|

ෆැමිලියාර් වීසා අයදුම් කිරීමට සිටින හා කල අය සදහා ඉතාලි එම්බසියෙන් විශේෂ දැනුම් දීම​ක්!

29 September 2023
IMPORTANT NOTICE FOR FAMILY REUNION APPLICANTS

ඔබගේ නුල්ලා ඔස්තාහි අදාල මාස 6ක කාල සීමාව ඉක්මවා යමින් තිබෙන විට, ලේඛන නීත්‍යානුකූල කිරීමේ (Legalizzazione) ක්‍රියාවලිය තවමත් සම්පූර්ණ කර නොමැති අවස්ථාවකදී, VFS වෙබ් අඩවි​ය හරහා (VFS APPOINTMENT SYSTEM) ඔබගේ වීසා අයදුම්පත ඉදිරිපත් කිරීම සඳහා හමුවීමක් ලබා ගැනීමට දිනයක් වෙන් කිරීමට සැමවිටම හැකි බව මතක තබා ගන්න.
ඒ අනුව ඔබගේ ලෙගලයිස් ලේඛන සහතිකකර ඔබට නොලැබී ඇති අවස්ථාවක වුවද VFS ආයතනයට නුල්ලා ඔස්තා බාරදීමට හැකියාව ලැබේ.

අයදුම්පත සත්‍ය වශයෙන්ම ඉදිරිපත් කරන දිනයේ (ඕනෑම අවස්ථාවක නුල්ලාඔස්තාහි වලංගු මාස6 කාල සීමාව තුළ සිදුවිය යුතුය) නීත්‍යානුකූල කිරීමේ ක්‍රියාවලියේ (LEGALIZZAZIONE) ආරම්භය සනාථ කරන FORSITER කුවිතාන්සියේ පිටපතක් ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් වන අතර එමඟින් තානාපති කාර්යාලයට නුල්ලාඔස්තාහි වලංගුතාවය රදවා ගැනීමට අවසර ලැබේ.

මෙය මීට කාලයක පටන් සිදුවුවත් එම්බසිය විසින් නිවේදනයක් නිකුත් කර දැන්වූ ප්‍රථම අවස්තාව මෙයයයි.මීට පෙර මේ ආකාරයට ලීගලයිස් ඩොකුයුමන්ට් පසුව ලබාදීමෙන් වීසා ලබා ගත් බොහෝ දෙනෙක් සිටි.දැන් ඔවුන්ට් නිත්‍යානූකූලව ඉදිරිපත් කල ලියවිල්ලක් තිබෙන නිසා බය වීමට හේතුවක්ද නොමැත.

PLEASE NOTE: in the case of family re-union visa applicants, if the process of legalisation of the relevant civil status documents has not yet been completed when the six-month period of validity of the Nulla Osta is approaching, please note that it is always possible to request and obtain an appointment for the submission of the visa application through the VFS online portal.
On the day of the actual submission of the application (which must in any case take place within the validity period of the Nulla Osta), it will be sufficient to submit a copy of the FORSITER receipt proving that the legalisation process has been started, thus enabling the Embassy to interrupt the expiry of the Nulla Osta, pending the completion of the checks on the civil status documentation. On the other hand, applications submitted after the time limit for the validity of the nulla osta will be subject to a notice of denial and refusal.
NOTA BENE: in caso di ricongiungimento familiare, laddove il processo di legalizzazione dei documenti di stato civile rilevanti non sia stato ancora ultimato all’approssimarsi dei termini semestrali di validita’ del nulla osta, si ricorda che e’ sempre possibile richiedere e ottenere un appuntamento per la presentazione della domanda di visto tramite il portale online di VFS. Il giorno della presentazione effettiva della domanda (che deve comunque avvenire entro i termini di validita’ del nulla osta) sara’ sufficiente presentare copia della ricevuta di FORSITER che provi l’avvenuto avvio del processo di legalizzazione, permettendo cosi’ all’Ambasciata di interrompere i termini di decorrenza della validita’ del nulla osta, in attesa del completamento delle verifiche sulla documentazione di stato civile. Domande presentate oltre i termini di validita’ del nulla osta andranno invece incontro a preavviso di diniego e diniego.

Similar Posts