ඔක්තෝබර් 01 සිට විදෙස්ගතව සිට ලංකාවට පැමිනෙන අයට නව මාර්ගපොදේ​ශ

දේශීය හා විදේශීය ගුවන් මගීන් සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පනවන ලද නව සෞඛ්‍ය මාර්ගෝපදේශ ඊයේ (28) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව පූර්ණ එන්නත්කරණයට ලක්ව සති දෙකක් ඉක්මවා ඇති අදාළ ගුවන් මගීන් මෙරටට පැමිණිමට පෙර අදාළ රටේදී පැය 72 ක් ඇතුලත සිදුකරන ලද PCR පරීක්ෂණයකින් කොවිඩ් ආසාදිතයෙකු නොවන බව තහවුරු වී නම් මෙරටදී නැවත PCR පරීක්ෂාවකට ලක් නොවී සමාජගතවීමට අවස්ථාව හිමිවනවා.

එමෙන්ම පූර්ණ එන්නත්කරණය නොවූ විදේශීය සංචාරකයින්ට ජෛව බුබුළක් යටතේ සිය හෝටලය වෙත යාමට අවස්ථාව හිමිවන අතර එහිදී ඔවුන් PCR පරීක්ෂණයකට ලක් විය යුතුයි.

එසේම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණීමේදී ගුවන් තොටුපළේදී හෝ රැදී සිටින හෝටලයේදී PCR පරීක්ෂණ කිරීමෙන් පසු ආසාදිතයෙකු නොවන බවට තහවුරු වුවහොත් ඔවුන්ට සිය නිවෙස්වලදී නිරෝධායනයට යොමු වීමේ අවස්ථාව හිමි වනවා.

ඉන්පසු නැවතත් දින 12 කට පසු PCR පරීක්ෂණයක් සිදු කළ යුතු අතර එමඟින් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වන්නේ නම් ඔවුන්ට සමාජගතවීමට අවස්ථාව හිමිවන බවයි නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වෙන්නේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

දෙස් විදෙස් ගුවන් මගීන් සඳහා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරයි.

දිවයිනට පැමිණෙන දෙස් විදෙස් ගුවන් මගීන් වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය නව මාර්ගෝපදේශ නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලාංකිකයින් දිවයිනට පැමිණීමේ දී විදේශ අමාත්‍යාංශය හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ අනුමැතිය අවශ්‍ය නොවන බවයි සඳහන් වන්නේ.සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නව මාර්ගෝපදේශ සහිත නිවේදනය පහතින්.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *