2022 මැයි 1 සිට වෙනස්වන මුව ආවරණ නීතිය.

Green pass සහ Mascherina (මුව ආවරණ )වලට 2022 මැයි 1 ඉදල මොකද වෙන්නේ?
මැයි 1 වනදා සිට බලපැවැත්වෙන පරිදි Green pass සහ Mascherine අනිවාර්ය වී තිබූ නීති අහෝසි වී හා ලිහිල් වෙනු ඇත.මෙමගින් පහ​ත සඳහන් ස්ථාන වලට පමනක් Green pass Base (තම්පෝනෙ මගින් සිදුකරන) අවශ්‍ය වේ. ඒවා නම්

  • වෙනත් රටකට යෑම (viaggi al estero)
  • RSA (වැඩිහිටි නිවාස)
  • වෛද්‍ය සායන සේවා (ඉල්ල සිටියහොත් ) Per visite Mediche a Richiesta.

මුව ආවරණ (Mascherine FFP2)

2022 ජුනි 15 දක්වා පහත සඳහා සියලු ස්ථාන සඳහා අනිවාර්ය කර ඇත.

  • පොදු ප්‍රවාහන සේවා
  • RSA (වැඩිහිටි නිවාස )
  • රෝහල්
  • ආවරනය කරන ලද ස්ථාන වල පැවැත්වෙන සංදර්ශන ,උත්සව සහ ක්‍රීඩා තරඟ ද
  • මීට අමතරව පාසල් වාර අවසානය දක්වා ද මුව ආවරණ අනිවාර්ය වේ.

මුව ආවරණ සදහා පෞද්ගලික ආයතන වලට සේවකයන් සමග කතාකර එකඟතාවයට පැමිනිය හැකි අතර බැංකු, රජයේ ආයතන, බාර්, Ristoranti සේවා මුව ආවරණ වලින් නිදහස් වේ. COVID-19 වසංගතයෙන් පසුව පලමු නිදහස් වසන්තය පැමින තිබේ.

Similar Posts