දිය නෑමට ගිය පියා සහා පුතා දියේ ගිලී මියයයි.
Tragedia in Trebbia ප්රදේශයේ දිය තම පුතා දියේ ගසාගෙන යාමේදි ඔහු බේරගැනීමට ඉදිරිපත්වූ පියාද දියේ ගසාගෙන ගොස් මිය යෑමේ පුවතක් මීට ස්වල්ප වේලාවකට කලින් ඉතාලි මාද්ය මගින් දැනුම් දී තිබෙනවා.
දියේ ගාසාගෙන යෑමෙන් පසුව ගිනි නිවීමේ හමුදාවේ කිමිදුම්කරුවන් විසින් කල පරික්ශාකිරීමෙන් පසුව ඔවුන්ගේ සිරුරු හමුවී තිබෙනවා.
පියා 60 වන වියේ පසුවන පුද්ගලයෙකු වන අතර පුතා අවුරුදු 25 ක තරුනයෙක්. ඔවුන් ශ්රී ලංකාවේ වයික්කාල ප්රදේශයේ පදිංචි කරුවන්.
පුතා කිමිදීමෙන් පසුව නැවත මතු නොවීම නිසා තම පියා ඔහුව ඉදිරිපත් වී තිබෙනවා. ඉන්පසු පවුලේ සාමාජිකයින් හදිසි ඇමතුම් අංකයට දැනුම් දීමෙන් පසුව Bobbio සහ Bologna ප්රදේශවල ගිනි නිවීමේ හමුදාවේ කිමිදුම්කරුවන් පරීක්ශා කර තිබෙනවා. මීට අමතරව හෙල්කොප්ටරයක් හා කුඩා බෝට්ටු මගින්ද පරික්ශා කිරීමෙන් පසුව ඔවුන්ගේ නිසල දේහය හමුවී තිබෙනවා.