|

කාන්තා ඔබ මේ පිලිබදව දැනුවත්ද?

Vaccino  Anti pertosse – Vaccino Contro la Pertosse

මුලින්ම කිය යුතු දේනම් මෙම එන්නත ලබාගැනීම අනිවාර්‍ය නොවේ. නමුත් මෙම එන්නත ලබාගැනිම දරුවෙකුගේ අරක්ශාවට යහපත්වේ.

මොකක්ද මේ Vaccino  Anti pertosse කියන්නේ?

කක්කල් කැස්ස යනුවෙන් අප හදුන්වන රෝගයයි. මෙය ගර්භනීය මවුවරුන්ට ඉතාලියේ ලබාදෙන එන්නතක්. මෙම එන්නත මගින් රෝග කිහිපයකින් දරුවා (Difterite, Tetano, Pertosse) අරක්ශා වන​වා. මව මෙම එන්නත ලබා තිබේ නම් දරුවා​ද රෝග වලින් අරක්ශාවිමට මෙය උපකාරිවේ. මෙය අනීවාර්‍ය නැතත්  ඔබ ගර්භනිය සමයේ සති 27-32 අතර පසුවෙන කාන්තාවක් නම් මෙය ලබාගත හැකිය.

දරුවෙක් ඉපිද මුල් මාස කිහිපයේ මේ එන්නත ලබාදිමට නොහැකි නිසා දරුවා මව් කුස තුල සිටියදී මවට මෙම එන්නත ලබාගැනිමෙන් මව හරහා දරුවාට අවශ්‍ය Anticorpi ප්‍රතිශක්තිකරණයට අවශ්‍ය ප්‍රතිදේහ ලැබෙනවා. (මේ එන්නත කුඩා දරුවන්ට අනීවර්‍ය කර ඇති එන්නතකි) එමගින් ඒ මාස කිහිපය දරුවා රෝගයෙන් අරක්ශාවේ.

ඔබ දරු ප්‍රසූතියට සුදානම් වන මවක් නම්, සති 27ක් පිරි ඇතිනම් ඔබගේ වෛද්‍යවරයාගෙන් මේ ගැන අසා වැඩි විස්තර දැනගන්න.  මෙය ලබාගැනිම සදහා ඔබ ජිවත්වෙන ප්‍රදේශයේ Centro Vaccinale ආයතනය ඇමතීමෙන් මෙම එන්නත ලබාගැනිමට දිනයක් ලබාගත හැකිය. නොවැම්බර් මාසයේ දී  Anti Influenzale එන්නතද ලබාගත හැකිය.(වෛද්‍ය උපදෙස් ලබාගන්න)

මෙය ලිපිය පලකරනුයේ මේ ගැන නොදන්නා අයෙක්ට මේ ගැන දැනුවත් කිරී​ම සදහාය. මේ පිලිබදව ඔබට වැඩි ව්ස්තර ඔබගේ වෛද්‍යවරයාගෙන් අසා දැනගත හැක

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *