දික්කසාද සහතිකය VFS ආයතනයෙන් Legalize කර ගන්න බැරිව ඔබ කනස්සල්ලෙන්ද?

Familiare Visa මගින් ඉතාලියේ සිටින තම සැමියා/බිරිඳ ලඟට යාමට බලන් හිටි අයට අළුතින් ප්‍රශ්ණයක් මතු වෙලා. ඇත්තටම මේ ප්‍රශ්ණය මතුවෙලා තියෙන්නෙ දෙවන වරට කල විවාහයක් මගින් Familiare Visa අයදුම් කල අයටයි. (පලමු සහ එකම විවාහයක් පමණක් කර ගත් අයට මෙය අදාල නොවන බව මතක තබා ගන්න)

VFS ආයතනයට අවශ්‍යයි පලමු විවාහයේ දෙදෙනා තව දුරටත් කිසිම විදියකින් එකිනෙකා සමග නොඉන්නා බවට තහවුරු කර ගැනීමක්. ඔවුන් ඒ සඳහා ඔබ අයත් Questura එකට , ඔබ දෙදෙනා දැන් නීතිමය වශයෙන් වෙන් වී ඇති බවට දැනුම් දුන් ලිපියක් හෝ ඒ ලිපිය Questura ආයතනයට ලැබී ඇති බවට සහතික කර ගැනීමක් අවශ්‍යයි.

ඔවුන් ඒ සඳහා ඔබ අයත් Questura එකට , ඔබ දෙදෙනා දැන් නීතිමයවශයෙන් වෙන් වී ඇති බවට දැනුම් දුන් ලිපියක් හෝ ඒ ලිපිය Questura ආයතනයට ලැබී ඇති බවට සහතික කර ගැනීමක් අවශ්‍යයි.

  • මේ සම්බන්ධයෙන් ඔබ විසින් පිළියෙළ කල යුතු යැයි අනුමාන කෙරෙන ලිපියක් අපි සකස් කලා. ලිපියේ නීත්‍යානුකූල භාවය වැඩි දියුණු කරනු උදෙසා, මෙය පළමුවෙන්ම පළාතේ Comune න් සහතික කර ගැනීම උචිත යැයි සිතමු.
  •  දෙවනුව A/R Raccomandata ක්‍රමයට හෝ fax හෝ email මගින් කුස්තූරා එකට යොමු කරන්න. (PEC Email එකක් භාවිතයෙන් වැඩි නීත්‍යානුකූල භාවයක් වගේම ඔබේ ලිපිය Questura ආයතනයට ලැබුනු බවට ඔබට පණිවිඩයක් ස්වයංක්‍රීයවම ලැබේ)

PEC email නැති කෙනෙක්ට පහත වෙබ් අඩවියෙන් මාස 6ක කාලයකට නොමිලේ
pec email address එකක් හදා ගන්න පුළුවන්.
www.register.it

  • Questura ආයතනයට ඔබ යැවූ ලිපිය ලැබුනු බවට Questura එකෙන් එන කවර ආකාරයේ හෝ පණිවිඩයක් /පිළිතුරක්/ රිසිට්පතක් සුරැකිව තබා ගන්න.

අපි විසින් සකස් කල ලිපිය මෙහි පල නොකරන්නෙමු. මන්ද එයද පසුව මුදල් ගරා ගැනීමේ තවත් එක් ජාවාරමක් ලෙස සමහරුන් භාවිතා කරනු ඇත.(දැනටමත් සමහර ඒජන්සි මේ ලිපිය සකස් කිරීමට යුරෝ 50-75 ක් අය කරන බවට වටින් පිටින් ඇසේ)

  • මේ ලිපියේ පිටපතක් ඔබ ලබා ගත් පසුව, ඔබේ ගැහැණු /පිරිමි සහ අනෙකුත් අදාල කරුණුවල ස්වරූපය අනුව අදාල හිස් තැන් පුරවා ගන්න.

Shantha Botheju
Thilana Fernando
Serantha Sachithra Perera
Ajith Hettiarachchi
Sampath Silva
සම්බන්ධ කර ගැනීමෙන් ඔබ Questura ආයතනයට යැවිය යුතු ලිපියේ පිටපතක් ලබා ගත හැකියි.

ඔබ Questura එකට යවන ලිපිය සමග ඇමිණීමට පහත ලිය කියවිලි කලින් සකසා තබා ගැනීම සුදුසුයි.

  1. නියත සහතිකය (Decreto Definitivo per lo Scioglimento del Matrimonio)
  2. නෛසයි සහතිකය (Decreto NISI per lo Scioglimento del Matrimonio)
  3. අළුත් ව්වාහයෙ කසාද සහතිකය (L’atto del Nuovo Matrimonio)
  4. පරණ සැමියා /බිරිඳ ගේ විසීමේ අවසර පත්වල කොපි (Le Copie di Permesso Soggiorno di ex-Marito / Moglie )
  5. පරණ සැමියා /බිරිඳ ගේ අවසර පත දික්කසාදයෙන් පසු යාවත්කාලීන (Aggiornamento) කිරීමක් මගින් අළුත් කර තිබිය යුතුයි.
  6. තමන්ගෙ විසීමේ අවසර පතේ කොපියක් (Una Copia di Permesso Soggiorno in Possesso) දික්කසාදයකින් පසු මෙයද Aggiornamento ක් මගින් Motivo Familiare තත්වයෙන් ඉවත්ව තිබිය යුතුය.

පසු සටහන

කලින් විවාහයේ සැමියා /බිරිඳ ගැන කිසිම විස්තරයක් සොයා ගත නොහැකි අය
Auto Dichirazione එකක් දෙන්න වේවි Ex-coniuge irreperibile යටතේVFS ආයතනයට. (එය කොතෙක් දුරට VFS ආයතනය බාර ගන්නේදැයි තවම නොදන්නෙමු)

SUJITH YADDEHIGE 

Similar Posts