Curriculum එකක් තනිවම හදාග​මු

අලුතෙන් රැකියාවට යාමේදි හා රැකියාව සදහා අයදුම් කිරීමේදි කුරිකුලම් එකක් අනිවාර්ය වෙනවා.නමුත් බොහෝ දෙනෙක් ඒ දේ නොකරන නිසා හා නොදැනුවත්බව නිසාම හොද රැකියා අවස්තාවන් ගිලිහීයන අවස්තාවන් ඕන තරම් තිබෙනවා.මෙය කාලින් අවශ්‍යතාවයක් නිසා තනිවම සාදා ගැනීමට නොහැකිඅය සදහා උදව්කිරිමේ අරමුනින් මේ ලිපිය ගෙනඑන්නෙමු.

කොහොමද මෙය සදාගන්​නේ?

ඔබට මේ සදහා පරිගනකයක් හෝ තාක්ශනික දැනුමක් අවශ්‍ය වන්නේ නෑ.මේක වෙබ් අඩවිය මාර්ගයෙන් ඔන්ලයින් නොමිලේම හදාගන්න පුලුවන්.මුලින්ම ඔ​බ මේ වෙබ් අඩවියට යන්න.

https://europa.eu/europass/eportfolio/screen/profile-wizard?lang=it

මුලින්ම අපි මේ වෙබ් අඩවියේ රෙජිස්ටර් වෙන්න ඕනා.මේ ටික පුරවන්න.ඔක්කොම ඉවර වුනාම තමන්ගේ ඊමෙල් එකට යූසර් නේම් සහා පාස්වර්ඩ් එක ගහන්න ලින්ක් එකක් එනවා..

ඊමේල් එකට ලින්ක් එක එන්න ටිකක් වෙලාවක් යනවා.ඒ නිස කලබලවෙලා ආයේ රෙජිස්ටර් වෙන්න එපා.මෙන්න මේ වගේ එකක් තමයි එන්නේ.

දැන් ඔබට අලුත් පාස්වර්ඩ් එකක් ගහන්න අවස්තාව එනවා. මේකට අකුරු 8 කට වඩා ගහන්න ඕනා.පාස්වර්ඩ් එක හදද්දි

  • කැපිටල් අකුරු කීපයක් දාන්න.
  • ඉලක්කම් දාන්න
  • සිම්බල් එකක් දාන්​න

පාස්වර්ඩ් එක ගහලා Submit කලාම මේ වගේ එකක් එන්නේ.දැන් පටන්ගමු තමන්ගේ විස්තර පුරවන්න.

Nazionalita එකට cingalese දාන්න ඕනා.ඒ නම ටයිප් කලාට සමහර වෙලාවට එන්නේ නෑ.එහෙම වුනොත් srilanka කියලා ටයිප්කරන්න ගන්න.එතකොට cingalese කියන එක පෙන්වයි.

ඊලගට පුරවන්න තියෙන්නේ මිට කලින් වැඩ කල තැන්වල විස්තර හා දැන් රැකියාවක් කරනවා නම් ඒ පිලිබද විස්තරයි.

  • රැකියාවේ නම (Badante,Domastic,Badante) මේ වගේ
  • වැඩ කල තැන පුද්ගලයගේ නම
  • නගරය
  • කවදා සිට කවදා වෙනකන් ද?
  • ඊට අමතරව ඔබ වැඩ කල තැන මොනවගේ දේවල්ද කලේ කියලා විස්තරයක් ලියන්න. මම ඊට අමතරව වැඩ කල ස්තානයේ නම්බර් එකත් දැම්මා.කැමති නම් දාන්න ඒ​ක

ඔබ රැකියා කීපයක් කරලා තිබෙනවා නම් ඒ පිලිබද විස්තරත් ඇතුලත් කරන්න.එවිට බලන කෙනාට හොද අදහසක් එනවා ඔබ කරන රැකියාවන් පිලිබදව. මම ඔබට පෙන්වීමට අවශ්‍ය නිසා මේ වනවිට රැකියාවක් කරනවා කියන එක පිරෙව්වා.මෙහිදී ඔබ වර්තමානයේ කරන රැකියාව ආරම්භකල දිනය පුරවන්න. ඉන් පසුව In Corso කියන එක ක්ලික් කරන්න.

මේක නම් එච්චර වැදගත් නෑ.එ නිසා පුරවන්න ඕනා නෑ.

මීලගට භාශාව හා දැනුම පිලිබදව පුරවන්න තියෙන්නේ.කැමති නම් මේක පුරවන්නේ නැතිව ඉන්න පුලුවන්.නමුත් ඔබ මෙය සම්පූර්නකලො​ත් අයදුම්පත බලන පුද්ගලයාට මේ මගින් ඔබ ගැන හොද අවබෝදයක් ලබගැනීමට පුලුවන් වනවා.

