ඉතාලියෙ මේ ගමේ පදිංචි වෙනවට ඔබට නිවසක් හා සල්ලි නොමිලේම.(රුපියල් මිලිය​න 10)

පදිංචිය අරගෙන , ඒ කුඩා ගමේම රැකියාවක් කරනවා නම් ඔබට යුරෝ 44000 (රුපියල් 10558007,00 ක් පමන) ක් දක්වා එම ගම්මානයේ නගර සභාවෙන් ලබාදෙනවා.
විශ්වාස කරන්නත් අමාරුයි නේද? නමුත් කතාව සහතික ඇත්ත. Abbruzzo පළාතෙ කඳු අතරෙ තියෙන සුන්දර කුඩා, ගමක් තමයි SANTO STEFANO di SESSANIO කියල කියන්නෙ. අද මේ ගම ගැන ලෝකයම කතා කරන්න පටන් අරන් තියෙනවා. හේතුව තමයි ඒ ගමේ පදිංචියට යන්න කැමති අයට ගෙවන එක.

2020 දී පටන් ගත්තු මේ වැඩ සටහන යටතේ ගමේ පදිංචියට යන අයට මුල් වසර 3ට, නැවත අය කර නොගන්නා වූ, මාසික දීමනාවක් ලැබෙනවා. මේ යටතේ ගෙවල් කුලී දීමනාවක්, ගෙවල් කුලිය අය කර නොගන්නා නිවසක් හෝ ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට මූලික ධනයක් නගර සභාවෙ න් ලැබෙනවා. සුළු පරිමාණ කර්මාන්තයක් ආරම්භ කිරීමට නගර සභාවෙ න් යුරෝ 20,000 ක් දක්වා මුදලක් ලැබෙනවා. එයත් නැවත අය කර නොගන්න එකක්. මේ වගේ දෙන ඔක්කොම දීමනා සහ පහසුකම්වල එකතුව ගත්තොත් යුරෝ 44,000 ක් තරම්.

කාටද මේ පහසුකම් ලබා ගන්න ඒ ගමට යන්න හැකියාව තියෙන්නෙ?

ඉතාලියෙ පදිංචිය තිබීම අනිවාර්යයි. ඒ SANTO STEFANO ගම වටේ තියෙන ගම්වල අයට, මේකට ඉල්ලුම් කරන්න බැහැ. UE රටවලින් ආපු අයට වගේම PERMESSO DI SOGGIORNO LUNGO PERIODO (ඉතාලියේ දි ගු කාලින රැදිසිටීමේ බලපත) තියෙන Extra Communitari අයටත් ඉල්ලුම් කරන්න පුළුවන්.

කොමුනේ පරිපාලනය ආරම්භ කරපු මේ වැඩ සටහන ගැන CNN, NEYORK TIMES වගේ ජන මාධ්‍ය හරහා ලෝකයම දැනුවත් උනාට පස්සෙ මේ වැඩ සටහනට ලැබුනු ප්‍රචාරය ඉමහත්. තමන් ආරම්භ කරන්න කැමති ප්‍රොජෙක්ට්ස් ගැන වගේම වැඩි දුර විස්තර ඉල්ලලා එවන ඊ මේල් කන්දරාවක් දිනපතා නගර සභාවට ලැබෙනවා.
මීට කලි න් නැවත් ජනතාව පදිංචි කරවා ගැනීමේ වැඩ සටහන් යටතේ යුරෝ 1ක මාසික කුලියට දෙන ගෙවල් තියෙන කොමුනේ ගැන අහල තිබ්බට, ස්වයං ව්‍යාපාරයක් ආරම්භ කිරීමට වගේම ස්ථිරවම කුලියක් රහිතව ඉන්න ලැබෙන නිවාස ගැන අහන්න ලැබෙන්නෙ ප්‍රථම වතාවටයි.







Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *