින් online මාර්ගයෙන් Prefettura එකර භාරදෙන්න ඔනා. සාමාන්‍යයෙන් මීලානෝ වලදි නම් මාස 6-8 කාළයක් යනවා නුල්ලාස්තා එක දිමට. අනිත් නගරවලත් මේ හා සමාන කාලයක් ගතවේ.

මේ ෆැමිලියාර් කිරීමේදි ඇතිවන ගැටලු ගැන දැනගන්න ඕනානම් මේ ලින්ක් එකෙන් විස්තර බලන්න.

මෙය ක්ලික් කරන්​න

Similar Posts