ඉතාලියේ සියලුම සේවකයින්ට Green Pass අනිවාර්ය කරයි.

ඔක්තෝම්බර් 15 දා සිට රාජ්‍ය පරිපාලනයේ සහ පෞද්ගලික අංශයේ සියලුම සේවකයින් සඳහා ග්‍රීන් පාස් අනිවාර්ය කිරීමට තීරනය කර තිබේ. මෙම තීරනය ඉතාලියේ හදිසි නීතිය අවසන් වන දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වේ.

  • මහේස්ත්‍රාත් වරුන්ට
  • බැංකු සේවකයින්
  • ගෘහ සේවකයි​න්,
  • Badante  රැකි​යා කරන අය සද​හා
  • විදුලි කාර්මීකයි​න්
  • ජල නල කාර්මීකයි​න්
  • ඇමති වරුන්​ට
  • නගර සභා සේවකයින්
  • ආණ්ඩුකාරවරුන්
  • ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඡන්දයෙන් තේරී පත්වන නියෝජිතයින්
  • ස්වේච්ඡා සේවකයන්

මීට අමතරව තම්පෝනේ මිල ගනන් සංශෝදනයක්ද සිදුකර තිබේ. බාල වයස්කාර දරුවන් සදහා යූරෝ 8 ක්ද වැඩිහිටියන් සදහා යූරෝ 15ක් වැනි මුදලකට තම්පෝනේ කිරීමේ අවස්තාව ලබාදීමට සූදානම් වී සිටිනවා. මෙම කෙටුම්පත මඟින් මිල ගණන් නොසලකන ෆාම​සි සඳහා යුරෝ දහසේ සිට දහා දා​හ දක්වා දඩ මුදලක් ගෙවිය යු​තු අතර දින 5 ක් සඳහා ව්‍යාපාරය වසා දමන ලෙස ද නියෝග කළ හැකිය.

ඔබ විසින් Molecolari පරික්ශනයක් සිදුකලහොත් ඔබට පැය 72ක් දක්වා කාලයක් සදහා Green Pass ලැබෙන අතර Antigenici rapidi පරීක්ශනයක් සිදුකලහොත් පැය 48 කට Green Pass ලබාඅගැනීමේ හැකියාවක් තිබෙනවා. කොවිඩ් රෝගයෙන් සුවය ලැබූ අයට ඉක්මනින්ම ග්‍රී​න් පාස් ලබාදීමට කටයුතු කිරිමට​ද මෙමගින් තීරනය වී තිබේ.

අත්හිටුවීම සහ සම්බාධක

ග්‍රීන් පාස් නොමැතිව හෝ ව්‍යාජ ලෙස රැකියා ස්ථානයට ඇතුළු වන අය සඳහා යුරෝ 600 සිට 1500 දක්වා දඩ මුදලක් අය කෙරේ. එමෙන්​ම නීතිරීති වලට අනුකූල නොවන ආකාරයට සේවකයින් සේවයේ යොදවන සේ​වායෝජකයින්ට යුරෝ 400 සිට 1,000 දක්වා දඩ මුදලක් ගෙවීමට සිදුවේ.

මීට අමතරව ග්‍රීන් පාස් ලබාගැනීමට හෝ ඉදිරිපත් කිරීමට පොහොසත් වන සේවකයින් සදහා සේවයට නොපැමිනියා යැයි සලකා වැටුප කප්පාදුවක් සිදුකරනු ලබනවා. මෙය අදාල සේවකයා Green Pass ඉදිරිපත් කරන තෙක්ම කප්පාදුවක් සිදු කිරීමට හැකිවන අයුරින් නීතී සම්පාදනය කර තිබෙනවා. යම් විදියකින් මාස ගනනක් මුලුල්ලේම Green Pass ඉදිරිපත් නොකලහොත් රැකියාව සම්බන්දයෙන්ද ගැටලු ඇති වීමට ඉඩ තිබේ.

Green Pass නොමැති වීම සේවයෙන් ඉවත්කිරීමට හේතුවක් නොවන බවද අවසානයේ ඔවුන් මතක් කර දී තිබෙනවා.

පරිවර්තනය – Repubblica.it

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *