නාපෝලියේ spinaci (නිවිති) කෑ 10 ක් රෝහලේ.

ඊයේ දිනයේ ආහර විශවීමක් නිසා පුද්ගලයින් 10 දෙනෙකු පම​න Pozzuoli Santa Maria delle Grazie රෝහලට ඇතුලත් කර තිබෙනවා. ඔවුන්ගෙන් වැඩිදුර තොරතුරු හා ගත් ආහරවර්ග පිලිබදව විමසීමේදි ඔවුන් සියලු දෙනාම spinaci ආහාරයට ගැනීම නිසා මෙය සිදුවූ බව අනාවරනය වී තිබෙනවා.

ඔවුන් මෙම spinaci මිලදීගෙන තිබුනේ Quarto e Monte di Procida ප්‍රදේශවලිනි. ඔවුන් මිළදීගත් මෙම spinaci සමග විශ සහිත තවත් කොළ වර්ගයක් එකතුවී තිබෙනවා. මෙය spinaci e biete ( නිවති හා රතු අල වල කොල) මෙන් තවත් ව්‍යාකූල වූ කොළ වර්ගයකී.
පසුව කල පරීක්ශන වලදි හෙලිවී තිබෙන්නේ Mandragora නැමැති කොළ වර්ගය මෙයට එකතු වී ඇති බවයි. මේ තිබෙන්නේ එහි චායාරූප.

මෙම ගැටලුව නිරාකරනය වන තෙක් තාවකාලිකව spinaci e biete කොල ආහරයට එකතු කර නොගන්න ලෙස Pozzuoli නගරාධිපති Gigi Manzoni ඉල්ලීමක් කර තිබෙනවා.

මේ තිබෙන්නේ spinaci (නිවිති) කොලයි.

මේ තිබෙන්නේ Biete කොලයි.

Similar Posts