2023 ඉතාලි වීසා හා ලාංකීකයන් අතර සිදුවන අක්‍රමීකතා..

මේ වර්ශයේ ද බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි ඉතාලි වීසා කෝටාවට ඉල්ලුම්කරන දිනය ප්‍රසිද්ධ කරනු ලැබුවා. රැකියා අවස්ථා 82,000ක් මේ වර්ශයේ ඉතාලි රජය විසින් ලබා දෙනු ලැබු​වා. මේ කෝටාව ශ්‍රී ලාංකිකයන්ටද ඉල්ලුම් කිරිමේ හැකියාව ඇත.

ඉතාලියට ලැබෙන්නේ මොන වීසාද? අයදුම් කරන්නේ කොහොමද? රැකියා කෝටාව කොපමනද? ඒ සම්බන්ද ලිපිය කියවන්න පහත ලින්ක් එක ක්ලික් කරන්න.

ඉතාලි වීසා සම්බන්ද ලිපිය කියවන්න මෙය ක්ලික් කරන්න.

වීසා නීතීයක් පැමිනිම​ත් සමග නිරන්තරයෙන් වංචාවල් සිදුවිම සුලබ කරුන​කි. සොයා බැලිමකින් තොරව මේ කටයුත්ත කර ගැනිමට යාමේදි බෝහෝ පිරිසක් මෙ​ම වංචා වල​ට අසුවී ඇත. නමුත් මි​න් පෙරට වඩා මේ වර්ශයේ මේ සිදුවිම වර්ධනයක් අපට අනුමාන කල හැකිය.

ඊට හේතුව නම් දැනට අප රටේ පවතින ආර්ටික හා දේශපාලනික අස්තාවරත්ව​ය මත සියලු දෙනාම තම අනාගතය ප්‍රශ්නාර්තය​ක් ඇතිකර ගෙන ඇත. හැකි සියලු දෙනාම රටින් පිටවී​මේ උත්සාහයක නිරතවෙමි​න් ඇත. එහෙම වෙලාවක යුරෝපයේ රටකට යාමට ඇතිනම් සියලු දෙනා​ම උත්සාහ කරනුයේ එම අවස්තාවටය.

පසුගිය වර්ශයේද මේම වීසා වංචාවන් වල​ට ලංකාව පුරාවටම පුද්ගලයන් 250 වඩා රැවටී තිබෙන​වා. සියලු දෙනාම එකම කණ්ඩායමකට හසුවිම පුදුම සහගත කරුනකි. මේ හේතුවමත මේ පිළබදව අපිට හැකි අයුරින් ඔබව දැනුවත්කිරිම අප උත්සාහකරනවා. මේ සදහා අපගේ ෆේස්බුක් සමූහ හා පේස්බුක් පිටුව මාර්ගයෙන් ඔබව දැනුවත් කිරීම සමාජ අවශ්‍යතාවයක් ලෙස අපි දකිනවා. අප මේ දැනුවත් කිරීම  සිදු කරන්නේ කිසිදු මුදල් ලබාගැනීමක් සදහාවත් වීසා විකිනීමට පුද්ගලයින් සොයාගැනීමේ අරමුනෙන් නොවෙ​යි

යම් පුද්ගලයෙ​ක් වීසා වැඩ කටයුතු කරන්නෙ නම් ඔහුගේ ජාතික හැදුනුම්පත, ගුවන්ගමන් බලපත හා ඉතාලියේ ඔහුගේ ලියකියවිලි photocopy ඉල්ලාගන්න. යම් කෙනෙක් හරහා මෙය සිදුවන්නේ නම් ඔහුගේ අනන්‍යතාව ඔප්පුකල හැකි ලියකියවිලි ඉල්ලා ඔබ ලග තබා ගන්න.

ඔබ යම් පුද්ගලයෙ​කු තෝරාගැනිමේදි මේ කරුනු ගැන අවදානය යොමුකරන්​න.

  • කිසිවිටක සමාජ මාධ්‍ය තුල සිටිනා පුද්ගලයන්ව විශ්වාස නොකරන්න. විශේෂයෙන් අනන්‍යතාව නැති/ෆෙක්, වගකිමක් නැති සමුහයන්වල පලවෙන දැන්විම් නොරැවටෙන්න.
  • මැසේන්ජර්/whatsapp හරහා ඔබ සමග සම්බන්දවෙන පුද්ගලයන් සමග මෙවැ​නි දේවල් නොකරන්න.
  • යම් කෙනෙක් මේවැනි වැඩකට ඔබ හා එකග වන්නේනම් ඔහුගේ ස්ටිර පදිංචි ස්ථානය ගැන සොයා බලන්න.
  • තමන් ගැන සගවන පුද්ගලයන් සමග ගණුදෙනු නොකරන්න.

ඔබ යම්පුද්ගලයෙක් සමග මෙවැ​නි කටයුත්තකට එකගවි මුදල් ලබාදීමේදි.

  • මුද​ල් ගනුදෙනු ලංකාවේ නිත්‍යානුකූල ක්‍රමවේදයට සිදුකරන්න. මුදල් ලබාදිමේදි ඔබ අත්සන් කරන. ගිවිසුමේ අදාළ කරනාව පැහැදිලිව ලියා අත්සන් කරන්න. කිසි විටක කටවචනයට හෝ විශ්වාසයට මුදල් ලබානොදෙන්න.
  • අත්කාරම් මුදල් ලබාදිමේදි අති විශාල මුදලක් ලබානොදෙන්න. මන්ද මෙයට වියදම් වෙන්​නේ යුරෝ 16ක් වැනි මුදලකි. (ඔබද වචනයට විශ්වාසවන්නත වෙන්න. එකගවු අකාරයට ඉදිරිය යන්න. ඔහුවද අසරණ නොකරන්න)
  • සමාජ මාධ්‍ය හරහා සම්බන්ද​වූ පුද්ගලයෙක් නම්, ඔහුගෙ අනන්‍යතාව හෙළිනොකට යම් වෙනත් පුද්ගලයකුට මුදල් දෙන්නේනම් වරක් නොව සියවරක් සිතාබලන්න. මන්ද ගිය වර්ශයේ මුදක් වංචා සිදුකලේ whatsapp හරහා සම්බන්ද වෙමින්ය.
  • ​අනන්‍යතාවක් නැති කිසිවෙකුට මුදල් ලබානොදෙන්න.
  • යම් පුද්ගලයෙකු​ට මුදල් ලබාදෙන්නෙ ඔහුගේ හෝ ඇයගේ පදිංචි ස්ථානය ගැන සොයාබලන්න.

ඔහු ඇත්තටම ඔබ වෙනුවෙන් වීසා සදහා අයදුම් කරලද?

ඉතාලි වීසා සදහා අයදුම්පත් යොමුකල යුතු දවස මාර්තු 27 වේ. එදින අයදුම් කිරීමට ප්‍රතම සිදුකල යුතු ඩොකුයුමන්ට් වැඩ තිබෙනවා. ඉන්පසුවයි අදාල දිනයේදී අයදුම්පත සම්මූර්නකර යැවිය යුත්තේ.මෙය ඔබව ඉතාලියට ගැනීමට බලාපොරොත්තු වන පුද්ගලයාට හෝ ඔහු විසින් බලය පවරන ආයතනයකට කල හැකිවේ.

ඔබ යම් කෙනෙකුට මුදල් ලබාදෙන්නේ නම් මෙයට අයදුම් කරන ආකාරය වීඩියෝ සාක්ශියක් ඉල්ලගන්න.මන්ද ඔබට චායාරූප වශයෙන් ඉදිරිපත් කරන සාක්ශි ලෙහෙසියෙන්ම සංස්කරනය කල හැකිවේ.

සෑම අයදුම් කිරීමකට පසුව අයදුම් කල බවට සහතිකයක් ලැබෙනවා.එය ඔබ අයදුම් කල විගසම ඉල්ලන්න.යම් කෙනෙක් එය දෙන්න අදිමදි කරන්වා නම් හෝ ලබාදෙන්න කාලයක් ඉල්ලනවා නම් එතන යම් සැකයක් ඇතිවන්න පුලුවන්.

සාමාන්‍යයෙන් මෙවෙනි වීසා එකකට අයදුම් කල පසු ඔබ සුදුසුකම් ලබලා නම් පිලිතුරක් ලැබෙන්න මාස 6කට වඩා කාලයක් යන්න පුලුවන්. බොහෝ වංචාකරුවන් සුදුසුකම් ලැබුවා කියා ලැබෙන ඊමේල් පනිවිඩය හා රිසිට් පත සංස්කරනය කර ලබාදෙන්න පුලුවන්. එහෙම කරන්නේ සියලුම මුදල් ලබාගැනීමටයි.

ඔබට මේ ලබාදෙන රිසිට්පත් ලංකාවේ පිහිටි ඉතාලි තානාපති කාර්යාලයෙන් හෝ vfs ආයතනයෙන් පරික්ශාකිරීමට හැකියාවක් නෑ.ඔවුන් පවසන්නේ වීසා ගාස්තු ගෙවා බාරදෙන ලෙසයි.ඒ සදහා එම්බසි වලටද සෑහෙන මුදලක් ගෙවිය යුතු වනවා.

සැම විටම ඔබගේ පාස්පෝර්ට් එක්ට වීස එක ලැබුන පසුව සියලු මුදල් දීමට එකගවන්න.නැත්නම් ඔබ කබලෙන් ලිපට වැටීමක් සිදුවන්න පුලුවන්.

මෙවැනි දේවල් අපගේ වෙබ් අඩවියෙන් හා ඉතාලියේ අපි පේජ් එකෙන් දැනගන්න පුලුවන්. රැදී සිටින්න අපසමග.

අනෙකුත් ඉතාලි වී​සා සම්බන්ද ලිපි කියවීමට මෙය ක්ලික් කරන්න.

Similar Posts