ශ්‍රී ලංකාවේ එන්නත ග​ත් අය Green Pass ගන්නේ කොහොමද?

ශ්‍රී ලංකාවේ පිහිටි ඉතාලි එම්බසිය මගින් නිකුත් කර ඇති නිවේදනයට අනුව ශ්‍රී ලංකාවෙන් හෝ මාලදිවයිනෙන් ලබා ගත් පහත සදහන් එන්නත් සදහා ඉතාලියේදී Green Pass අනුමැතිය ලබාගත හැක.

  • ෆයිසර් Pfizer
  • මොදෙර්නා Moderna
  • ජොන්සන් ඇන්ඩ් ජොන්සන් Johnson & Johnson
  • කොවිශීල්ඩ් Covishield
  • R-COVI
  • අස්ත්‍රාසෙනෙකා (COVID-19FLOCRUS AstraZeneca)

ඉහත සදහන් එන්නත් ලබා ගත් අය තමා පදිංචි ප්‍රදේශයේ ඇති ASL එකට සම්බන්ධ වීමෙන් පසු Green Pass එක ලබා ගත හැකිවේ. එන්නත් සහතිකය ඉංග්‍රීසි භාශාවෙන් ප්‍රමානවත් අතර පරිවර්තනය හෝ එම්බසිය මගින් සහතික කිරීම අවශ්‍ය නොවේ. ඉතාලි ජාතිකයෙක් නම් ලංකාවේ හෝ මාලදිවයිනේ සිට පැමිණෙන පවුලේ අයටද Green Pass ඉල්ලා සිටීමේ හැකියාව ඇත. ශ්‍රී ලාංකීකයන්ට මෙය ඉල්ලා සිටීමට ස්ථීර පදිංචිය හෝ රැකියාවක් කිරීම අවශ්‍ය බව මෙහි සදහන් වේ.

මෙම සහතිකයේ අඩංගු වියයුතු කරුණු පහත දැක්වේ.

  • එන්නත ලබා ගත් පුද්ගලයාගේ සම්පූර්ණ නම සහ උපන්දිනය
  • ලබාගත් එන්නතේ විස්තර (නම සහ කාන්ඩ අංකය)
  • එන්නත ලබාගත් දිනය
  • එන්නත ලබා දුන් රට සහ එහි වගකීම් භාරත්වය

මෙම කරුණු සහිත එන්නත් සහතිකය ඔබේ Green Pass එක ලබා ගැනීම වඩා පහසු කරනු ඇත.

ඉතාලියේ සියලුම සේවකයින්ට Green Pass අනිවාර්ය කරයි.

විදේශ ගත වන අය සදහා එන්නත ලබාගත් බවට ලැබෙ​න සහතික පත ලබාගත හැක්කේ මේ ආකාරයටයි.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *