|

ඉතාලි වීසා ලබාගැනීමට එම්බසියට බාරදිය යුතු ලිපි ලේඛන.

බොහෝ දෙනෙක් වැරදි මත වල සිටීමත් සමහර ඒජන්සි මගින්න් සපයන තොරතුරු නිර්වද්‍ය නොවන නිසත් ඉතාලියෙන් නුල්ලා ඔස්තා එකක් ලැබීමෙන් පසුව ඉතාලි එම්බසියට ඉදිරිපත් කල යුතු ලිපිලේඛන හා ඉතාලි වීසා අයදුම් කිරීමට අයදුම් කිරීමට ඉදිරිපත් කිරීමට අවශ්‍ය ඩොකුයුම්නට් සම්බන්දව ලිපියක් පළකරන්නට සිතුනා.

ඒ වගේ​ම මේ දින්නවල ගොඩාක් අය අහන දෙයක් තමයි වීසා ඉල්ලන්න පොලිස් රිපෝට් එක ඕනද කියලා. අද දිනය වන විට කිසිම වීසා එකක් සදහා පොලිස් රිපෝය් එක අවශ්‍ය නොවේ.. එසේ නම් අපි බලමු එක් එක් වීසා ඛාන්ඩය සදහා අවශ්‍ය ලිපි ලේඛන.

Family Reunion Visa – For Joining Spouse Resident in Italy/For Children/For Depending parents

පවුල සදහා එකතු වීමේ වීසා ලෙස මෙය හදුන්වන්න පුලුවන්. මේ සදහා

  • බිරිද /ස්වාමි පුරුශයා
  • අවුරුදු 18 ට අඩු ළමුන්
  • දෙමව්පියන් සදහා ඉල්ලුම් කල හැකිවේ.

මේ සදහා වීසා අයදුම් කිරීමට ඔබට ඉතාලියේ ප්‍රෙෆෙත්තූරා ආයතනයෙන් නිකුත් කරන ලද නුල්ලා ඔස්තා එකක් අවශ්‍ය වනවා.මේ වන විට එය ඔන්ලයින් ක්‍රමයට සිදුවන අතර තවමත් සමහර ප්‍රෙෆෙත්තුරා ආයතන නුල්ලා ඔස්තා එක අයදුම් කරන පුද්ගලයාගේ අතට ලබාදෙයි.

මේ Family Reunion Visa සදහා VFS ආයතනයට බාරදිය යුතු ලේඛන ලිස්ට් එකයි.මෙය කාලෙන් කාලෙට වෙනස් වීම් සිදුකරනවා.ඒ නිසා ඒ වෙනස් කිරීම් සම්බන්දව නිතරම අවදානයෙන් සිටින්න. යම් වෙනස් විමක් සිදුවන්නේ නම් අපගේ ෆේස්බුක් ගිනුම් හරහා ඔබව දැනුවත් කරන්නම්.


Employment Visa

ඉතාලියේ රැකියා සදහා අයදුම් කිරීමට ඉතාලි පාර්ලිමේන්තුවේ නීතියක් සම්මත වී කෝටාවක් නිකුත් කිරීම සිදුකරන්වා.එම කෝටාවට අයදුම් කර තේරුන පුද්ගලයින්ට ඉතාලියෙන් නුල්ලා ඔස්තා නිකුත් කරනවා.
එය ලැබුන පසුව ඔබගේ පාස්පෝර්ට් එකට වීසා ලබාගන්න නම් ඔබ අදාල නුල්ලා ඔස්තා එක සමග ඩොකුයුමන්ට් කීපයක් ලබාදෙන්න ඕනා. ඒ අවශ්‍ය වන ඩොකුයුමන්ට්.

මේ ඩොකුයුම්න්ට් වුනත් කාලෙන් කාලෙට වෙනස් වෙන්න පුලුවන්.ඉස්සර මෙඩිකල් අවශ්‍ය වුනත් දැන් එය අවශ්‍යත් නෑ.

Invitation

යම් කිසි පුද්ගලයෙකු සංවිදානයක් විසින් ඔබට ඉන්විටේශන් එකක් මාර්ගයෙන් ඉතාලියට පැමිනීමට ආරදනාවක් කරන්නේ නම් පහත ඩොකුයුම්න්ට් ඔබ vfs ආයතනයට ඉදිරිපත් කල යුතුවේ.

Tourism Visa

සංචාරක වීසා කොටස් දෙකකට බෙදන්න පුලුවන්.

  • ඉතාලියේ සිට ලංකාවේ සිටින පුද්ගලයෙකුට ආරාධනාවක් කරමින් ඉල්ලීම
  • ආරාධනාවක් නොකර සංචාරය සදහා ඉල්ලන වීසා.

මේ සදහා අවශ්‍ය ඩොකුයුමන්ට් පහතින්.

EU Citizens Visa

මේ යටතේ ඉතාලි පුරවැසිභාවය ඇති අයගේ දෙමව්පියන්,ලමුන්,සහකරු හෝ සහකාරිය ඉතාලියට ගෙන්වා ගැනීමේ හැකියාව තිබෙනවා. මේ වන විට ඉතාලි පුරවැසිභාවය තිබෙන බෙහෝ දෙනෙක් සිටින නිසාත් මෙය ඔවුන්ට ඉතාමත් වැදගත් වේවී.

EU Citizens visa is applicable in case you are part of the below categories: This visa is given for travel period of less than 90 days (in this case return travel ticket is required) or for a longer permanence in Italy(in this case one way travel ticket is required):

Spouse of Italian or EU Citizen

Parent of Italian or EU Citizen

Father or Mother in law of EU Citizens / Italian

Child of Italian or EU Citizen

EU Citizens are requested to submit their visa application with an appointment letter.

වීසා සදහා ගමන් බලපත්‍රය ඉදිරිපත් කිරීමේදි ලබාදිය යුතු චායාරූප.

වීසා ඇප්ලිකේශන් ෆෝම් එක.

මෙය ඉංග්‍රීසි භාශාවෙන් ලබා ගැනීමේ හැකියාවත් තිබෙනවා.

වීසා ගාස්තු

ඉන්විටේශන් ෆෝම් එක

Similar Posts