|

permesso di soggiorno provvisorio ගන්නේ කොහොමද?

මේ දිනවල මේ ගැන කතාබහක් ඇතිවි තිබෙන නිසත් බොහෝ දෙනෙක් මේ ගැන දැනුවත්ව නැති නිසත් permesso di soggiorno provvisorio ගැන පොඩි ලිපියක් මෙලෙස පල කරන්නම්.

permesso di soggiorno provvisorio එකක් අවශ්‍ය වන්නේ කා හටද?

01. ඉතාලියේ උපන් කුඩා දරුවෙකුට හදිස්සියේ ලංකාවට යාමට අවශ්‍ය නම් එම දරුවාට තවත් රැදී සිටීමේ බලපත්‍රය සදහා අයදුම් කර ලැබී නොමැති නම් permesso di soggiorno provvisorio සදහා අයදුම් කල හැක.

02. ඉතාලියේ උපන් කුඩා දරුවෙකුට තමන්ගේ දෙමව්පියන් සමග වෙනත් ශෙනගන් කලාපයේ රටකට සංචාරය කරන්නේ නම් එම දරුවාට තවත් රැදී සිටීමේ බලපත්‍රය සදහා අයදුම් කර ලැබී නොමැති නම් permesso di soggiorno provvisorio සදහා අයදුම් කල හැක.

03. සාමාන්‍ය රැදීසිටීමේ බලපත්‍රයක් තිබෙන වැඩිහිටි කෙනෙකු තමන්ගේ සෝජෝර්නෝ එක අලුත් කර තිබෙන අවස්තාවක (පොස්තාලෙන් ලැබෙන කොට කොලය තිබෙන) වෙනත් ශෙනගන් කලාපයේ රටකට සංචාරය කරන්නේ නම් ඔවුන්ටද permesso di soggiorno provvisorio එකක් ඉල්ලිය හැක. මන්ද පොස්තාලෙන් ලැබෙන කොට කොලයෙන් ගමන් කල හැක්කේ තමන්ගේ මව් රටට පමනක් වන බැවිනි.

04. සොජෝර්නෝ එක නැතිවී තිබෙන අවස්තාවක, කුස්තූරා එකෙන් අලුත් එකක් සදහා අයදුම් කර තිබෙන මොහොතක හදිස්සියේ ලංකාවට හෝ වෙනත් ශෙනගන් කලාපයේ රටකට ගමන් කරන්න වෙන අවස්තාවක permesso di soggiorno provvisorio සදහා අයදුම් කල හැක.

මෙය අයදුම් කරන්න අවශ්‍ය ඩොකුයුමන්ට් මොනවාද?

පලමු සෝජෝර්නෝ එක නොමැති දරුවෙකු වෙනුවෙන් අයදුම් කරන්නේ නම්

  •  පාස්පෝර්ට් එක
  • ගුවන් ටිකට් පත
  • දරුවාට permesso di soggiorno සදහා අයදුම් කර තිබේ නම් පොස්තාලෙන් ලැබෙන කොලය
  • දරුවාගේ චායාරූප 04ක්
  • යූරෝ 16 Marca da bollo.

රැදී සිටීමේ බලපත්‍රය අලුත් කර තිබෙන කොට කොලයෙන් යුරෝප් රටකට යන කෙනෙක්ට/ සොජෝර්නෝ එක නැතිවෙලා ලංකාවට හෝ වෙනත් යුරෝප් රටකට යන පුද්ගලයෙකුට අවශ්‍ය ඩොකුයුමන්ට්.

01. පාස්පෝර්ට් එක
02.ගුවන් ටිකට් පත
03. permesso di soggiorno සදහා අයදුම් කර තිබේ නම් පොස්තාලෙන් ලැබෙන කොලය
04 චායාරූප 04ක්
05. යූරෝ 16 Marca da bollo.
06. නැතිවූ සෝජෝර්නෝ එකක් වෙනුවෙන් පොලිසියේ දාපු පැමිනිල්ලේ කොපියක්( අවශ්‍ය වුනොත් ඉදිරිපත් කිරීමට)

මෙම permesso di soggiorno provvisorio කොපමන කාලයකට වලංගුද?

මෙය ඔබගේ සංචාරයේ කාලය අනුව දින වෙනස් වෙන්න පුලුවන්.
ඔබ ශෙනගන් කලාපයේ රටක සංචාරයකට යන්නේ නම් එම සංචාරය කරන කාලයට හෝ උපරිම දින් 90 කට permesso di soggiorno provvisorio ලබදිම කුස්තූරා ආයතනය සිදු කරන්වා.

ඔබ ඔබගේ උපන් රට සදහා යන්නේ නම් ඔබ ඉදිරිපත් කරන ගුවන් ටිකට් පතේ සදහන් පැමිනෙන දිනයට තවත් දින 4,5 ක් එකතු කර permesso di soggiorno provvisorio එක අවසන් දිනය සදහන් කර ලබාදීම සිදු කරනවා.

ඔබ සතුව මෙය තිබේ නම් කිසිදු බලපෑමකින් තොරව ඔබට ගුවන් ගමනක යෙදීමට අවසරය ලබාදිය යුතු බව 2007 ජුනි 27 වන දින නිකුත් කල චක්‍ර ලේඛනයක් මගින් සනාත කර තිබෙනවා.

ඇයි සමහර කුස්තූරා වලින් permesso di soggiorno provvisorio නොදෙන්නේ?

මෙයට හරියටම උත්තරයක් දෙන්න අපහසු වුනත් මම උපකල්පනය කරන විදියට මේ විදියට හිතනවා.

මේකෙදි කුස්තූරා එක යන හේතුව බලනවා ඇති.
ඇයි සෝජෝර්නෝ එක්ක ගන්නකන්වත් ඉන්නේ නැතිව යන්නේ. මේ හදිස්සියේ යන එකට ඔබ සාදාරන හේතුවක් ඉදිරිපත් කරනවද?
වගේ දේවල් බලනවා.

ගොඩාක් අය නම් ටිකට් කලේ සෑහෙන කාලෙකට කලින් අපි යන්න කලින් සොජෝර්නෝ එක ලැබෙයි කියලා හිතුවා, ඒකයි ටිකට් කලේ වගේ දේවල් කියනවා.ඒ වගේ වෙලාවල් වල permesso di soggiorno provvisorio අවස්තා තිබුනා.

ඒ වගේම පහුගිය ටිකේ මගෙන් ගුවන් ටිකට් පතක් මිලදී ගත්තු නං​ගි කෙනෙක්ට ලමයට permesso di soggiorno provvisorio දීලා තිබුනේ නෑ.ඒ නිසා එයා වෙනත් කුස්තූරා එකකට ගිහින් නැවත් ඉල්ලුවාම දීලා තිබුනා.

මට හිතෙන විදියට ඔබ ඉදිරිපත් කරන හේතුව අනුව තමයි මේක වෙන්නේ…

Similar Posts