මේකෙදි මව් බස විදියට දාන්න වෙන්නේ ඉංග්‍රීසී තමයි.සිංහල භාශාව නම් මේකේ දාන්න නෑ.

ඔබගේ භාශාව කතා කිරීම,ලිවීම හා සවන් දීම ගැන ඔබම තක්සේරුවක් කරලා

  • A1
  • A2
  • B1 කියන එවායින් ගැලපෙන දේ තෝරාගන්න.

මේ ඒ ආකරායට පුරවාගත් පසු.මේක මම හිතෙන විදියට අහබුවක් විදියට දැම්මේ.ඔබේ හැකියාව අනුව මෙය හරියට පුරවගන්න.ඊලගට තිබෙන්නේ ඔබගේ පරිගනක දැනුම ගැන.මේක වැදගත් නෑ කැමති නම් පුරවන්න පුලුවන්.

අවසානයේ Cera කියන එක ක්ලික් කරන්න.එහෙනම් දැන් ඔබ 85% ක් විතර ඔබගේ අයදුම් පත හදලා ඉවරයි.

දැන් අපි ඔබ මීට කලින් වැඩ කල ස්තාන වල විස්තර ඇතුලත් කරමු.මේක කරන්න නම් ඔබ සදාගත් අයදුම්පත අවසානයේ Aggiungi Nuova Sezione කියන එක තෝරන්න. ඔතනින් Referenze කියන එක තෝරන්න.

මේ ඒ අකාරයට පුරවාගත් පසු

ඔබට රියදුරු බලපත්‍රය තිබෙනවද එසේනම් පෙර ආකරයට Aggiungi Nuova Sezione යටතේ Patente කියන එක තෝරලා ඔබට තිබෙන කාන්ඩය ඇතුලත් කරන්න.

දැන් කරන්න තිබෙන්නේ ඔබගේ අයදුම්පත සදහා ඔබගේ චායාරූපයක් එකතු කිරීමයි.

මේ සදහා හොදින් පෙනෙන දක්කාම හිත යන ආකාරයේ චායාරූපයක් තෝරගන්න.ෆොටෝ එක දාන්න තිබෙන තැන Edit කියන එක ක්ලික් කලාම ඔබගේ ජංගම දුරකතනයේ හෝ පරිගනයේ තිබෙන චායාරූපයක් මේ සදහා එක් කරන්න පුලුවන්.

හරි ඔක්කොම අවසානයි දැන් මේක ඔබගේ දුරකතනයට සේ​ව් කරගන්නයි යන්නේ.මුලින්ම La Mia Biblioteca කියන එක ක්ලික් කරන්න.එවිට පහත චායාරූපයේ ආකාරයට බොක්ස් එකක් ලැබෙන​වා. මෙහිදි පලවෙනි බොක්ස් එකේ තිබෙන CV කියන එකේ Crea Un CV කියන එක ක්ලික් කරන්න.

දැන් ඔබට මේ අකාරයට වින්ඩෝ එකක් ඕපන් වෙන්වා.මෙතනින් Inizia dal tuo Profilo කියන එක තෝරන්න.

දැන් ඔබ සම්පූරනකල අයදුම් පත පෙන්වනවා. මෙතනින් Seleziona l’intero profilo කියන එකට හරි ලකුන යොදන්න.ඉන්පසු Avanti

ඉන්පසුව එන මැසෙජ් එකෙන් අහන්නේ වෙනසක් කරන්න තියෙන්වද කියලා.එතනින් No grazie දෙන්න.ඉන්පසුව එන වින්ඩෝ එකෙන් අයදුම්පත හදන්න ඕනා ආකෘතිපත් පෙන්වන්වා.ඔබ කැමති එකක් තෝරගන්න. Avanti

දැන් අවසානයට ඇවිල්ලා තිබෙන්නේ.ඔබට කැමති නමකින් ඔබගේ අයදුම්පත ඔබගේ දුරකත්නයට හෝ පරිගනකයට සේව් කරගන්න පුලුවන්. Scarica කියන එක ඔබන්න.

ඩවුන්ලෝඩ් කල පසු ඔබගේ අයදුම්පතත් මේ අකාරයට බලාගන්න පුලුවන්.දැන් මේක ප්‍රින්ට් කරගැනීමට හෝ ඔන්ලයින් මාර්ගයෙන් රැකියා සදහා අයදුම් කරන්න පුලුවන්.

ස්තූතියි අවසානය වන තෙක් රැදී සිටියාට.මෙය ඔබට වැදගත් වුනා නම් ශෙයාකරන්නත් අමතක කරන්න එපා.

Similar Posts