|

ස්පොන්සර් වීසා නැතිව ඉතාලි වීසා (ෆෝරි කෝටා/ස්පෙශල් වීසා)

2024 මාර්තු මාසයේ ඉතාලියට වීසා අයදුම් කිරීමට ස්පොන්සර් නීතියක් අනුමත වී ඒ සදහා මේ වන විට සමහර ඛාන්​ඩ වලින් නුල්ලා ඔස්තා නිකුත් වී තිබෙනවා.මේ අතර ඉතාලි සමාජයේ නිතරම කතා වෙන ෆෝරි කෝටා එනම් කෝටාවෙන් පිට වීසා,ස්පෙශල් වීසා ගැන පොඩි දැනුවත් කිරීමක් කරන්න අවශයයැයි සිතුනා.

මෙය පාර්ලිමේන්තු අනුමැතිය ලැබි කාලයෙන් කාලයට විදෙශ රටවල් වලින් පුද්ගලයින් ගෙන්වීමේ ස්පොන්සර් නීතියට වඩා වෙනස් ක්‍රමයකි. මෙය සංක්‍රමණ පිළිබඳ ඒකාබද්ධ නීතිය (D.Lgs. n. 286/98, art. 23) යටතේ කලින් සදහන් කල ප්‍රවාහ නියෝගයේ කෝටාවෙන් පිටත ක්‍රියාත්මක වන නිසා බොහෝ දෙනෙක් මෙයට ෆෝරී කෝටා නොහෙත් කෝටාවෙන් පිට නිතිය ලෙස නම් කරනවා.

මෙය Ministero del Lavoro e delle Politiche Sociali ආයතනයෙන් බලය පවරන ලද වෘත්තීය සහ සිවිල් භාෂාමය පුහුණු වැඩසටහන් සදහා වසරේ ඔනෑම දිනයකදි විදෙශයකින් පුද්ගලයෙකු ගෙන්වීමේ වැඩ සටහනකි.

මෙම වැඩසටහන් සදහා පුද්ගලයින් ගෙන්විය හැක්කේ කාහටද?

  • all’art. 2 del d.lgs. n. 267/2000 පණත යටතේ ලියාපදිංචි වී සිටින වෘත්තීය සමිති සහ සංගම් සදහා පුද්ගලයෙකු ගෙන්වීමට යෝජනා කල හැක.
  • nazionali dei datori di lavoro e dei lavoratori සංගම් ව්වලින් පුද්ගලයින් ගෙන්වීමට යෝජනා කල හැ​ක
  • ඉතාලියේ පිහිටුවා තිබෙන රාජ්‍ය නොවන සංවිදාන මගින්
  • විදේශිකයින්ගේ සුබසාදනය වෙනුවෙන් වැඩකිරීමට පිහිටුවා තිබෙන Registro delle associazioni e degli enti che operano in favore degli immigrati ආයතන මගින්
  • විශ්වවිද්‍යාල සහ පර්යේෂණ ආයතන, ITS Academy, Centri Provinciali per l’Istruzione degli adulti (CPIA) ආයතන මාර්ගයෙන්
  • ඉතාලි සහයෝගිතා නියෝජිතායතනයේ ලැයිස්තුවේ ලියාපදිංචි සිවිල් සමාජ සංවිධාන සහ අනෙකුත් ලාභ නොලබන ආයතන මාර්ගයෙන්. Organizzazioni della società civile e altri soggetti senza finalità di lucro iscritti all’Elenco dell’Agenzia per la Cooperazione italiana;
  • Enti del terzo Settore iscritti al Registro Unico Nazionale del Terzo Settore (RUNTS)
  • 2001 මැයි 25 දින කම්කරු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශයේ නියෝගයට අනුව වෘත්තීය පුහුණු ක්‍රියාකාරකම් සහ රැකියා සේවා සිදු කිරීම සඳහා එක් එක් කලාප/ස්වාධීන පළාත් විසින් ප්‍රතීතනය කරන ලද ආයතන. 166.Organismi accreditati dalle singole Regioni/Province Autonome per lo svolgimento di attività di formazione professionale e servizi al lavoro ai sensi del Decreto del Ministero del Lavoro e della Previdenza Sociale del 25 maggio 2001 n. 166.

