2020 SANATORIA නීතිය

කොවීඩ් 19 නිසා ඉතාලියට බරපතල හානියක් වෙලා තිබෙනවා කියලා ඔබ සැවොම දන්න දෙයක් නේ.මේ නිසා ඉතාලිය තුල බොහෝ රැකියා ක්ශේත්‍ර කඩාවැටීමකට ලක්වුනා. බොහෝ ව්‍යාපාර පාඩු ලබන තත්වයටත් පත්වුනා.ඒ වගේම රජයට ලැබෙන ආදායම් මාර්ගත් මේ නිසා අඩුවුනා.

ඉතාලියේ වඩාත්ම කඩාවැටීමකට ලක්වුන ක්ශේත්‍රය තමයි කෘශිකාර්මීක අංශය.කෘශිකාර්මික අංශවල රුමේනියන්,යුක්‍රේන් වගේ ජාතීන් තමයි වැඩිවශයෙන් වැ​ඩ කලේ. කොරෝනා වසංගතයත් සමගම ඒ අය ම්ව් රට​ට යාම​ත් සේවයට වාර්තානොකිරීමත් නිසා කෘශිකාර්මීක අංශවල විශාල වශයෙන් සේව​ක අර්බුදයකුත් ඇතිවී තිබෙනවා.මේ නිසාම ඉතාලියේ කෘශිකාර්මීක ඇමති විසින්

මේ අය රැකියාවට නැවත පැමිනෙන්නේ නැත්නම් අපි ඉතාලිය තුල විසීමේ බලපත්‍රයක් නොමැතිව ඉන්න අය සදහා අවස්තාවක් දෙමු.

Teresa Bellanova
Italian Minister of Agriculture

යනුවෙන් ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.ඉතින් මේ අනුව ඔවුන් විසින් පාර්ලිමේතුවට නව යෝජනාවක් ඉදිරිපත්කර තිබෙනවා.පෙනන් විදියට මේ අවස්තාවේ මේ පනත සම්මත් වීමට බොහෝ ඉඩකඩක් තිබෙන බවයි හැගෙන්නේ.

ඔවුන් විසින් යෝජනා කර තිබෙන යෝජනා කිහිපයක්.

  • අයදුම්කරන්නන් හට උපරිමය මාස 12කට පෙර්මෙස්සො දී සෝර්ජෝර්නෝ එක ලබාදීම. (මාස 12 න් පසුව අදාල සේවායෝජකයා යටතේ හෝ වෙනත් සේවායෝජකයෙකු යතතේ සොර්ජෝර්නෝ එක රිනීව්කර ගත හැක)
  • යම් හෙයිකින් ඔබගේ සේවයෝජකායාගේ ගැටලුවක් මත ඔබගේ අයදුම්පත ප්‍රතික්ශේප වුවහොත් පෙර්මෙස්සෝ දී සොර්ජෝර්නෝ එක මාස කීපයකට ලබාදෙනවා.අදාල කාලයෙන් පසුව පෙර ආකාරයට වගේ වෙනත් සේවායෝජකයෙකු යටතේ සෝර්ජෝර්නෝ එක රිනීව් කල හැක.
  • ඩොමැස්ටික් රැකියා කරන හා බදන්ත රැකියා කරන අයටත් මේ සදහා ඉල්ලුම් කිරීමේ අවස්තාව ලබාදීම.

මෙම නීතිය මාර්ගයෙන් ව්සීමේ බලපත්‍රය හදාගැනීමට හැකියාවක් තිබෙන්නේ ඉතාලිය තුල ජීවත්වන අයට පමනී.ලංකාවේ සිටින අයට අවස්තාවක් ලබාදීමක් නොවේ.ඒ නිසා ඔබට ලංකාවෙන් ගෙනල්ලා විසා හදලා දෙන්නම් කියනවා නම් ඒ අයට රැවටෙන්න එපා.

මෙම නීතිය සම්මත වුවහොත් ඔබ මේ සදහා අයදුම් කිරීමට න​ම්,

  • ඔවුන් නියමකරන දිනයට කලින් ඉතාලිය තුල ජීවත් වූ බවට ඔප්පුකල හැකි සක්​ශි
  • වලංගු ගුවන් ගමන් බලපත්‍රයක් (හදිස්සියේ එම්බසියට දුවන්න එපා.මෙවැනි නීතියක් ආවොත් දවසින් කරගැනීමට හෝ වෙනයම් වලංගු බලපත්‍රයක් ලබාදීම​ට එම්බසිය කටයුතු කරයි)
  • සේවායෝජකයෙක්

ඔබත් වීසා නැතිව රැදීසිටින කෙනෙක් නම් ඔබත් මේ සදහා සූදාන්මව සිටින්න. තවම මෙය සම්මත් වී නොමැති නිසා ඒජන්සි පස්සෙ යන්න එපා.කාටවත් මුදල් දෙන්නත් එ​පා.මේ නීතිය සම්මත වූ විගසම අයදුම් කරන ආකරය හා අවශ්‍ය ලිපි ලේඛන ගැන අපි දැනුවත් කරන්නම්. හැකියාවක් තිබෙන අය මේ ලිපිය ශෙයා කරලා සහයොගය ලබා දෙන්න..

Save 60% on select product(s) with promo code 603BGLNZ on Amazon.com

Similar Posts