කොමිස් මුදල අඩුවෙ​න් ලංකාවට මුදල් යවමු.

බහුතරයක් දෙනා ඉතාලියේ සිට ලංකාව​ට මුදල් යවන ක්‍රම දෙකක් තිබෙනවා.

  • බලයලත් මුදල් යවන ආයතන මගින්, යවන ක්‍රමය අනුව වර්ග කලො​ත්
    • western Union
    • Money Gram
    • NEC
    • Valutrans ප්‍රධාන​ම ක්‍රම කිහිපයක්
  • නිත්‍යානූකූල නොවන ආකරයට මුදල් යැවීම.
    • ලංකාවට යන අයගේ අතේ මුදල් යැවීම
    • ලියාපදිංචි නොවූ ආයතන වලින් මුදල් යැවී​ම

අද අපි කියන්නේ යන්නේ මේ ක්‍රම දෙකටම වඩා වෙනස්ම ක්‍රමයක් ගැනයි. මෙහිදි ඔබට නිවසේ සිටම ඔබගේ ජංගම දුරකතනයෙන්ම ආරක්ශාකාරිව මුදල් යැවීමේ හැකියාවක් තිබෙනවා.

මේ සදහා ඔබට බැංකු කාඩ් පතක් අවශ්‍යවනවා. එය

  • Master Card
  • Visa
  • Maestro
  • American Express යනාදි ඕනම බැංකු කාඩ්පතක් භාවිතා කරන්න පුලුවන්.

අද ඔබට කියන වෙබ් අඩවියේ/දුරකතන ඇප් එකේ නම TransferWise. මෙමගින් ආරක්ශිතව ඉතාමත් පහසුවෙන් හා ඉක්මනින් ලංකාවට මුදල් යැවීමට හැකියාවක් තිබෙනවා.

මෙච්චර මුදල් යැවීමේ ක්‍රම තියෙද්දි අපි මේක ගැන කියන්නේ ආයි කියලා ඔබට හිතෙන්න පුලුවන්.මේකටම ප්‍රදානම හේතුව තමයි මුදල් යැවීමට යන කොමිස් මුදල ඉතාමත් අඩු වීම. ඔබට අනෙකුත් ආයතන මගින් මුදල් යැවීමේ හා මේ TransferWise මගින් මුදල් යැවීමේ වාසිය ගැන ඔබට තේරුම් කර දෙන්නම්.

මුද​ලValutrans කොමිස් මුද​ලTransferWise කොමිස් මුද​ල්
යූරෝ 0 සිට 50යූරෝ 05යූරෝ 1.12 ත් 1.47 ත් අතර මුදල​ක්
යූරෝ 50 සිට 100යූරෝ 05යූරෝ 1.47 ත් 1.86 ත් අතර මුදල​ක්
යූරෝ 100 සිට 200යූරෝ 05යූරෝ 1.86 ත් 2.63 ත් අතර මුදල​ක්
යූරෝ 200 සිට 300යූරෝ 05යූරෝ 2.63 ​ත් 3.40 ත් අතර මුදල​ක්
යූරෝ 300 සිට 500යූරෝ 05යූරෝ 3.40 ත් 4.90 ත් අතර මුදල​ක්

ඔබට හිතෙන්න පුලුවන් transferWise මගින් අයකරන කොමිස් එක අඩුවුනාට යූරෝ එකක් සදහා අයකරන මුදල අඩු ඇති කියලා.නෑ එහෙම වෙනසක් නෑ.ඔබට ඒ සදහා උදාහරනයක් දෙන්නම්.

දින​යValutrans මගින් යූරෝ 01 කට ගෙවන මුද​ලTransferWise මගින් යූරෝ 01 කට ගෙවන මුද​ල
ජූලි 27218.10218.36

ඔබට වෙනස තේරුනා නේද.මෙහිදි කියන්න ඕනා වැදගත්ම දේ තමයි මේ වෙබ් අඩ්වියෙන් යූරෝ 500 කට වඩා මුදලක් යවනවා නම් පොඩි අවාසියක් තියෙන්වා.එතකොට පොඩ්ඩක් ගෙවිය යුතු කොමිස් මුදල වැඩිවෙනවා. යුරෝ 500 ට අඩු වටිනාකමක් සදහා නම් මෙය ගොඩාක් වාසි දායකයි.

මුලින්ම මේ සදහා ලියාපදිංචී වීමට අවශයයි. බලමු කොහොමද මෙය කරන්නේ කියලා. ලියාපදිංචි වීමට අවශය ලින්ක් එක පහතින් දාන්නම්.

ලින්ක් එක හරහා ගියාම මේ වගේ එකක් තමයි එන්නේ.ඔබට මේ සදහා ලියාපදිංචි වීමට ක්‍රම කිහිපයක් තිබෙනවා.

  1. Facebook
  2. Google
  3. Apple මගි​න්

ඔබ හරියාකරව ලියාපදිංචි වෙ​ලා Send Money කියන එක ක්ලික් කරන්​න

ඔබට යැවීමට අවශ්‍යවෙන මුදල තෝරන්න. ඔබ යූරෝ වලින් යවන නිසා යූරෝ කියන එක තෝරන්න.

ඊලගට වැදගත්ම දේ තමයි මුදල් යැවීමට අය කරන කොමිස් මුදල මේකෙදි Low Cost transfer කියන එක තෝරන්​න.ඉන්පසුව මුදල යැවිය යුතු රට තෝරන්න.

මම මීට කලින් කීපදෙනෙක්ට මුදල් යවලා තිබෙන නිසා ඒ අයගේ විස්තර පෙන්වනවා.ඔබ අලුතෙන්ම මේ සදහා එකතුවන නිසා මොනවත්නම් පෙන්වන එකක් නෑ.ඒ නිසා ඔබ Someone else   කියන එක තෝරන්​න

ලකාවෙන් මුදල් ලබාගන්න කෙනාගේ විස්තර ටික පුරවන්න තිබෙන්නේ.

මෙතන ලැංකාවේ තිබෙන සියලුම බැංකු හා ශාකාවන් තිබෙන්වා.ඒ නිසා ඔබ මුදල් යවන පුද්ගලයාගේ බැංකුව, බැංකුවෙ ශාකාව,බැංකු අංකය නිවැරදිව පුරවන්න.

මේ ටික ඉවරවුනාට පස්සේ ඔබේ බෑන්ක් විස්තර ටික පුරවන්නයි තිබෙන්නේ.පලවෙනි පාර නිසා ඔක්කොම ටික පුරවන්න නම් වෙනවා.ඔබට තිබෙන කාඩ් එකේ වර්ගය Debit හෝ credit යන්නෙන් අදාල කාඩ් එක තෝරන්න.

ඉන්පසුව ඔබේ කාඩ්පත් අංකය හා කාඩ්පත expiry වන දිනයද අංක 03 කින් සමන්විතවන CVV අංකයද ඇතුලත් කරන්​න

ඔබට මෙය කිරීමේදී ගැටලුවක් ඇතිවුනොත් මැසේජ් එකක් දාන්න.ඔබ මෙය පුරවද්දි විස්තර හරියට පුරවන්නත් මතක තබාගන්න,එ වගේම බැංකු විස්තර හා ලබන්නාගේ විස්තර හරියාකරව ඇතුලත් කරන්න.

ඔබටත් මේ වෙබ් අඩවියේ දැන්වීම් පලකිරීමට අවශ්‍යනම් infoitaliyeapi@gmail.com නැමැති ඊමේල් ලිපිනයට පණිවිඩයක් තබන්න..

Similar Posts