මෙය බැලුවාම ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් කියලා ඔබටත් හැගෙන්න පුලුවන්. ඇත්ත වශයෙන්ම ඔව්. මෙම ක්‍රමයට ගැලපෙන ආයතනයක් තෝරාගැනීම ඉතාමත් අපහසු කාරනයක්. ඒ වගේම ලංකාවේ සිට පැමිනෙන පුද්ගලයා සතුව ලංකාවේ ප්‍රධාන ආයතනයකින් නිකුත් කල නිපුනතා සහතික පත් ඔහු සතුව තිබිය යුතුයි.

අයදුම් පත් යො​මු කිරීම සදහා අවශ්‍ය ලිපි ලේඛන.

  • Passaporto (o altro documento di identità equipollente) in corso di validità del lavoratore / Passaporto (o
    altro documento di identità equipollente) in corso di validità del lavoratore;
  • Ricevuta della richiesta/ certificato di idoneità alloggiativa riguardante l’alloggio del lavoratore / Documentazione relativa alle modalità di sistemazione alloggiativa per il lavoratore straniero: Idoneità alloggiativa;
  • Cessione Fabbricato /Cessione Fabbricato ex art.7 del D.Lgs. 286/98;
  • Autocertificazione dell’iscrizione camera di commercio corredata del documento di identità del datore di lavoro in corso di validità (se extracomunitario, permesso di soggiorno e passaporto in corso di validità)           / Autocertificazione dell’iscrizione dell’impresa (datore di lavoro) alla Camera di Commercio, Industria e Artigianato corredata del documento di identità del datore di lavoro (se extracomunitario, permesso di soggiorno e passaporto in corso di validità);
  • Autocertificazione della posizione previdenziale e fiscale  /Autocertificazione della posizione previdenziale e fiscale atta a comprovare la capacità occupazionale e reddituale del datore di lavoro;
  • Attestato di frequenza rilasciato dall’Ente di Formazione a seguito di esame finale / Attestato di frequenza rilasciato dall’Ente di Formazione a seguito di esame finale, con indicazione delle competenze e delle conoscenze acquisite nel corso di formazione e di istruzione svolto nei Paesi di origine, nell’ambito di progetti finanziati dal Ministero del Lavoro e delle Politiche Sociali nel quadro di Avvisi pubblici; indicazione data di conclusione del programma;
  • Proposta di lavoro per la stipula di un contratto di soggiorno / Proposta di lavoro per la stipula di un contratto di soggiorno per lavoro subordinato a tempo indeterminato o determinato con orario a tempo pieno o a tempo parziale e non inferiore a 20 ore settimanali. L’impegno al pagamento alle spese di viaggio per il rientro del lavoratore nel paese di provenienza.

මේ සදහා අයදුම්පත් පිරවීමට https://www.integrazionemigranti.gov.it/ මගින් සිදුකිරීමේ හැකියාව තිබෙනවා.ඒ සදහා Spid/Cie මාර්ගයෙන් ඇතුල් වීමට හැකියාව තිබෙනවා. කිසි ලෙසකවත් මේ සදහා ලංකාවේ සිටින පුද්ගලයෙකුට වෙබ් අඩවියට ඇතුල් වී අයදුම්පත් පිරවීමට හෝ ලියාපදිංචී වීමට හැකියාවක් නොමැත.

ඔබ මේ සදහා අයදුම් කරන්නේ නම් නිවැරදි දැනුමක් ඇති විශ්වාසවන්ත ආයතනයක් හෝ ඉතාලියේ ලියාපදිංචි Caf/Patronato ආයතනයක් තෝරාගන්න.ඔබ තෝරාගන්නා ආයතනය හා ලංකාවේ සිටින මේ සදහා අයදුම් කරන ඔබගේ නිපුනත සලකා බලා ෆ්‍රෙපෙත්තූරා ආයතනය නුල්ලා ඔස්තා නිකුත් කරනුයේ.
එම නුල්ලා ඔස්තා නිකුත් කිරීමෙන් පසුව vfs නියෝජිත ආයතනය මගින් ඉතාලි එම්බසියට පාස්පෝර්ට් එක හා නුල්ලා ඔස්තාව ඉදිරිපත් කර වීසා ලබා ගැනීමට හකියාව තිබෙනවා.

 

Similar Posts