රස්තියාදුවක් නොවි ගුවන්ගමන් බලපත හදාගන්නෙ කොහොමද?

දවසම රස්තියාදු නොවී Passport හදාගන්න හොඳම විදිහ දැනගන්න.

Types Of Sri Lankan Passports ( Passports වර්ග)

  • සියලුම රටවල් සඳහා වලංගු ගමන් බලපත්‍ර
    සාමාන්‍ය ගමන් බලපත්‍ර
  • රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර
  • රාජකාරී ගමන් බලපත්‍ර
  • හදිසි සහතික
  • විදේශයෙහි වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලවලින් නිකුත් කෙරෙන යන්ත්‍රයෙන් කියවිය නොහැකි ගමන් බලපත්‍ර සහ අනන්‍යතා සහතිකය.
  • බාල වයස්කරුවන් සඳහා වූ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය.
  • දෙමාපියන්ගේ ගමන් බලපත්‍රවලට බාල වයස්කරුවන් ඇතුලත් කිරීම
  • ද්විත්ව පුරවැසිභාවය දරන්නන් සඳහා වූ ශ්‍රී ලාංකික ගමන් බලපත්‍රය – ගමන් බලපත්‍රය නැතිවූයේ නම් ,

1 සාමාන්‍ය ගමන් බලපත්‍ර ( Ordinary Passports)
සාමාන්‍ය Passport එකක්, ඕනෑම රටකට වලංගුයි.මෙවැනි Passport එකක් ගන්න නම් Application letter එකත් එක්ක ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කිහිපයක් තියෙනවා.

– දැනට ඇති ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්.

– ඡයාරූප ශාලා ලදු පත – ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත සහ ඡායා පිටපතක්.

– ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්.

– අවශ්‍ය පරිදි විවාහ සහතිකය සහ ඡායා පිටපතක්. (විවාහයෙන් පසු භාවිතා වන නම සනාථ කර ගැනීම සඳහා)

– වෘත්තියට අදාල අධ්‍යාපන සහතිකය හා සේවය සනාථ කිරීමේ පිළිගතහැකි ලියවිල්ලක් සහ ඒවායේ ඡායා පිටපත්.

භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් භික්ෂු සාමනේර සහතිකය හෝ උපසම්පදා සහතිකය ඡායාස්ථිති පිටපත් සමඟ ඉදිරිපත් කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

* වලංගු ගමන් බලපත්‍රයක් දැනටමත් ඔයාට තියෙනවා නම් ඉල්ලුම් පත්‍රය සමඟ ඒක ඉදිරිපත් කළ යුතුයි.

Application එක ලබාගන්නේ කොහෙන්ද?
– කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්.

– නුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාල වලින්

– ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්.

– විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයකින්

– download කරගන්නා ලද මුද්‍රිත ඉල්ලුම් පත්‍ර මගින්.

Application එක භාර දෙන්න ඕන කොහාටද?
– කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට.

– නුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලවලට

– විදේශයේ වූ ශ්‍රී ලංකා දූත මණ්ඩලයට

Passport එක භාරදීමට කොච්චර කාලයක් යයිද?
සාමාන්‍ය පදනම (General basis) – වැඩකරන දින 14 ක්

හදිසි පදනම ( Emergency basis) – එදිනම

ගාස්තුව
සාමාන්‍ය පදනමින් (General basis) – ශ්‍රි ලංකා රුපියල් 3500.00

හදිසි පදනමින් ( Emergency basis) – ශ්‍රී ලංකා රුපියල් 15000.00

2 රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍ර ( Diplomatic Passports)
මෙම ගමන් බලපත්‍රය සියලුම රටවල් සඳහා අවුරුදු 10කට වලංගු වෙනවා. අතිශයින් වැදගත් පුද්ගලයින්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකාවේ විදේශික දූත මණ්ඩල වල නියමිත තනතුරු වලට පත් කරනු ලැබූ පුද්ගලයින්‍ට මෙම ගමන් බලපත්‍රය නිකුත් කරනවා.

Application Letter එකත් එක්ක ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන
– දැනට ඇති ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්.

– ඡයාරූප ශාලා ලදු පත

– ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්..

– ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම් පත්‍රයේ මුල් පිටපතක් සහ ඡායා පිටපතක්.

– විවාහ සහතිකය සහ ඡායා පිටපතක් අවශ්‍ය පරිදි.

– පාර්ලිමේන්තු මන්ත්‍රීන් සඳහා පාර්ලිමේන්තුවෙන් ඉල්ලුම් කරන ලද ලිපියක්.

– විදේශ තනතුරු සඳහා බාහිර කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලුම් කරන ලද ලිපියක් හෝ

– අනෙකුත් පුද්ගලයන් සඳහා රේඛීය අමාත්‍යාංශයෙන් ඉදිරිපත් කරන ලද ලිපියක්.

* කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්, නුවර, මාතර, වවුනියාව හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාල වලින් හෝ online හරහා ලබාගන්න පුළුවන්.

ගාස්තුව
සාමාන්‍ය පදනමින් (General basis) – ශ්‍රී ලංකා රු. 3500.00

හදිසි පදනමින් ( Emergency basis) – ශ්‍රී ලංකා රු. 15000.00

3 රාජකාරී ගමන් බලපත්‍ර ( Duty Passports )

රාජකාරී ගමන් බලපත්‍ර ඉල්ලුම් කරන්න පුළුවන් කාටද?
– පළාත් සභා නියෝජිතවරුන්ට

– නගරාධිපතිවරුන්ට

– පළාත් පාලන මණ්ඩලවල සභාපතිවරුන්ට

– දීප ව්‍යාප්ත සේවා වල නිලධාරීන්ට

– පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ හඳුනාගත් කාර්ය මණ්ඩලවලට

අවශ්‍ය ලිපි ලේඛන
– දැනට ඇති ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්.

– ඡයාරූප ශාලා ලදු පත

– ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල්පිටපතක් සහ ඡායා පිටපතක්.

– ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පත්‍රයෙහි මුල් පිටපතක් සහ ඡායා පිටපතක්.

– අවශ්‍ය පරිදි විවාහ සහතිකය සහ ඡායා පිටපතක්.

– පළාත් සභා දෙපාර්තමේන්තු ප්‍රධාන රේඛීය අමාත්‍යාංශය වලින් ඉල්ලුම් කරන ලද ලිපියක් රේඛීය අමාත්‍යාංශයේ දෙපාර්තමේන්තුවේ පළාත් සභාවේ ප්‍රධානියාගෙන් ඉල්ලීම අඩංගු ලිපියක්.

සම්පූර්ණ කළ ඉල්ලුම්පත්‍රයක් කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කළ යුතු වෙනවා.

ගාස්තුව
සාමාන්‍ය පදනමින් : ශ්‍රී ලංකා රු. 3500.00

හදිසි පදනමින් : ශ්‍රී ලංකා රු. 15000.00

4 හදිසි සහතික (EC)
හදිසි සහතික කියන්නේ ඉන්දියාවට සහ නේපාලයට ගමන් කරන බෞද්ධ ශ්‍රී ලාංකික වන්දනාකරුවන් සඳහා පමණක් නිකුත් කරන ගමන් ලේඛනයයි. එම ලේඛනය අවුරුදු 2කට පමණක් වලංගු වන අතර බලපත්‍ර ඉල්ලා සිටිවිට එය තව අවුරුදු 2ක් දක්වා දීර්ඝ කරගන්න පුළුවන්.

හදිසි සහතික පත්‍රයක් ගන්න අවශ්‍ය ලේඛන දැනට ඇති ගමන් බලපත්‍රය සහ ජීව දත්ත අඩංගු පිටුවේ ඡායා පිටපතක්.

ඉල්ලුම්කරුගේ උප්පැන්න සහතිකයේ මුල් ලේඛනය සහ ඡායා පිටපතක්.

– ඉල්ලුම්කරුගේ ජාතික හැඳුනුම්පතේ මුල් ලේඛනය සහ ඡායා පිටපතක්.

* ඔයා ළඟ උප්පැන්න සහතිකයක් හෝ ජාතික හැඳුනුම් පතක් නැතිනම් රියදුරු බලපත්‍රය සහ ඡායා පිටපතක්, වැඩිහිටි අනන්‍යතා සහතිකය සහ ඡායා පිටපතක්, විශ්‍රාම වැටුප් අනන්‍යතා සහතිකය සහ ඡායා පිටපතක්, පිරික්සුම් ප්‍රතිඵලය රෙජිස්ටර් ජනරාල් දෙපාර්තමේන්තුවේ නිකුත් කළ ප්‍රතිඵල ලේඛනය සහ ඉල්ලුම්කරුගේ දරුවකුගේ උප්පැන්න සහතිකය සහ ඡායා පිටපතක් හරි වයස් සහතිකය සහ ඡායා පිටපතක්. (රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ) ලබාදෙන්න පුළුවන්.

* ඒ වගේම කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයෙන්, වවුනියාව මාතර නුවර හා කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලවලින්, ඔබ ප්‍රදේශයේ ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, විදේශයෙහි වූ ශ්‍රී ලංකා දූත මණ්ඩල වලින්, හරි online හරහා ලබාගන්න ඔයාට හැකියාව තියෙනවා.

* ඊට පස්සේ එය කොළඹ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හරි වවුනියාව මාතර නුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට භාර දෙන්න.

හදිසි සහතික පත්‍රය භාරදීමට ගත වන කාලය
සාමාන්‍ය පදනමින් – වැඩකරන දින 14 ක්

හදිසි පදනමින් – සේවාවක් නැහැ

ගාස්තුව
සාමාන්‍ය පදනමින් – ශ්‍රී ලංකා රුපියල් 500.00

Similar Posts