රට රැකියාවට ගොස් එන අයට නිරෝධායනය නොමිලේ

කොරෝනා වසංගතය හමුවේ මැද පෙරදිග ඇතුළු විදේශයන්හි විවිධ රැකියාවන් වල නිරත ශ්‍රී ලාංකිකයින් කඩිනමින් ගෙන්වාගැනීම සඳහා පෞද්ගලික අංශයේ සංචාරක හෝටල් හා නිකේතන 10 ක නොමිලේ නිරෝධායන පහසුකම් ලබාදීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවර ගෙන ඇත.

ඒ සඳහා ජාතික කොවිඩ් මර්දන කාර්ය සාධක බලකායේ අනුමැතිය හිමිව ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙම එමගින් එක් වරකට 571 දෙනකුට නිරෝධායන පහසුකම් සැපයේ.

මෙහි දී හෝටල් ගාස්තු, ආහාර පාන සහ සෙසු සියලු පහසුකම් සම්පාදනය කරනු ලබන්නේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගිනි.

ඒ අනුව

  • වැලිගම ජගාබේ රිසෝර්ට්
  • පැරඩයිස් බීච්
  • නෙප්චූන්  රිසෝර්ට්
  • හික්කඩුව හික්කා එෆ්.එන්.ආර් සහ කොරල් රීෆ් ගෙස්ට්
  • වාද්දුව බ්ලූ ස්ප්‍රින්ග්
  • දික්වැල්ල විලා ජයනන්ද
  • මීගමුව කැටමරාන්
  • අහංගම ජයන්ති සර්ෆ්
  • තංගල්ල සැන්ටන් රිසෝර්ටි

යන හෝටල් සහ නිවාඩු නිකේතන මේ විගමනික ශ්‍රමික නිරෝධායන  මධ්‍යස්ථාන සඳහා  තෝරාගෙන ඇත.

මෙම ව්‍යාපෘතියේ සාර්ථකභාවය පිළිබඳ පසු විපරම් කිරීමෙන් අනතුරුව අනෙක් නිරෝධායන මධ්‍යස්ථාන  ස්ථාපිත කිරීමට  කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට උපදෙස් දී ඇත.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *