|

ඉතාලි භාශාව ඉගෙන ගැනීමට ඉතාලියේ තිබෙන පාස​ල්


CPIA කියන්නේ, විදේශික වැඩිහිටි අයට භාෂාව ඉගැන්වීම සඳහා රජය මගින් ඉගැන්වීම් කරන මධ්‍යස්ථානයක්. මේ වගේ

මද්‍යස්තාන ඉතාලිය පුරාම තිබෙන​වා.ඉතාලි භාෂාව අකුරක්වත් දන්නෙ නැති කෙනෙකුට වුනත් එතනින් ගැඹුරටම ඉගෙන ගන්න පුළුවන්. උගන්වන අය ඇගෙන් අත පයෙන් පෙන්නලා හරි හොදට උගන්වනවා.


විවිධ මට්ටම් වලින් තියෙන හින්දා තමන්ගේ දැනුම අනුව පරීක්ෂණයකින් තෝරලා ගැලපෙන පන්තියට දාන හින්දා ප්‍රශ්නයක් නැහැ. Alfa, a1.1.1,a1.1,a1,a2,b1,b2 කියලා මට්ටම් වලින් පටන් අරන් තේර්සා මේදියා වගේ ඉහළටම ඉගෙන ගන්න පුළුවන්.

වයස 25 ට අඩු අයට එතන ඉගෙන ගන්න කොට එයාලට අනුබද්ධ ලග තියෙන වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන වලට සම්බන්ධ වෙන්නත් පුළුවන්.


හැම අවුරුද්දකම සැප්තැම්බර් මාසයේ අයදුම්පත් කැඳවීම කරලා මට්ටම් දෙකක් සම්පූර්ණ කර ගන්න අවස්ථාව තියෙනවා. සාමාන්‍යයෙන් වසරටම යූරෝ 30 ක් තමයි ගෙවන්න ඕන. සැප්තැම්බර්, ඔක්තෝබර් පන්ති පටන් අරන් ජනවාරි මස අග එක විභාගයකුත්, සති දෙකක් වගේ නිවාඩුවකින් පස්සෙ ඊලග මට්ටම පටන් අරන් මැයි මාසයේ අග වෙනකොට නැවත විභාගයත් තියෙනවා.

රැකියා කරන අයට හවස පන්ති සදහා ඉඩකඩ තියෙනවා.(5.30-8.00) කැමති දවස් තෝරා ගන්න පුළුවන්.හබැයි පැමිනී​ම 80% තියෙන්න ඕනැ.

ඩොකියුමන්ට් හදන්න දාපු අයටත් මේ පන්තිවලට යන්න පුළුවන් වෙයි පාස්පෝට් සහ කෝදිචිපිස්කාලේ විතරයි ඕන වෙන්නේ.( කොට කොලෙන් asl eken codice fiscale හදලා දෙනවා එක දවසින්.)
මේ සදහා ඔක්තෝබර් මස 10 වනදා වෙනකම් අයදුම් කරන්න පුළුවන්.19 න් පස්සේ පන්ති පටන් ගන්නවා.

ඔබේ පහසුව වෙනුවෙන් ලාංකීකයන් බහුලව වෙසෙන් ප්‍රදේශ වල CPIA මද්‍යස්තාන කීපයක් පහතින් පලකරන්නම්.

රෝ​ම්
වෙරෝ​නා

ඔබට ලගම ඇති මද්‍යාස්තානය දැන ගැනීමට මේ ආකාරයට google හී සර්ච් කරන්න.එවිට ලබාදෙන ස්තාන අතරින් ඔබට ඉක්මනින් ලගාවිය හැකි ස්තානය තෝරාගන්න පුලුවන්.

CENTRO PROVINCIALE PER L’ISTRUZIONE DEGLI ADULTI Provincia di (ඔබට යාමට අවශය නගරය ලියන්න)

මේ ලිපිය සදහා කරුනු ලබාගත්තේ ජොබ් බෑන්ක් සමුහයේ Kanchana Rajapakshe මහත්මිය විසි​න් පලකල ලිපියක් ඇසුරිනුයි.ඇය​ට බොහෝම ස්තූතියි.

Similar Posts