ශ්රී ලාංකීකයන්ට ඉතාලියට ඇතුල්වීමේ තහනම තවත් දීර්ඝ කරයි.
දකුණු ආසියානු රටවල පැතිරීයන නව කො_රෝනා ප්රභේදය හේතුවෙන් ඉතාලියට ඇතුල්වීම තහනම් කළ රටවල් අතරට ශ්රී ලංකාවද එක් කරමින් අප්රියෙල් 29 නව ගැසට් නිවේදනයක් නිකුත් කලබව ඔබට මතක ඇති.
එම නීතිය දෙවෙනි වතාවටත් මැයි මස 15 වනදා සිට මැයි 30 දක්වා දීර්ගකිරීමක් සිදුකරනු ලැබූවා. වර්තමානයේ ඉන්දියාවේ, බංගලාදේශයේ හා ශ්රී ලංකාවේ කෝවීඩ් 19 යේ වර්දනය සලකා බලා තුන්වන වතාවටත් දීරග කිරීමට අද දින තීරනය කරනු ලැබූවා. එනම් ජූනි මස 21 දක්වා ලංකාවේ සිට ඉතාලියට පැමිනීම තහනම් වේ.