Reddito di Emergenza තුන්වන පියව​ර

කොරොන වයිරස​ය හේතුවෙන් ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දී සිටින පවුල් සඳහා ලබාදුන් Reddito di Emergenza (REM) තුන්වන දීමනාව ලබා දීමට මේ වනවිට ඉතාලි රජය මගින් අනුමැතිය හිමිව තිබේ.එම ගැසට් පත්‍රය අනුව එය අගෝස්තු මස 15 වන දින ක්‍රියාත්මක වේ. මෙය ඔබගේ ආදායම අනුව යුරෝ 400 සිට යූරෝ 800 දක්වා ලබාගැනීමට හැකියාවක් පවතිනවා. මේ සදහා ඔක්තෝබර් මස 15 වන දින තෙක් ඔබ හට අයදුම් කිරීමට හැකියාවක් තිබෙනවා.

Reddito di Emergenza කියන්නේ කුමක්ද? මෙය ලබාගත හැක්කේ කාහටද? මේ පිලිබදව තවමත් දන්නේ නැති අය සිටිනවා නම් පහත ලිපිය මුලින්ම කියවන්න.තුන්වර පියවර සදහා අයදුම් කිරීමත් මීටකලින් කල ආකාරයම වේ.

REDDITO DI EMERGENZA -REM තුන්වන පියවර සදහා අයදුම්කරන්නේ කෙසේද?

REDDITO DI EMERGENZA -REM සදහා අයදුම් කිරීමට INPS වෙබ් අඩවියට පිවිසිය යුතුයි. ඒසදහා ඔබ හට

  • INPS PIN
  • SPID එකක් තිබිය යුතුවේ.

ඔබට ඉහත සදහන් දෙකම නැතිනම් හෝ තනිවම මේ සදහා අයදුම් කල නොහැකි නම්, CAF/Patronato ආයතනයක සහය ලබා ගැනීමේ හැකියාවත් ඔබට තිබෙනවා.

REQUISITI මේ අවශ්‍ය සදහා සුදුසුකම්

  1. අයදුම්පත් යොමු කරන අවස්ථාවේ ඉතාලියේ ස්ථිර පදිංචිය තිබිය යුතුයි .
  2. 2020 අප්‍රේල් මාසයේ ආදායම, INPS ආයතනය මගින් නියම කර ඇති අගයට වඩා අඩු විය යුතුයි .
  3. 2019/12/31 දිනට පවුලේ මූල්‍ය වත්කම් යූරෝ 10.000ට වඩා අඩු විය යුතුයි. මෙම සීමාව පවුලේ සිටින එක සාමාජිකයෙකු වෙනුවෙන් යූරෝ 5.000 දක්වා එකතු වී යූරෝ 20.000 ක අගයක් දක්වා උපරිමයකට ලගා විය හැක. පවුලේ ආබාධිත සමාජිකයකු සිටීනම් මෙම උපරීම අගය තවත් යූරෝ 5.000කින් වැඩි වීමක් දක්වා සලකා බලයි.
  4. ISEE අගය යූරෝ 15.000 ට වඩා අඩු විය යුතුයි .

ඊට අමතරව මෙහි තිබිය යුතු ආදායම පෙර මෙන්ම වේ.ඒ පිලිබද විස්තරය පෙර ලිපියේම සදහන් කර තිබෙන්වා.

Similar Posts