ස්ථිර පදිංචිය තමන් ජීවත් වන නගර සභාවේ ලියාපදිංචි කිරීම.

Scrizione anagrafica (residence) යනු ඉතාලියේ නිත්‍යානුකුල රැදිසිටින පුද්ගලයෙක් තමන්ගේ ස්ථිර පදිංචිය තමන් ජීවත් වන නගර සභාවේ ලියාපදිංචි කිරීමයි. ඉතාලියට නිත්‍යානුකුල ඇතුල් වෙන පුද්ගලයෙකු වසරක් තුල දී මෙම ස්ථිර පදිංචිය තවුරැකිරිම අනිවාර්‍ය කරැනකි. ඉතාලි ජාතිකයකු යටත්වෙන කොන්දේසිවලට සමානව විදේශිකයන්ට ද මේ නීතිය බලපවත්වයි. Residence දැමිම මේ කාරනාවලදි ඔබට අනිවාර්‍යවේ.

  • ඔබගේ රැදිසිටිමේ බලපත්‍රය අලුත්කිරිම
  • ඉතාලි හැදුනුම් පත ලබා ගැනීමට
  • Tessera sanitaria (බෙහෙත් කාඩ්එක සැදිමට)
  • ඉතාලි පුරවැසිභාවය ලබාගැනිමට
  • ඉතාලිය තුල ඔබට ලබාගත හැකි යම් සහනයන් ලබාගැනිමට.

යම් පුද්ගලයෙකු residence නැතිව සිටියොත් යම් ගැටලු මතුවේද?

ඔව් ඔබ ඔබගේ ස්ථිර පදිංචිය තහවුරු නොකර සිටිමෙන් ඔබගෙ රැදිසිටිමේ බලපත ද අහෝසි වී ඔබට රටින් පිටවිමේ අවදානමක් ඇති විමට ඉඩ ප්‍රස්තාව වැඩිය. ගොඩක් දෙනෙක් දිර්ඝකාලීන රැදිසිටිමේ බලපත ලබගත් පසු (permessi di soggiorno lungo periodo) පදිංචීය තහුරැකිරිම ගැන අවදානයක් යොමුනොකරයි එය ඔබ නොදනුවත්ම ඔබේ රැදිසිටිමේ බලපත අහෝසිවෙන වරදකි. (නිතිමය තත්වය මේසේය.මේය පිළිගැනිම හෝ නොගැනිම ඔබ සතුය.යම් ගැටලුවක් පැන නැගුනොත් එය බලපන්නේ මට නොව ඔබට නිසා)

Ospitilita කියන්නේ මොකක්ද?

Residence හා ospitiliti අතර වෙනසක් තිබේද? එමගින් ඉතාලි හැදුනුම්පත හා රැදිසිටිමේ බලපත අලුත් කරගැනිමේ හැකියාවක් ඇත්ද?

 ඔබ යම් නගරයකට හෝ යම් වෙනත් ස්තානයකට තාවකාලිකව පදිංචියට යාම comune සටහන් කිරිම ospitiliti කියා සරලව හැදින්විය හැක. මෙමගින් ඔබට ඉතාලි හැදුනුම්පත සදාගැනිනට හෝ අලුත්කිරිමක් කල නොහැකි අතර,
ඔබට රැදිසිටිමේ බලපත දිර්ඝකරගැනිමේ හැකියාවක් පවති. ඊටපෙර ඔබ residence යොදා තිබිම අනිවාර්‍ය වේ.
ඉතාලියේ කොමුනියක ස්ථිර පදිංචිය නොමැතිනමි Dichiarazione d’ospitalità එකක් මගින් තාවකාලික පදිංචිය පෙන්වීමෙන් විසීමෙ බලපත්‍රය අලුත් කර ගන්න පුලුවන්. එහෙම නැත්නම් ස්ථිර පදිංචිය තිබෙන පළාතෙන් කරගන්න.

Residenz අහෝසිවිය හැකි ද?

යම් හේතුන් මත අහෝසිවිය හැක. ඔබේ රැදිසිටිමේ බලපත අලුත්කිරිමේදි හා යාවත්කාලින කිරිමෙන් පසු comune ට ඒ බව දැනුම් නොදිමත් එක් හේතුවකි. නීතියට අනුව නිශ්චිත කාලසීමාවක් දක්වා නැති අතර Istat circolare අනුව සාමාන්‍යයෙන් එක දිගටම අවුරුද්දක් තිස්සෙ යම් කිසි පුද්ගලයෙකු තමන්ගේ පදිංචි ස්ථානයේ දී සොයා ගත නොහැකි නම් හෝ කොමුනියට ඔහුගේ වර්තමාන පදිංචි ස්ථානය සොයා ගත නොහැකි අවස්ථාවල cancellazione per irreperibile යනුවෙන් සලකා ස්ථිර පදිංචිය අවලංගු කරනවා. රෙසිඩන්ට් අහෝසි කිරිමට පෙර තෙවතාවක් ඒ බව තමාගේ රෙසිඩන්ට් තිබෙන ලිපිනයට ලිඛිතව දන්වන අතර අවසන් වතාවට ලියා පදිංචි තැපෑලෙන් හෝ කොමුනෙට අදාල පොලිසිය මගින් හෝ දන්වනු ලබති.

යම් කෙනෙක් අලුතින් Residenza දානවා නම් ඔබ Residence දමන ප්‍රදේශය අයිති comune web site එකෙන් ඔබේ ඉලුම්පත online ඉල්ලුම්කල හැක. (සමහර comune වල ඇපොයිමන්ට් ගන්න උවමනා නෑ සතියේ දින 5ම මේ සදහා ඔබට යාමේ හැකියාව ඇත) එසේ නොමැතිනම් රෙසිඩන්ට් දැමිම අවශය්‍ය සියලු ලියකියවිලි කොමුනෙට තැපැල් කර ඒ සදහා ඉල්ලුම්කල හැකිය.

Milano ඉන්න අයට නම් මොඩුලෝ පුරවලා අවශ්‍ය ලියකියවිලි එක්ක ඊ මේල්, ෆැක්ස් කිරිමේ හැකියව ඇත. (මෙය milano අයට පමනි)

Residence දැමිමට වලංගු රැදිසිටිමේ බලපත අනිවාර්‍ය. රිචවුතෝ (කොටකෙලේන්) ඉල්ලුම්කල නොහැක. ඔබට residence ලබාදෙන්නගේ හැදුනුපත හා නිවාස කොන්තරත්තුව අනිවාර්‍යවේ.

Similar Posts