|

ඉතාලියේ පිහිටි රෝම් එම්බසියෙන් හා මිලානෝ කොන්සාල් ජෙනරල් කාර්යාලයෙන් දිනයක් වෙන්කරගමු.

අපි මේ ලිපිය පලකරනුයේ ඉතාලියේ වෙසෙන ලාංකීකයන්ට උපකාර කිරීමේ අරමුනෙන් පමනි.මෙමගින් තනිවම කොන්සියුලර් සේවා සදහා දිනයක් ලබාගන්නා ආකාරය පමනක් අප විසින් දැනුවත් කරන්නෙමු.

ඔබට ලබාගත හැකිසේවාවන් මොනවාද?

ඉතාලියේ රෝම් එම්බසියෙන් දිනයක් ලබාගන්නේ කෙසේද?

මුලින්ම ඔබ ඒ සදහා රෝම් එම්බසිය මගින් හදුන්වාදී තිබෙන වෙබ් අඩවියට පිවිසෙන්න.

ඔබ ඉහත ලින්ක් එක මාර්ගයෙන් වෙබ් අඩවියට ඇතුල් වීමේදී පහත ආකාරයට දිස්වේවි.

නමුත් අවසානවට මෙන් මා මෙය ලියන මොහොතේදී දිනයක් ලබාගැනීමට දින නොමැති නිසා ඊලග පියවරයන් වෙත යාමට නොහැකී.නමුත් ඔබට තනිවම මේ ඉදිරි පියවරයන් වලට පහසුවෙන් යාමට හැකියාවක් තිබෙනවා.

මේ වන විට වෙබ් අඩවියේ ගැටලුවක් නිසා මේ දේ සිදුවුනාද නොදනිමි.ය​ම් පිරිසක් විසින් අපට දැනුවත් කල ආකාරයට වෙබ් අඩවියේම සදහන් වන CONTACT කියන බට්න් එක එබූ විට ලැබෙන බොක්ස් එකෙන් එම්බසියට පනිවිඩයක් යොමු කර දිනයක් වෙන්කර ගත්තා යැයි පවසනවා.ඔබ කැමතිනම්, ඔබටත් හදිස්සිම අවශ්‍යතාවයක් තිබේ නම් ඒ ආකරයටත් උත්සහා කර බලන්න.

Contact යන්න ක්ලික් කලවිට ලැබෙන්නේ මෙයයි.


මිලානෝ කොන්සාල් ජෙනරල් කාර්යාලයෙන් දිනයක් වෙන්කරවා ගමු.

වෙබ් අඩවියට පිවිසුන විගසම ඔවුන් දැන්වීමක් පලකරන්වා. ඔවුන් පවසන ආකාරයට අයදුම්කරු තම නමින්ම දිනයක් වෙන්කරවා ගත යුතු වනවා.

අපි එහෙනම් බලමු දිනයක් ලබාගන්නේ කොහොමද කියලා.මුලින්ම පහත සදහන් ලින්ක් එකෙන් මිලානෝ කොන්සාල් ජෙනරල් කාර්යාලයේ නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

මේ වගේ එකක් තමයි ලැබෙන්නේ.

රෝම් එම්බසියෙන් දිනයක් ලබාගැනීමේදි වගේ නොවෙයි මෙය.මෙහිදි ඔවුන් කවුන්ටර්ස් 04ක් වෙන් කර තිබෙනවා.ඒ සෑම කවුන්ටර් එකකින්ම වෙනස් වෙනස් සේවාවන් ලැබෙන්නේ.එම නිසා ඔබට අවශ්‍ය වන සේවාව සපයන කවුන්ටර් එක මුලින්ම තෝරගන්න.

උද:- පාස්පෝර්ට් එක අලුත්කිරීම සිදුවන්නේ කවුනට් අංක 2.

මේ ලිපිය ලියන මොහො​තේ දිනයක් වෙන්කරගැනීමට හැකියාවක් නොමැත.ඒ නිසා ඔබ හට ඉදිරි පියවර සිදුවන ආකාරය පැහැදිලි කිරීමට හැකියාවක් නෑ.කෙසේ වෙතත් මෙය සිදුකිරීම අමාරුවන්නේ නෑ.තමන්ට තනිවම මේ සදහා උත්සහා කිරීමට හැකියාවක් තිබෙනවා.

ඔබට හදිසි අවශයතාවයක් තිබේ නම් ඔබට දිනයක් ලබාගැනීමටත් නොහැකි නම් CONTACT යන්න ක්ලික් කර ඔවුන්ට පණිවිඩයක් යොමුකිරීමට හැකියාවක් තිබෙනවා.පහතින් ඒ ලින්ක් එක පලකරන්නම්.

ඔබ දිනයක් වෙන් කරවා ගැනීමේදී එ සදහා තෙවන පාර්ශවයකට මුදල් ලබාදීමෙන් වලකින්න.මේ ඒ සම්බන්දව මිලානෝ කොන්සාල් ජෙනරල් කාර්යාලයෙන් පලකල දැන්වීම.

මිලානෝ කොන්සාල් ජෙනරල් කාර්යාලයේ නව ලිපිනය.

Similar Posts