නාඳුනන පුද්ගලයන් හරහා විදේශ මුදල් මෙරටට එවීම ඊට අදාළ පාර්ශ්වකරුවන්ට දැඩි නීතිමයඅවදානමක් ගෙන දෙන්නක් බවක් බවට ආරක්ෂක අංශ අනතුරු අඟවයි.විදෙස්ගත ශ්‍රමිකයින් විසින් මෙරටට මුදල් එවීමේදී මැදිහත්කරුවන් යොදා ගනිමින් උණ්ඩියල් ක්‍රමය අනුගමනය කරනු ලැබුවද, එය මේ වන විට මෙරට ආරක්ෂක අංශවල දැඩි අවදානයට ලක්ව තිබේ.අදාළ උණ්ඩියල් ක්‍රමය යොදා ගනිමින් බොහෝවිට විදේශ මුදල් හුවමාරුව සිදුවුවද, එහි නියෝජිත ඒජන්තවරුන් ලෙස කටයුතු කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව අනාවරණයවී ඇත.

එවැනි පසුබිමක් තුළ තවදුරටත් එවන් අනීතික ක්‍රම යොදා ගැනීම කුමන පාර්ශ්වයකට වුවද දැඩි අවදානමක් ගෙන දෙන්නකි.උණ්ඩියල් ක්‍රමය ඔස්සේ මුදල් හුවමාරු කර ගත් බොහෝ පිරිසකට අනවශ්‍ය නීතිමය ප්‍රශ්නවලට පවා මුහුණ දීමට සිදුව ඇතැයි රජයේ බුද්ධිසේවා ආරංචිමාර්ග සඳහන් කරයි.

ඒ ඒ ගිණුම්වලට මුදල් බැර වී තිබූ ආකාරය සම්බන්ධයෙන් ආරක්ෂක අංශවල දැඩි අවධානය යොමුව තිබීම ඊට හේතුවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here