දින 10 යේ ලියුම ලැබුනොත් කුමක්ද කල යුත්තේ?

නීතිඥ සචිනි වර්ණකුලසූරියගෙ ලිපියකී.

ඉතාලි පරිපාලන හා සංක්‍රමන නීතියට අනුව දින 10ක් ඇතුලත (Art. 7,8,10 e 10 bis legge 241/90) ලේඛන හෝ හේතුන් ඉදිරිපත් කරන්න යැයි කරන්නාවූ දැනුම් දීම යනු කුමක්ද?

මාගේ උපදෙස් පතා මාගේ නීති කාර්යාලය වෙත පැමිනෙන ඇතැම් ලාංකිකයන් “ලියුමක් දුන්නා ඩොකියුමන්ට් ගේන්න කියලා” යැයි Questura, Prefettura, Comune, Ministero හෝ Ambasciata වැනි ඉතාලි රජයේ ආයතන විසින් දින 10ක් ඇතුලත ලේඛන හෝ හේතුන් ඉදිරිපත් කරන්න යැයි කරන්නාවූ දැනුම් දීම මා අතට පත් කරනවා.

බොහෝ දෙනා මෙම දැනුම් දීම සුලු වශයෙන් සලකා, “ලිපියක්” වශයෙන් හදුන්වන්නේ මෙහි ඇති නීතිමය පසුබිම පිලිබදව නොදන්නා නිසයි.

Questura, Prefettura, Comune, Ministero හෝ Ambasciata වැනි ඉතාලියේ රජයේ ආයතන මෙම දැනුම්දීම පිළිබඳ කිසිදු පැහැදිලි කිරීමක් කිරීමටද බැදී නොමැති බවත් කිව යුතුයි. ඉතාලියේ රජයේ ආයතන සමග ගනුදෙනු කිරීමේදී දැනුවත් වීමකින් තොරව කටයුතු කිරීම තමන්ට අවාසි විය හැකියි.

තමන් ඉතාලියේ රජයේ ආයතනයකට ඉදිරිපත් කරන්නාවූ ලියකියවිලි, ලිපි ලේඛන, සම්බන්ධයෙන් ඒවාහී සත්‍ය අසත්‍ය භාවය සම්බන්ධයෙන් ඉතාලි රජයට වගකිවයුතු වන්නේ අයදුම්කරුවා පමණක් බව මතක තබාගැනීම ඉතාම වැදගත්.

විශේෂයෙන් සදහන් කල යුතු කාරනාවක් නම් ලියකියවිලි ඉදිරිපත් කිරීමේදී තමන්ගේ ප්‍රකාශ (autodichiarazione) වලට අත්සන් තැබීමේදී එහි තිබෙන කරුනු හා නීතිමය පසුබිම පිළිබඳ දැනුමක් ඇතිව අත්සන් කල යුතු වේ. තවද එහි චායා පිටපතක් ලග තබා ගත යුතුය.

  • ඉතාලියේ රැදී සිටීමේ බලපත්‍රය (Permesso di soggiorno) ඉල්ලුම් කිරීමේදී හෝ අලුත් කිරීමේදී
  • ඉතාලියේ දිගුකාලීනව රැදී සිටීමේ බලපත්‍රය (Permesso di soggiorno UE per soggiornanti di lungo periodo) ඉල්ලුම් කිරීමේදී
  • පවුල එකතු වීමට ඉල්ලුම් කරන්නාවු අවසරය (Nulla osta al Ricongiungimento familiare) ඉල්ලුම් කිරීමේදී
  • ඉතාලි පුරවැසි භාවය (Cittadinanza) ඉල්ලුම් කිරීමේදී
  • හෝ නගර සභාවේ තම පදිංචිය (Residenza) සනාථ කිරීම වැනි අවස්ථාවන් හීදී
  • වීසා ඉල්ලුම් කටයුතු වලදී (Ambasciata)

Questura, Prefettura, (පොලිස් ආයතන) Comune (නගර සභාව), Ministero (අමාත්‍යංශ) හෝ Ambasciata (තානාපති කාර්යාල) මගින් දින 10ක් ඇතුලත ලේඛන හෝ හේතුන් ඉදිරිපත් කරන්න යැයි කරන්නාවූ දැනුම් දීම (ලිපිය) අවතක්සේරුවට ලක් කිරීමේන් බොහෝ දෙනාට ඉතා කණගාටුදායක තත්වයනට මුහුණ පාන්නට සිදු වනවා.

බොහෝ විට දින 10න් පෙර මෙය රැගෙන පලපුරුදු නීතිඥයකු වෙත යෑමෙන් මෙවැනි කණගාටු දායක තත්වයන් මගහරවා ගැනීමට අවස්ථාව තිබෙනවා.

තවද මෙම දින 10ක් ඇතුලත (Art. 7,8,10 e 10 bis legge 241/90) පිලිතුරු සැපයීමේදී හොදින් කරුණු කාරනා තේරුම් ගෙන පිලිතුරු සැපයීමද ඉතාමත් වැදගත්.

අයදුම් කරන්නාවු ඉල්ලීම ප්‍රතික්ෂේප (Rigetto) කිරීමට පෙර ඉතාලියේ රජයේ ආයතන විසින් එම අයදුම්පත, ඉල්ලීම පිළිගැනීම වලක්වන හේතු ක්ෂණිකව දැනුම් දීම මෙම දැන්වීම මගින් සිදු කරනු ලබනවා.

නමුත් දින දහයක් ඇතුළත අයදුම්කරුවන්ට තම හේතූන් ලිඛිතව ඉදිරිපත් කිරීමට නොහැකි වුව හොත් අයදුම් කරන්නාවු ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට (Rigetto) කිරීමට අදාළ රජයේ ආයතනයට හැකියාව තිබෙනවා.

එමෙන්ම අයදුම්කරු හට දින 10ක් ඇතුලත ලේඛන හෝ හේතුන් ඉදිරිපත් කරන්න යැයි කරන්නාවූ දැනුම් දීම නොකොට ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට (Rigetto) කිරීමට අදාළ රජයේ ආයතනය විසින් සිදු කලහොත් එයට විරුද්ධව නීතිමය වශයෙන් එරෙහි වීමට අයදුම්කරුවන් හට අවස්ථාව තිබෙනවා.

සකස් කලේ,
නීතිඥ සචිනි වර්ණකුලසූරිය
Praticante Avvocato Abilitato Foro di Verona
Esperti periti traduttori interpreti C.C.I.A.A di Verona.
+39 388 6279735

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *