ඉතාලියේ ජීවත් වන කාන්තාව​න් විසින් අනිවාර්යයෙන් කලයුතු වෛද්‍ය පරීක්ෂණ

මේ ලිපියෙන් ඔබව දැනුවත් කරන්නේ Visita Specialistica පිලිබදවය.කාන්තාවන් බොහෝ ප්‍රමාණයක් විවිධ ලෙඩ රෝග වලට ගොදුරු වීම බොහෝ දුරට වර්තමානයේ දක්නට ලැබේ. මෙයට හේතුව ඔබ ඔබේ සෞඛ්‍ය ගැන දක්වන නොසැලකිලිමත් භාවයයි.මේ බොහෝ රෝග ඔබේ පෙර අවධානය මගින් වලක්වා ගැනීමටද හැකියාව තිබේ.

පියයුරු පිලිකා (Tumore al Seno)

මේ රෝගය ඉතා ඉක්මනින් පැතිරේ. නමුත් ඔබ වසරකට වරක් Mammografia එකක් කරන්නේ නම් බොහෝදුරට ඔබට මේ පිලිකා රෝගය පෙර හදුනා ගැනීමෙන් වලක්වා ගත හැක. මෙය වයස 30ත් 35ත් අතර වයසේදී පටන්ගැනීම සුදුසුය බව වෛද්‍ය මතයයි. ඉතාලියේ වයස අවුරුදු 50ත් 69ත් අතර අයට මෙය නොමිලේ කරගත හැක. සමහරක් Regione වල මෙම වයස් සීමාව 45 ත් 74 ත් දක්වා පුලුල් කර ඇත.

ගැබ්ගෙල පිලිකා (Il Tumore della cervice uterina)

Pap Test එකක් මගින් පෙර හදුනා ගැනීමෙන් මෙම පිලිකා රෝගය ද වලක්වා ගත හැක. Pap Test එක වසර 3 වරක් නොමිලේ කරගත හැක. වයස 25 වැඩි සෑම කාන්තාවක්ම ප්‍රථම ලිංගික එකතුවීමෙන් වසර 2 පසු මේ Pap Test කිරීමට පටන් ගැනීමෙන් ගැබ්ගෙල පිලිකා වලක්වා ගත හැක.

තවද Papilloma virus එකද ගැබ්ගෙල පිලිකාවට හේතුවකි. මේ සදහා වයස 15 පිරීමට ප්‍රථම එන්නතක් ලබා දෙනු ලැබේ. තවද කාන්තාවන්ට වසරකට වරක්වත් visita Ginecologia එකක් කිරීම නිර්දේශ කර ඇත.

රුධිර පරීක්ෂණය (Esame di Sangue)

රෝගිමත් පුද්ගලයෙක් අඩුම වශයෙන් වසරකට වරක් පරීක්ශා කර ගැනීම වෛද්‍යවරුන් විසින් නිර්දේශ ක​ර ඇත.

ECG (​Elettrocardiogramma) හර්ද ‍රෝග පරීක්ශාව.

ඔබට ය​ම් කිසි මහන්සි ගතියක් හෝ හුස්ම ගැනීමේ අපහසුතා තිබේ නම් ඔබට මෙම පරීක්ෂණයක් මගින් ඔබේ හර්දයේ ක්‍රියාකාරීත්වය පරීක්ශා කරගත හැක.

උපත් පාලනය සහ මානසීක පී​ඩා

 

ඔබේ ප්‍රදේශයේ ඇති Consultorio Familiare මගින් ඔබට අවශ්‍ය සියලුම පවුල් උපදේශක සේවා ලබාගත හැක. මෙම ආයතන වල

  • Ginecologo (නාරිවේද වෛද්‍යවරු)
  • Psicologo(මානසික වෛද්‍ය සේවා )
  • Pap test
  • සහ මව්වරුන්ටත් ලදරුවන්ටත් බොහෝ සේවා ලබාදේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *