| |

ඉතාලි වීසා 2023 දෙසැම්බර් – අයදුම් කරන ආකාරය හා විස්තර.

නොවැම්බර් මාසයේ සිට ගුවන් ටිකට් පත් ඒජන්සි එකක් පටන් ගන්න අදහස් කරනවා. ඉදිරියේ ඔබගේ ගුවන් ටිකත් පත් ඉතාලි​යේ අඩුම මිළට ලබාදීම අපි සිදුකරන්න අදහස්කරන් ඉන්​නේ. මේ ඒ ගැන පොඩි දැනුවත් කිරීමක්. ස්තූතියි.

ඉතාලි වීසා සදහා අයදුම් කරන්නේ කොහොමද?

ඔබ මෙතෙක් කාලයක් බලා සිටි චක්‍රලේඛය මේ වන විට නිකුත්වී තිබෙනවා.මේ නිවේදනයේ වීසා සදහා අයදුම් කරන ආකාරය ගැන සදහන් වනවා.

2023 දෙසැම්බර් මස 02

ස්පොන්සර් වීසා Click Day එක ලෙස නම් කර තිබෙනවා. මේ යටතේ,

  • භාණ්ඩ ප්‍රවාහන බර වාහන සදහා රියදුරන්
  • ඉදිකිරීම් ක්‍රේෂ්ත්‍රය සදහා
  • මගින් ප්‍රවාහන රියදුරන්
  • විදුලි කාර්මිකයන්
  • ජලනල කාර්මිකයන්
  • සංචාරක ක්‍රේෂත්‍රයේ
  • කොණ්ඩා මෝස්තරකරුවන්
  • Alimentare
  • නැව් තැනීම්
  • විදුලි සංදේශ සම්බන්ද රැකියාවන් වලට අවස්ථාවන් ලබා දී ඇත.

2023 දෙසැම්බර් මස 04

මෙදින වැඩිහිටියන් බලාගැනීමේ රැකියාවන් හා ගෘහ සේවය ආශිත රැකියාවන් සදහා අයදුම් කිරීමේ අවස්තාව ලබා​දී තිබෙනවා.මෙයද Click Day එකක් විදියට ආරම්බ කරන්නේ.

2023 දෙසැම්බර් මස 12

වතු වීසා නොහොත් සෘතු වීසා සදහා අයදුම් කිරීමේ දිනය ලෙස නම් කර තිබෙනවා. මෙයද Click Day එකක් විදියට ආරම්බ කරන්නේ.

අයදුම් කිරීම සිදුවන ආකාරය.

මේ වන විටත් ඔබ ඉතාලියේ සේවායෝජකයෙකු තෝරාගෙන ඇතැයි විශ්වාස කරනවා. පලමු පියවර ලෙස centro per l’impiego ආයතනයට අයදුම් පත්‍රයක් ​PEC (La posta elettronica certificata) ආයතනය වෙත යොමු කල යුතුයි. මෙය සෘතු වීසා වලට අයදුම් කරන පුද්ගලයින් හැර අනිත් සියලුම ඛාන්ඩ වල සේවායෝජකයින් ඉදිරිපත් කල යුතුයි.
මෙහිදී centro per l’impiego ආයතනය යනු රැකියා බැංකුවක් ලෙස ඔබට තේරුම් ගැනීමට පහසු ලෙස නිර්වචනය කරන්න පුලුවන්. ඔබගේ සේවායෝජකයා විසින් centro per l’impiego ආයතනය වෙත අඅයදුම් පත්‍රයක් යැවීමෙන් පසුව ඉල්ලුම් කරන ප්‍රදේශයට අදාලව රැකියා බැංකුවේ රැකියා විරහිත පුද්ගලයින් ලියාපදිංචි වී සිටිදැයි ඔවුන් මුලින්ම පරික්ශා කිරීම සිදු කරනවා. යම් විදියකින් පුද්ගලයින් සිටීනම් ඔවුන්ව එම රැකියාව සදහා යොමු කිරීමේ කාර්ය ඔවුන් සිදු කරන්වා.

මෙම centro per l’impiego මේ ඩොමැස්ටික් ඛාන්ඩයට/ වැඩිහිටි උපස්තානයට අදාලව රැකියා විරහිතයින් සෑහෙ​න ලෙස ලියාපදිංචි වී තිබෙනවා. ඒ නිසා යම් විදියකින් ඔබ centro per l’impiego ආයතනයෙන් පුද්ගලයින් ගැන විමසීම් කිරීමේදී එම ආයතනයේ ලියාපදිංචි වී සිටින රැකියා විරහිත පුද්ගලයෙක් අදාල රැකියාවට/ පුරප්පාඩුවට යො​මු කිරීමේ අවදානමකුත් තිබෙන්නට පුලුවන්.

