යූරෝ 200 ක් ලැබෙන අලුත්ම බෝනස් එක.

අලුත්ම බෝනස් එක ගැන ඔබ දන්නවාද?
ඉතාලියේත් ජීවන වියදම දවසින් දවස ඉහල යනව. ඒත් අපේ මාසික වැටුප එතනමයි. මේ විදියට ඉහල යන උද්ධමනය හමුවේ ඉතාලි රජය මිනිස්සුන්ට අලුතෙන් බෝනස් එකක් හඳුන්වල දීල තියෙනව.

Decreto Aiuto මගින් එක් අයෙකුට මේ සඳහා යූරෝ 200 පමණ මුදලක් වෙන්කරල තියෙනව. මේ සඳහා ප්‍රධානම සුදුසුකම වෙන්නෙ ඔබේ වාර්ෂික ආදායම යූරෝ 35000 වඩා අඩුවීමයි.

මේ Bonus එක කාටද ලැබෙන්නේ?

  • Lavoratori Dipendenti ( සාමාන්‍ය සේවකයන් )
  • Lavoratori Autonomi ( ස්වයං රැකියා )
  • Pensionati (විශ්‍රාමික වැටුප් හිමියන්ට )

මෙම මුදල සාමාන්‍ය සේවකයින්ට ජුනි මාසයේදීත් විශ්‍රාම වැටුප් හිමියන්ට ජූලි මාසයේදීත් ලබාදෙන බව පවසනවා. ගෘහස්ථ සේවයේ අයට බොහෝ දුරට මෙම මුදල INPS වෙබ් අඩවියට ඔබේ spid එක මගින් හෝ Caf/ patronato මගින් ඉල්ලුම් කලයුතුවේ. ​එක්වරක් පමනක් ගෙවන යූරෝ 200 මුදලක් Busta Paga එකට එකතු වෙන අය අතර ඔබත් ඉන්නවාද?

Similar Posts