ඉතාලි පුරවැසිභාවය ලබාගත් හා ලබාගන්න සිටින්නා ඔබ A.I.R.E ගැන දන්නවාද?
A.I.R.E Anagrafe Italiani residenti all’estero යනු සරලවම ඉතාලි පුරවැසියන් ඉතාලියෙන් පිටව වෙනත් රටක දිර්ඝකාලීනව ජිවත්වේනම් ඔවුන්ගේ විස්තර ඇතුලත් ලේඛණයකි. ඔබ A.I.R.E ලියපදිංචි විය යුතුය. එවිට ඔබ ජිවත්වන රටේහි ඉතාලි තනාපතිකාර්‍යාලය හා ඔබ ඉතාලියේ ජිවත් වු ප්‍රදේශයේ comune සමග සම්බන්ද වේව්. මේමගින් පුරවැසියන්ගේ පුරවැසි අයිතින් සුරැකීම ප්‍රදාන අරමුණවේ.
ඔබ ඉතාලියේන් පිටව වෙනත් රටක පදිංචියට ගොස් දින 90ක් ඇතුලත ඔබ ජිවත්වන රටෙහි ඉතාලි තනාපති කර්‍යාලයෙන් මේ සදහා ඉල්ලුම් කලහැකිය. මුදල් ගෙවීමකින් තොරව මේය ඉල්ලුම්කල හැකිය. අවශ් යඉල්ලුම්පත ඔබ ජිවත්වන රටේහි තානපති කාර්‍යාල වේබ් පිටුවෙන් ලබා ගැනිමට හැක.ලියාපදිංචි වූ පසුව ඔබ අයිති කෝමූනේ ඔබගේ ඉතාලි පදිංචිය අවලංගුවේ.
ඔබට ලැබෙන වාසි.
- ප්‍රදාන අරමුනක් වන්නේ ඉතාලි ජාතිකයන්ගේ චන්ද අයිතිය අරක්ශා කිරිමය. නොකඩවා චන්ද අයිතිය සුරකිම.
- ඔබගේ ලියකියවිලි අලුත්කිරිම. ගුවන්ගමන් බලපත ඇතුලු අනේකුත් සියලුමදේ.
- ඔබට කෝමුනේ අවශ්‍ය ලියකියවිලි මෙය හරහා පහසුවෙන් කොන්සියුලර් කාර්‍යාලයෙන් ලබාගත හැකිවිම.
ඔබ ඉතාලි පුරවැසිභාවය ඇති වෙනත් රටක ජිවත්වෙන පුද්ගලයෙක් නම් A.I.R.E ලියා පදිංචිවන්න. එමගින් ඔබට ඇති ගැටලුවන් නිරාකරණය පහසුවෙන් කලහැකිය.