ඔබ centro per l’impiego ආයතනයට අයදුම් පත් ඔන්ලයින් යොමු කිරීමෙන් පසුව දින 15 ක් බලා සිටිය යුතු වනවා.එහිදි ඔවුන් පිළිතුර​ක් ලබා නොදෙන්නේ නම් ඔබට අයදුම් කිරීමේ අවස්තාව හිමි වනවා. මේ තිබෙන්නේ එම අයදුම් පත්‍රයයි.

ඩවුන්ලෝඩ් කර ගැනීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න.

ලින්ක්

මීලගට ඔබට කරන්න තිබෙන්නේ https://portaleservizi.dlci.interno.it/ වෙබ් අඩවියට ඇතුලු වී අනෙකෙත් විස්තරයන් පිරවීමයි.මේ සදහා ඔබට SPID (Sistema Pubblico di identità Digitale) ගිණුමක් අවශ්‍ය වනවා.මෙය ඉතාලියේ ජීවත් වන ඩොකුයුමන්ට් තිබෙන පුද්ගලයින්ට පමනයි සාදාගැනීමට හැකියාව ලැබෙන්නේ.

ඔබ වෙබ් අඩවියට ආතුල් වීමේදී මේ ආකාරයට බලාගැනීමට හැකියාව තිබෙනවා.

මේ තිබෙන්නේ වෙබ් අඩවියෙන් ලබාගත් ස්ක්‍රින්ශොට් කිහිපයක් පමනයි.මේක ප්‍රින්ට් කරලා විස්තර ලියන්න ක්‍රමයක් නෑ.මෙය ඔන්ලයින්ම පුරවගන්න තියෙන්නේ.
ඒ වගේම මෙය කලින් සකසා තාබාගන්න පුලුවන්.

ගෘහ සේවයට හා වැඩිහිටියන් බලාගැනීමේ වීසා.

කාලයකට පසුව ගෘහ සේවයට හා වැඩිහිටියන් බලාගැනීමේ ඛාන්ඩයට විදෙස් රටවලින් පුද්ගලයින් ගෙන්වීමේ අවස්තාව හිමිවී තිබෙනවා. මේ සදහා ලාංකීකයින් වැඩි දෙනෙක් අයදුම් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින නිසාත්, රැකියාව කරන ස්තානයන්​හී උදව්වත් මේ ඛාන්ඩ දෙක සදහා වැඩි වැඩියෙන් ලැබෙනවා.

    • මේ සදහා තනි පුද්ගලයෙක්ගෙන් සමන්විත පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු ගෙන්වන්නේ නම් ඔහුට වාර්ශීක ආදායම යූරෝ 20000 ක මුදලක් තිබිය යුතුයි.
    • අදාල සේවායෝජකයා තමන්ගේ පවුලේ අයත් සමග ජීවත් වන කෙනෙක් න​ම් (බිරිද,දරුවන්) ඔහු යූරෝ 27000 ක වාර්ශීක ආදායමක් ඉදිරිපත් කල යුතු වනවා.
    • මෙම ආදායම සපුරා ගැනීමට එක් පුද්ගලයෙකුගේ ආදායම ප්‍රමානවත් නොවේ නම් පවුලේ අනෙක් අයගේ ආදායමද ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

මෙම රැකියා ඛාන්ඩය සදහා පුද්ගලයෙකු ගෙන්වීමේදී සේවායෝජකයා ඉතාලි ජාතිකයෙකු විය යුතු නෑ.අදාල වාර්ශීක ආදායමක් ඔබට හිමි නම් ඉතාලියේ රැකියා කරන ලාංකීක ඔබටත් මේ අවස්තාව හිමි වනවා.ඒ සදහා ඔබට permesso di soggiorno හෝ carta di soggiorno තිබිය යුතුයි.

ස්පොන්සර් වීසා

මේ යටත් ඉල්ලුම් කිරීමට හකියාව තිබෙන ඛාන්ඩ ගැන ලිපියේ මුලම තිබෙනවා.මෙහෙදි මේ ඛාන්ඩයකට අදාලව විදේශයකින් පුද්ගලයෙකු ගෙන්වීමේදී ඒ ඛාන්ඩයකට අදාලව ව්‍යාපාරයක් තිබිය යුතු වන්වා.
උදා:- ඉදි කිරීම් සම්බ්න්ද ආයතනයකින් මේසන් බාස් කෙනෙක්ව ලංකාවෙන් ගෙන්වන්නේ නම් ගෙන්වන පුද්ගලයාට ඉදි කිරීම් සම්බන්ද ආයතනයක් තිබිය යුතුයි.එමෙන්ම ඔහු ඒ සදහා රජයට බදු මුදල් ගෙන්ව පුද්ගලයෙකුද විය යුතුයි.

දෙසැම්බර් මස 02 වනදා උදේ 9.00 සිට මේ සදහා අයදුම් පත්‍ර යොමු කිරීමේ හැකියාව පවතිනවා.මෙම ස්පොන්සර් වීසා අයදුම් කර දින 60 ක් ඇතුලත නුල්ලා ඔස්තා නිකුත් කීරිම සිදුකරන බවද ඔවුන් දන්වා තිබෙනවා.

සෘතු වීසා( වතු වීසා)

මෙම ඛාන්ඩය යටතේ සෘතුමය කාලවල් සදහා කෙටි කාලීනව පුද්ගලයින් ගෙන්වීම සිදුවනවා. මේ යටතේ වැඩි වශයෙන් වතු ආශ්‍රිතව හා සංචාරක හෝටල් වල රැකියා අවස්තා හිමිවන්වා.
ඔබ යම් විදියකින් සේවායෝජකයෙක් මාර්ගයෙන් මේ සදහා අයදුම් කර ඉතාලියට පැමිනීමට සුදුසුකම් ලැබුවහොත් ඔබට ඉතාලියේ රැදී සිටිමේ බලපත්‍රය හිමි වන්නේ උපරිම මාස 9ක් දක්වා පමනයි. අදාල කාලයෙන් පසුව කන්ට්‍රැක් එකක් හොයාගෙන දීර්ග කිරීමේ හැකියාවක් මේ සදහා නෑ.
බොහෝ දෙනෙක් මේ වීසාව දිර්ග කරගැනීමට හැකියාව පවතින බව පවසමින් බොරු ප්‍රචාරනයන් යවා වැඩි මුදලක් ලබා ගැනීමේ උත්සහයක නිරත වනවා.ඒ නිසා ඒ වගේ බොරු වලට රැවටෙන්න එපා.
සෘතු වීසා සදහා අයදුම් කිරීමේ දිනය ලෙස දෙසැම්බර් 12 නම් කර තිබෙනවා.

ලංකාවේ සිටින ඔබ කොහොමද මේ සදහා අයදුම් කරන්නේ?

      • ලංකාවේ සිට හෝ වෙනත් රටක සිට මේ වෙබ් අඩවියට ඇතුල් වීමේ හැකියාවක් නෑ.මන්ද මේ වෙබ් අඩවියට ඇතුල් වීමට SPID ගිනුමක් අවශය වන නිසයි.
      • ඒ වගේම මැදපෙරදිග හා කොරියාවේ වගේ සේවායෝජකයින් දැන්වීම් පලකර මට කෙනෙක් මේ නීතිය යටතේ ගෙන්වා ගන්න ඕනා කියලා දැන්වීම් පල කරන වෙබ් අඩවිත් නෑ.
      • මේ කෝටාවට අදාලව රැකියා අවස්තා ලංකාවේ ඒජන්සි වලට ලබාදෙන ක්‍රමයකුත් නෑ.

එහෙනම් කොහොමද අයදුම් කරන්නේ? මේ සදහා තිබෙන එකම ක්‍රමය ඉතාලියේ ඉන්න ඔබගේ යහලුවන්,නෑදෑයන්. ඔවුන්ට ඔවුන්ගේ සබදතා මගින් සේවායෝජකයෙක් හොයාගන්න එක විතරමයි කරන්න තියෙන්නේ.
ඒ කාලේ ඉතාලියේ හිටපු ලංකාවේ මිනිස්සුන්ට එන්න එපා කිව්ව දේවල් අමතක කරලා පොඩ්ඩක් ඉතාලියේ ඉන්න අයට කතා කරලා බලන්න.ඒ කාලේ ලංකාවේ බහුතරයක් අකාරුනිකව ඒ දේවල් කිව්ව​ත් ඉතාලියේ මිනිස්සු ඕවා දැන් අමතක කරලා තියෙන්නේ.

පුද්ගලයෙක් සොයාගැනීමේදී ඔබ දන්න අදුරන අයම තෝරාගන්න.පසුගිය කාලවල නොදන්න අයට සල්ලි දීලා ඒ දේවල් නැති කරගත්තු අය ඕන තරම් ඉන්නවා.ඒ නිසා මේ සල්ලි ගනුදෙනු වලදි විශ්වාසවන්ත කෙනෙක් එක්ක පමනක් ගනුදෙනු කරන්න.

මේ සදහා වන වියදම.

මේ සදහා ඉතාලි රජයට යූරෝ 16 ක (රුපියල් 5600) මුද්දරයක් පමනයි අවශ්‍ය වන්නේ.ඒ නමුත් මේ දේවල් කරගැනීමට ඒජන්සියකට යාමේදී ඒ සදහා යූරෝ 500-800 (175000-280000) ක් වගේ වියදමක් යන්න පුලුව​න්.

ලිපිය ගොඩාක් දිගු වෙන නිසා ඊලග ලිපියෙන් අනිත් විස්තර ගෙන එන්නම්. ඔබ ඉතාලියේ ජීවත් වෙන කෙනෙක් නම් ඔබත් Italiye Api මොබයිල් ඇප් එක ඔබේ දුරකතනයට ඩවුන්ලෝඩ් කරගන්න.එසැනින් මෙවැනි තොරතුරු ඔබට ලබගන්න පුලුවන්.

 

 

Similar Posts