කටුනායක ගුවන්තොටුපල PCR පරීක්ෂණාගාරය අද (23) විවෘත කෙරුණා . පැයකට පී.සී.ආර් පරීක්ෂණ 500 බැගින් දිනකට පී.සී.ආර් පරීක්ෂණ 7000ක් මෙම පරීක්ෂණගාරය තුළ සිදුකිරීමට නියමිතයි.

මෙරටට පැමිණෙන සංචාරකයින්ට පැය තුනක් වැනි කෙටි කාලයක් තුළ පී.සී.ආර් පරීක්ෂණ වාර්තාවක් නිකුත් කිරීම මෙමඟින් සිදුකෙරෙනවා. ඒ අනුව කටුනායක 18 කනුව ප්‍රදේශයේ පිහිටුවා ඇති ගුවන් තොටුපොළ පී.සී.ආර් පරීක්ෂණාගාරයේ වාර්තාව නෙගටිව් වන, එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන ඇති සංචාරකයින්ට බාධාවකින් තොරව ශ්‍රී ලංකාවේ නැරඹුම් ස්ථාන කරා යා හැකියි.

මෙවැනි උසස් තත්වයේ පී.සී.ආර් පරීක්ෂණාගාරයක් ආසියානු රටක ගුවන්තොටුපලක් ආශ්‍රිතව ඉදි කෙරුණු පළමු අවස්ථාව මෙයයි. පෞද්ගලික සමාගමක් මෙහි ආයෝජනය කර තිබුනත් පරීක්ෂණාගාරයේ සම්පූර්ණ අයිතිය ඇත්තේ ගුවන්තොටුපල හා ගුවන් සේවා සමාගමටයි. වසර දෙකක කළමණාකරන ගිවිසුමක් යට​තේ පරික්ෂණාගාරය ක්‍රියාත්මක වේ. මේ පරීක්ෂණාගාරය සංචාරකයින්ගේ පී.සී.ආර් කිරීමට. ඩොලර් 40 ක මුදලක් අය කරනු ලබයි.මෙම පහසුකම රටවිරුවන්ටද ලබාදීමට ද නියමිතයි.

කෙසේ නමුත් මෙහිදි කිවයුතුම දේ නම් මෙම පරීක්ශනයෙන් පසුව නිවෙස් වෙත යා හැක්කේ එන්නත් දෙකම ලබාගෙන දින 14 කට පසුව ලංකාවට ඇතුල්වන පුද්ගලයින්ට පමනී.











LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here