විශ්‍රාම වැටුප් ලබා ගැනීමට අදාල ජීවත්වීමේ සහතික ලබා ගැනීම.

විශ්‍රාම වැටුප් ලබා ගැනීමට අදාල ජීවත්වීමේ සහතික ලබා ගැනීම.

විදේශයන්හි ජීවත්වන විශ්‍රාමිකයන් සිය විශ්‍රාම වැටුප අඛණ්ඩව ලබා ගැනීම සදහා වර්ෂයකට වරක් ජීවත්වීමේ සහතිකයක් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ලබා දීම අනිවාර්ය වන අතර , එසේ නොවන විට විශ්‍රාම වැටුප් ගෙවීම නවතා දමන බව විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

ජීවත්වීමේ සහතිකය තානාපති කාර්යාලය මගින් නොමිලේ සහතික කර ගත හැකි අතර, ඒ සදහා විශ්‍රාමිකයා පෞද්ගලිකවම තානාපති කාර්යාලය වෙත පහත ලියවිලිද සමග පැමිණිය යුතුය.

  1. නිසි පරිදි සම්පූර්ණ කරන ලද ජීවත්වීමේ සහතිකය (2018 වර්ෂයට අදාල සහතිකය පහත යොමුව මගින් ලබා ගත හැක)
  2. වලංගු ශ්‍රී ලංකා ගමන් බල පත්‍රය.
  3. විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද විශ්‍රාමික හැදුනුම්පත.
  4. රැදී සිටීමේ බලපත්‍රය (SOGGIORNO) තිබේනම් .

විශ්‍රාම වැටුප් ලබා ගැනීමට අදාල ජීවත්වීමේ සහතික ලබා ගැනීම.

උපුටාගැනීම https://www.srilankaembassyrome.org/ වෙබ් අඩවියෙන්

Similar Posts